Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තේ මිල අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් අඩු වී ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පවසයි. රුපියලේ අගය ඉහළ යාමත් ,තේ සැපයුම වැඩිවීම සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාමත් ඊට බලපා ඇතැයි ඔහු කීවේය. සාමාන්‍ය තේ කිලෝවක් මිල රුපියල් 1,500ක් පමණ වුවද එය මේ වන විට රුපියල් 1000 පමණ දක්වා අඩු වී ඇතැයි ද හෙතෙම කීවේය. තේ කර්මාන්තය පවත්වාගෙන යාමට එය බරපතළ ගැටලුවක් වී ඇතැයි කියති. රුපියල් 250 ,260, 270 ආදි වශයෙන් පැවැති අමු තේ දළු කිලෝවක මිල මේ වන විට රුපියල් 165ක් පමණ දක්වා අඩුවී ඇත.
තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් “මුතු රාජා ” නොහොත් ” සක්සුරින් ” හස්තියා යළි තායිලන්තය වෙත රැගෙන යාම සදහා දින අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ. එම හස්තියා මෙතෙක් රදවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන පිටත්වූ එම විශේෂ රථය ඉතා සෙමින් සෙමින් , හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට අද දින අලුයම 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබුණි. මෙම ඇතා ඇතුළත් විශේෂ කූඩුව, ඔහු තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත රුසියානු ” ඉලුෂියන් – 76 ” ගුවන් යානයට පැටවීම ආරම්භ කර තිබේ. මෙම ගුවන් යානය අද…
ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඊට සම්බන්ධ වී ඇති බවද දැනගන්නට තිබේ. එම පිරිස පසු ගිය මාස කීපයේ වරින්වර රැස්වී එම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ.
ආබාධිත, වැඩිහිටි සහ රෝගී ජනතාව සඳහා සහන ලබාදෙන ලේඛනය ලබන සතියේ ප්‍රසිද්ධියට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ අස්වැසුම නාම ලේඛනය සම්බන්ධයෙන් මේ දක්වා අභියාචනා හෝ පැමිණිලි සිදුනොකළේ නම් තවදුරටත් ඒ සඳහා කාලය පවතින බවය. මේ අතර අභියාචනා සම්බන්ධයෙන් සෑහිමකට පත් නොවන්නේනම් එහි පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකරන ලෙස ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසුවේ වෙනත් පාර්ශවවල අවශ්‍යතාවයට ජනතාව විරෝධතා සඳහා ඉදිරිපත් නොවිය යුතු බවය.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවය. දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ද ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස්රථයක් ගිනිගැනීමට ලක්වීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26 දෙනෙකු මියගොස් තවත් 08දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 33 දෙනෙකු සමග පූනේ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද (01) අළුයම මෙලෙස ගිනිගෙන ඇති බවය. අධිවේගී මාර්ගයේ කණුවක ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් ගිනිගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අනතුරින් දිවි ගලවාගත් බස් රථයේ රියදුරා පවසා ඇත්තේ ටයරය පුපුරා යාමෙන් පසු බස්රථය කණුවක ගැටුණු බවය. බස් රථ රියදුරු ඇතුළු තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකර තිබුණි.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. මෙරට වේලාවෙන් අද (01) දහවල් 12.59ට ඉන්දියන් සාගරයේ කිලෝමීටර් 1,260ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසීය. රිච්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්වී ඇති භූ කම්පනය මෙරට ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවද සඳහන්ය. ඒ අනුව කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට භූ කම්පනය දැනී ඇති බව අද දෙරණ වාර්තාකරුවන් පැවසීය. කෙසේවෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසීය.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ සියලුම වර්ගවලට අයත් මත්පැන්වල බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බවය. ඊට අමතරව බියර් වර්ගවල මිල ද එකක් රුපියල් 50කින් ඉහළ දමා තිබේ.
තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු සක් සුරින් හෙවත් මුතු රාජා හස්තියා හෙට (02) යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ තායිලන්තයේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයක් මගින් මෙම හස්තියා යළි රැගෙන යාමට නියමිත බවය. 2001 වසරේදී මෙම සක් සුරීන් නැමැති හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන තිබුණි. එහෙත් මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කළේය. අලුත්ගම කන්දේ විහාරයේ රඳවා සිටි මෙම සක් සුරින් නැමැති හස්තියා තායිලන්තයට රැගෙන යාම සඳහා ඉල්ලා සිටීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබුණි.…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත ණය ප්‍රතිව්‍යුගත වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි. උන්වහන්සේ පවසන්නේ නව ලිබරල්වාදී ක්‍රමවේදය තුළින් සිදුවන්නේ රට තවදුරටත් බංකොලොත් වීම පමණක් බවයි. ඒ පිළිබඳ තවදුරටත් අදහස් දක්වූ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, “මේ රටේ තියන සම්පත් සූරා කාලා. මේ රටේ තියන සම්පත්වලින් පෝෂණය කරලා පෝසත් කරන්නේ නැතුව විදේශීය රටවලින් කන බොන හැමදෙයක්ම ලංකාවට ගෙන ආර්ථික ක්‍රමවේදයක් ඇති කරලා කොම්පැණිවල අතරමැදියෝ හම්බකරන මුදල් ප්‍රමාණය කෝටි ගණන්. විදේශීය බැංකුවලින් ණය අරන් දැන් ණය ප්‍රතිව්‍යුහගතකරනවා කියලා මොකක්දෝ හොර වැඩපිළිවෙලක් යනවා මේ දවස්වල. මොකක්ද මේ ක්‍රමවේදය. මේ රට ඇතුළෙම තියෙන දෙවල් වලින් රට පෝෂණය…
