Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මහනුවර බාලිකා පාසලක අධ්‍යාපනය හදාරන 15 හැවිරිදි සිසුවියක් එම පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලින් බිමට පැන තිබෙනවා. තුවාල ලැබූ සිසුවිය මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්. මෙම සිසුවිය ඊයේ (09) පෙරවරු 11.30ට පමණ පාසලේ පිහිටා ඇති ගොඩනැගිල්ලක අඩි 15ක් පමණ උසක සිට බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ. එම සිසුවිය එම පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසින් ද කටයුතු කරන අතර කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බව සඳහන්. තුවාල ලැබූ සිසුවිය එම පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසින් ද කටයුතු කරන අතර කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බව සඳහන්. මෙම සිසුවියට අමතක වීමේ රෝගයක් පවතින බව සිසුවියගේ දෙමව්පියන් විසින් පොලීසිය දැනුවත් කර…
කළුතර ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සිසුවියන් 16 දෙනෙකු පමණ අපයෝජනය සහ ලිංගික හිරිහැරවලට පත් කර තිබෙන බවට පොලිසියට පැමිණිලක් ලැබී තිබෙනවා. අදාළ ගුරුවරයා එම ප්‍රදේශයේ ගණිතය විෂය උගන්වන ගුරුවරයෙකු බවයි වාර්තා වී ඇත්තේ. අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් ඔහුගේ මෝටර් රථයෙන් කළුතර ලාගොස්වත්ත කැළෑබද ප්‍රදේශයකට රැගෙනගොස් මෝටර් රථය තුළදී ලිංගික හිරිහැර කර ඇති අතර පන්ති කාමරය තුළ දී ද අදාළ සිසුවියන්ට ලිංගික හිරිහැර සහ අපයෝජන සිදු කර ඇති බවයි අදාළ සැකකරු දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වීමට කටයුතු කර ඇති අතර දෙමව්පියන් නොමැති අවස්ථාවලදී දැරියන්ට ඇදුම් ඉවත් කරන ලෙසට උපදෙස් දී එම දර්ශන ද…
මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතා, පෙම්වතාගේ පියා සහ ඥාති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් අද මිනුවන්ගොඩ පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි වාර්තා වන්නේ. මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර පෙම්වතිය ඇයගේ පෙම්වතා විසින් පැහැරගැනීමේ සිදුවීමක් පසුගිය දිනක වාර්තා වුණා. එම තරුණයාද ඕපාත ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බවයි වාර්තා වන්නේ. දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් තිබී ඇති අතර බාල වයස්කාර පෙම්වතිය එම සබඳතාවය බිඳ දැමීම හේතුවෙන් මෙම තරුණයා දිගින් දිගටම ඇයට තර්ජනය කර තිබෙනවා. ඒ හේතුවෙන් දැරියගේ පවුලේ පිරිස ඇයව…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (10) දින ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලවිශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බාවත් සඳහන්. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග…
දෙහිවල වායු සමීකරණ අලුත්වැඩියා මධ්‍යස්ථානයක දී පුද්ගලයෙකුට පහර දුන් බවට සැකකෙරෙන පුද්ගලයින් 14 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (09) රාත්‍රීයේ වූ මෙමම පහරදීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ. පහර කෑමට ලක්ව ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
දූෂණ චෝදනා ලබා සිටින නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (9) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. ඒ අනුව අද රාත්‍රී 12.00 සිට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු සියලුම සේවා වාරවලින් ඉවත් වීමට තීරණය කළ බව ද කීය. අදාල නිලධාරියා දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පත් නොකරන ලෙස දිගින් දිගටම දුම්රිය බලධාරීන්ට දැනුම් දුන්න ද ඒ පිළිබඳව අවදානය යොමු නොකරන බව කී කසුන් චාමර මහතා එම සංගමයේ විධායක සභාව හදිසි වැඩවර්ජනයකට යෑමට තීරණ කළ බව ද සඳහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (09) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කෙරුණි. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදීය. 2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට චෝදනා එල්ලවී තිබේ. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පැහැරගෙන යාමට ලක්වූ බව කියන අමිල ප්‍රියංක අමරසිංහ නමැත්තා කියා සිටියේ 2015 වසරේ තමා දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසැලක සේවය කළ බවය. එම වෙළඳසැලට චමිලා ගීතානි නමැත්තිය වරින් වර පැමිණි බවත් පසුව…
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට අද (09) සිට සේවයට වාර්තා කිරීමේ අවස්ථාව ලබාදී තිබේ. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශය තුළම රැකියාවේ නිරත වූ පුද්ගලයින් තමා සේවය කරන ආයතන ප්‍රධානියා හරහා වෙනත් ආසන්න බලප්‍රදේශයක් වෙත ස්ථාන මාරුවක් කර ගත යුතු බවය. එසේ සේවයට වාර්තා කරන පුද්ගලයින්ට සියලු දීමනා සහිතව පූර්ණ වැටුප ලබාදීමට තීරණය කර තිබේ. නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශයට පරිභාහිරව සේවයේ නිරත වන තැනැත්තන්ට ගැටලුවකින් තොරව අද දිනයේ සිට සේවයේ යෙදිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.
රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ යටතේ නව රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනතක් බලාත්මක කිරීමට රජය එකඟ වී තිබුණි. ඒ අනුව 2025 වර්ෂයේ අයවැයත් සමග ක්‍රියාත්මක වන පරිදි එම පනත හඳුන්වා දීම සඳහා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. මැයි 9 අරගලයට අදට (09) වසරක් සැපිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. ලෝක ඉතිහාසයට දරුණු කළු පැල්ලමක් එක්කළ ප්‍රචණ්ඩත්වයේ ඛේදවාචකයට අදට වසරක් සපිරෙන බව ද පැවසු අමාත්‍යවරයා මෙවැනි තත්ත්වයක් යළි දිනක උදානොවීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද පැවසීය. “අපි ඉල්ලා සිටියා ජනාධිපතිතුමාගෙන් ප්‍රචණ්ඩ ප්‍රජාතන්ත්‍ර විරෝධී, තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති දේශපාලනයක් කරන්න, තමන් කැමති සංස්කෘතියක් වැළඳගන්න මනුෂ්‍යායට තියෙන අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්…
