Author: LANKA24X7

එදා මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබූ බවත්, එම ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇතිකළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එමඟින් විදේශීය සිසුන්ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ශණය කරගත හැකි අතර එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 09දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙල අමතමින්. මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා සෑම අයෙකුටම නිසි වයසේ දී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යාමට හැකි පසුබිම නිර්මාණය කළයුතු බව ද සඳහන් කළා.…

Read More

ලොතරැයි පතක මිල ලබන ජුලි මස පළවෙනිදා සිට රුපියල් 40 දක්වා වැඩි කිරීමට රජය පියවර ගනිමින් සිටින බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන්ත ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය. ඒ අනුව රුපියල් විස්සක ලොතරැයි පතක් දෙගුණයකින් වැඩිවනු ඇත. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ බව සනාථ කර සිටියේය. මෙම වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බවත් එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි . මේ අතර ලොතරැයි පත්වල මිල වැඩි කරන්නේ නම් දැනට අලෙවි නියෝජිතයින්ට එක් ලොතරැයි පතක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 3. 75 ක කොමිස් මුදල රුපියල් 8 දක්වා වැඩි කළ යුතු බවද ක්‍රිෂාන්ත මහතා පෙන්වා…

Read More

දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (10) පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 69ක් වූ දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිකරුවෙක්. මෙම ඝාතනය සිදු කළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

Read More

අක්මීමනදී පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 21 හැවිරිදි අක්මීමන වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඊයේ රාත්‍රියේ (11) 11.30 ට පමණ අක්මීමන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු පොලිස් යතුරුපැදියකින් ගමන් කරමින් සිට තිබෙනවා. එහිදී සැකකටයුතු ස්කූටි වර්ගයේ යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබෙනු දැක පොලිස් නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ගොස් ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් දෙදෙනා පලායාමට උත්සහ කර ඇති බව සඳහන්. ඔවුන් පලායෑම වැළැක්වීමට උත්සහ කිරීමේදී පොලිස් නිලධාරීන් සමඟ පොරබැදීමක් සිදුව ඇති අතර, එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් දෙසට අත්බෝම්බයක් විසි කිරීමට උත්සහ කර තිබෙනවා. එහිදී එක් පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමක් සිදුකර…

Read More

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇතැම් සිසුන් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම තුළින් පිළිඹිබු වන්නේ සමාජය තුළ පවතින ප්‍රචණ්ඩකාරී මානසිකත්වය බව මනෝ විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පාසල්වල සම්පත්වලට සහ රජයේ දේපලවලට හානි කිරීම මෙන්ම ගැටුම්කාරි තත්ත්වයන්ට මැදිවූ අවස්ථාවන් කිහිපයක් ද පසුගිය දිනවල වාර්තා වුණා. දිඹුලාගල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් පන්ති කාමරවල විදුලි පංකා සහ දොරවල් කඩා බිඳදමා ගොස් තිබූ අතර, එහි විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියට පැමිණිලි කර තිබුණා. එසේම, කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් පසුගියදා සිසුවෙකුට විකට් පොල්ලකින් පහරදීම හේතුවෙන් සිසුවා රෝහල් ගත කළ අතර, අත්අඩංගුවට ගත් සිසුන් 6…

Read More

කොළඹ – වන් ගෝල්ෆේස් සංකීර්ණයේ පීට්සා අවන්හලක සේවකයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සුරාබදුු නිලධාරින්, ක්ෂේත්‍ර රාජකාරිවල යෙදීම අත්හිටුවීමට සුරාබදුු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දින දෙකක් තුළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ඇත්තේ. වන් ගෝල්ෆේස් සංකීර්ණයේ හය වන මහලේ පිහිටි පීට්සා අවන්හලකදී මෙම ගැටුම ඇති වුණේ පසුගිය 05 වනදා රාත්‍රියේයි. සේවය අවසන් කර නිවසට යාමට සූදානම් වූ අවන්හල් සේවකයෙකු තම හෙල්මටය මේසයක් මත තබා ගොස් තිබුණා. ඒ අතරතුර එහි පැමිණෙන සුරාබදු නිලධාරීන් පිරිසක් එම හෙල්මටය රැගෙන යාමට උත්සහ කර යළිත් එය එහි තබා ඇති බවටයි සීසීටීවී දර්ශනවලින් අනාවරණ වී…

Read More

ශ්‍රී ලංකාවේ කීර්තිමත් මෙන්ම සුන්දර ස්වභාවික පරිසර පද්ධතියකින් සමන්විත පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජනතාවට නැරඹීම සඳහා ජූලි 1 වනදා විවෘත දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ඕපන් ඩේ 2023 ලෙසයි. මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයට ආසන්නව හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම සහ මහවැලි ගංඟාව අතර මනරම් පරිසරයකයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ. වසර 80 කට පෙර ආරම්භ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙලෙස ජනතාවට නැරඹීම සඳහා විවෘත වන්නේ පළමු වරටයි. එදිනට විශ්වවිද්‍යාලයේ සියළුම පීඨයන් ජනතාව වෙනුවෙන් විවෘතව තැබෙන අතර, ඒ තුළ විද්‍යා ප්‍රදර්ශනයන් සහ සංස්කෘතිකාංගයන්ද දැක බලාගැනීමට අවස්ථාව හිමිවනු ඇති. එමෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳ පවතින ගැටළු නිරාකරණය කරගැනීමට හැකියාව ලබාදී ඇති බව…

Read More

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දහ 19 කට අධික රන් භාණ්ඩ, සුවඳ විලවුන්,රූපලාවන්‍ය භාණ්ඩ අස්ථානගත වී ඇති බවට ඇය විසින් වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සේවිකාවක් වශයෙන් සිටි කාන්තාවක් විසින් මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇති බව‍යි ඇය පොලීසියට පවසා තිබෙන්නේ. මීට පෙර ද ඇයගේ නිවසේ රන් භාණ්ඩ නොමැති වූ බවට සැක කරමින් වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවකට පහර දුන් බව කියන හේතුවකින් රෝගාතුරවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී ඇය මියගොස් තිබෙනවා. එම සිදුවීමට අදාළව වැලිකඩ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් නිලධාරින් පිරිසකට ස්ථාන මාරු ලබා දීමටයි පොලිස් මූලස්ථානය කටයුතු කළේ. කුරේ මාවත රාජගිරිය ප්‍රදේශයේ නිවසේ…

Read More

පසුගිය වසර හතරක කාලයක් තුළ අලුතින් මිලියන 4ක ජනතාවක් දිළින්දන් බවට පත්ව ඇති බව වාර්තා වනවා. ලර්න් ඒෂියා ආයතනය දිවයිනම නියෝජනය කරමින් සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළිවී තිබෙනවා. ඒ අනුව 2023 වන විට රටේ සිටින මුළු දිළින්දන් ප්‍රමාණය මිලියන 7ක් බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා. අදාළ සමීක්ෂණයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන අයගෙන් සියයට 81ක් ග්‍රාමීය ජනයා වන අතර 2019 සිට සියයට 15ක අගයක පැවති ග්‍රාමීය දරිද්‍රතාවය සියයට 32 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර 2019 දී සියයට 6 ක මට්ටමක පැවති නාගරික දරිද්‍රතාව සියයට 18 දක්වා තුන් ගුණයකින් ද වැඩි වී ඇති අතර වතු ප්‍රජාවෙන් අඩකට වැඩි…

Read More

මෙරටින් වාර්තාවන මුළු ඩෙංගු රෝගීන් අතරින් සියයට විසි පහක් පාසල් ළමයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ඩෙංගු උවදුරින් ළමයින් ආරක්ෂාකර ගැනීම සදහා පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ සිදුකළ අතර එය අද (11) දිනයේද එය ක්‍රියාත්මකයි. මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 42,184 ක් වාර්තාවන අතර ඩෙංගු අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ සංඛ්‍යාව 61 ක් හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සඳහන් කළේ.

Read More