Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අද (13) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකයි. වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ විටින් විට පැයට කිලෝමීටර් (40-45) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද…
නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11දෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.
මැදගම, ඌරුමුත්තාව ප්‍රදේශයේදී ඊයේ (12) පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට වෙඩි තබා තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මැදගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය පවසනවා. තුවාල ලැබූ පුද්ගලයා 37 හැවිරිදි රුවල්වෙල, තඹාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම පුද්ගලයාට වෙඩි තැබූ පුද්ගලයා වයස අවුරුදු 65ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඔහුගේ ඉඩමට තුවාලකරුගේ ගවයකු ඇතුළු වීම හේතුවෙන් බවයි පොලිසිය පවසන්නේ. සැකකරු අද (13) බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ පිහිටි ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළුවූ පුද්ගලයින් 23 දෙනෙකුට පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නැයි අධිකරණය නියෝග කර තිබේ. කොළඹ නවම් මාවතේ පිහිටි මහල් 09ක ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 23 දෙනාට පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් එලෙස විමර්ශනයක් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අද (12) නියෝග කළේය. සැකකරුවන් පිරිස අධිකරණයට අද ඉදිරිපත් කෙරුණු අතර එක් අයෙකුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2 බැගින් ලබාදී මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.
අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේදී වලව ගඟේ දිය නාද්දී කිඹුලකු විශ්‍රාමික ගුරුවරියක ඩැහැගෙන ගොස් ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි. කිඹුලාගේ ගොදුරක් වූ ගුරුමව ඩැහැගෙන යද්දී අවට සිටි පිරිස් කෑකෝ ගැසීම නිසා කිඹුලා ඇගේ කකුලක් කඩාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. පසුව ප්‍රදේශවාසීන් එක්ව මිය ගිය විශ්‍රාමික ගුරුවරියගේ සිරුරු ගොඩ ගෙන ඇත. කිඹුල් ප්‍රහාරයට ලක්ව මිය ගියේ පී. සමරසිංහ නම් 75 වැනි වියේ පසු වූ විශ්‍රාමික ගුරුවරියකි. ඇය අම්බල්නතොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරයකුගේ බිරිද බවද පොලීසිය කියයි. මිය ගිය ගුරුවරියගේ සිරුර අම්බලන්තොට වාදුරුප්ප ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කොට ඇති අතර මරණ පරීක්ෂණය මේ වන විට සිදු කරමින් තිබේ.
ඌරුබොක්ක, හුලංදාවේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඇතුළුවූ සිව් දෙනෙකුගෙන් යුත් කොල්ලකල්ලියක් රුපියල් කෝටියක මුදල්, රන් භාණ්ඩ සහ ජංගම දුරකථන කොල්ලකා පළාගොස් තිබේ. ව්‍යාපාරිකයා පැවසුවේ, මෙලෙස කොල්ලකා ඇත්තේ, රෝගාතුරව සිටින සිය පුත්‍රයාගේ සැත්කම සඳහා තමා සන්තකයේ තිබූ මුදල් බවය. මෙම ව්‍යාපාරිකයාගේ රෝගීවී සිටින පුත්‍රයාගේ සුවදුක් විමසීමට ඊයේ (11) උදෑසන 11ට පමණ ඥාතීන් සිව්දෙනෙක් ඔහුගේ නිවසට පැමිණ තිබේ. ඒ අතරතුර රතු පැහැති මෝටර් රථයකින් නිවසට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් පිස්තෝල සහ තියුණු ආයුධවලින් සන්නද්ධව නිවසට ඇතුළු වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙක් පමණක් මුහුණ ආවරණය කර සිට ඇති අතර, ඔවුන් නිවැසියන් හා පැමිණ සිටි ඥාතීන් ඇතුළු පුද්ගලයින් 9 දෙනා බිය ගන්වා, කාමර 2ක සිරකර…
පොලිස් අත්අඩංගුවට ගැනීමක් අතරතුර වෙඩිතැබීමක් සිදුවී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ ගාල්ල උරගස්මංහන්දිය ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලීසිය සමග පොරබැදීමක් සිදුවීමෙන් අනතුරුව මෙම වෙඩිතැබීම සිදුවී ඇති බවය. වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර සැකකරු පළාගොස් ඇති බවද වාර්තා වෙයි.
මානසික ආබාධයකින් පෙළෙන එකොළොස් හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසනවා. ටොෆි, චොක්ලට් දෙන බව පවසා රැවටීමකට ලක් කර මෙම දැරිය අපයෝජනය කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී විදුහල්පතිවරයෙක් මියගොස් තිබේ. රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර මාර්ගයේ දී ඊයේ (11) එම අනතුර සිදුව තිබුණි. එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය දෙමළ විද්‍යාලයේ විදුහල්පති කතිර්වේලු සුබ්‍රමනියම් නැමති 52 හැවිරිදි අයෙකි. අද දින පාසල් ආරම්භයට පෙර පාසල පිරිසිදු කිරීම සඳහා සංවිධානය කර තිබු ශ්‍රමදානයක් සඳහා සහභාගී වීමට පාසලට පැමිණෙමින් සිටිය දී ඔහු එම අනතුරට මුහුණපා තිබුණි. අනතුර සිදුවීමෙන් පසු දුම්රිය රියදුරන් එය නොදැක දුම්රිය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර පසුව, දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදුවීම පිළිබඳ දැනුම්දී තිබේ. පසුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව විදුහල්පතිවරයාගේ සිරුර නානුඔය…
බොරැල්ල පොලිස් වසම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහයුමකින් සැකකරුවන් 35ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සෝදිසි මෙහෙයුම පොලීසිය, පොලිස් විශේෂ බළකාය සහ යුද හමුදා නිලධාරීන් ඒකාබද්ධව ඊයේ (11) සිදුකර තිබුණි. එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවන් දෙදෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 15ක් සමග සැකකරුවන් සිව්දෙනෙක්, ගංජා ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 35ක් සමග සැකකරුවන් පස්දෙනෙකු සහ ගංජා මිශ්‍ර මදනමෝදක 91ක් සමග සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව කඩු 02ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු, විවෘත වරෙන්තුකරුවන් දෙදෙනෙකු හා සැකපිට ප්‍රශ්නකිරීම සඳහා සැකකරුවන් 19දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සන්තකයේ තිබී…
