Author: LANKA24X7

වීරගුල පොලිස් වසමේ මංගලතිරිය ප්‍රදේශයේ අත්තනගලු ඔයේ නාඳුනන කාන්තා මළ සිරුරක් ඇති බවට ඊයේ (13) දින 119 දුරකථන මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වීරගුල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඇයගේ වයස අවුරුදු 60ක්. මරණකාරිය උස අඩි 05 අඟල් 04ක් පමණ කාන්තාවක් වන අතර රතු සහ කොළ මිශ්‍ර බිනික් ගවුමක් හැඳ සිටි අයෙක්. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වීරඟුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. එමෙන්ම හොරණ පොලිස් වසමේ මඩුගහවත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක නාඳුනන පිරිමි මළ සිරුරක් ඇති බවට අද (14) දින හොරණ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක්…

Read More

විෂ සහිත ආනයනික පොල්තෙල් මෙරට දේශීය පොල්තෙල් සන්නාමය යටතේ අලෙවි වන බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය චෝදනා කරනවා. ඊයේ (13) කුරුණෑගල දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා කියා සිටියේ පසුගියදා කැකිරාවේ දී හමුවූ ආනයනික විෂ සහිත පොල්තෙල් වරායෙන් පිට වූ ආකාරය ගැටලු සහගත බවයි.

Read More

මැදපෙරදිග කලාපය සමග පවතින සබඳතා තර කරගැනීමට ඉන්දියාව පියවර ගනිමින් සිටී. ඒ සඳහා වන නව ව්‍යාපෘති සැලසුම් කරමින් සිටින බවත් ඉන්දියාව පවසා තිබේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය මැදපෙරදිග කලාපය වෙත සිදුකරන මැදිහත්වීම් ඉහළ නැංවීම හේතුවෙන් ඉන්දියාව ද සිය කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ, හමුවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක, අමෙරිකානු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක උපදේශකවරුන් හමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි. එහිදී දුම්රිය මාර්ග හරහා මැදපෙරදිග රටවල් සම්බන්ධ කෙරෙන ඒකාබද්ධ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇතැයි ද පැවසෙයි. ඊට අමතරව ඉන්දු පැසිෆික් මෙන්ම මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් ද චීනයේ මැදිහත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වී…

Read More

බන්ධනාගාර නියාමකවරයෙකුව දණගස්වා පහරදීමේ සිද්ධියක් වාර්තා වෙයි. කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට කඩා වැදුණු නාදුනන පුද්ගලයින් තිදෙනෙකු එලෙස ඔහුව දණගස්වා පහරදී මරණීය තර්ජනය කර පළාගොස් තිබේ. අදාළ නිලධාරියා බන්ධනාගාරය තුළ සිදුවන හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ අයෙක් වන අතර ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ සිටින රැඳවියෙකුගේ උපදෙස් මත මෙය සිදුවී ඇති බවට පොලීසිය සැක පළ කරයි. කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ තරුණ නියාමකවරයෙකු වන සංඛ කුසල් මාරසිංහ නම් නිලධාරියාගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට ඊයේ අළුයම 4ට පමණ එම සැකකරුවන් තිදෙනා යතුරුපැදියකින් පැමිණ ඇති බව වාර්තා වෙයි. එලෙස පැමිණි අයෙක් අදාළ නිලධාරියාගේ නිවසේ දොරට තට්ටු කරමින් මහත්තයා…

Read More

හිඟ බදු, දඩ ආදායම් හා පොලී අය කරගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිසි වැඩපිළිවෙලක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ. ඒ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවු අවස්ථාවේදීය. විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා, “මුළු හිඟ බදු හා දඩ ආදායම්, පොලී කියන මේ ඔක්කොගේම එකතුව 2022.12.31 රුපියල් බිලියන 904 ක්. දැන් අපි ඉන්නේ 2023 යි මාස 5ක් ගතවෙලා. මේ අය කරගත හැකි ආදායමේ ප්‍රගතිය කරුණාකරලා වාර්තා කරන්න.” රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා, “හිඟ බදු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවාද ? නැද්ද ?” දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රංජිත් හපුආරච්චි මහතා,…

Read More

ප්‍රංශයේ පැවති ලෝක හමුදා තුන්ප්‍රයාම ශූරතාව සඳහා සහභාගීවු ශ්‍රී ලංකාවේ හත්දෙනෙකු පළාගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ, අතර යුද හමුදාවේ සිවුදෙනෙකු, ගුවන් හමුදාවේ දෙදෙනෙකු සහ නාවික හමුදවේ ක්‍රීඩිකාවකද වන බව තහවුරු වී ඇත. කණ්ඩායම භාර නාවික හමුදා නිලධාරියා සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍ර, එම නිලධාරියා ආහාර ගැනීම සඳහා ගිය අවස්ථාවේදී සොරකම් කර ඇති බවත් ඉන් පසුව ඔවුන් පැනගොස් තිබෙන බවත් හෙළිවී තිබේ.

Read More

ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ දින 6ක් පුරා අතුරුදන්වී සිටි ෆාතිමා මුනව්වරා නම් තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබුණි. අප වාර්තාකරු පැවසුවේ දේහය ගොඩගැනීම මේවන විට ආරම්භ කර ඇති බවය. ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ ෆාතිමා මුනවුවරා නම් තරුණිය සිය සේවා ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී අතුරුදන් වුනේ පසුගිය ඉරිදා දිනයේය. ඇය ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි. පසුව ඇය සොයා පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රදේශයේ එළුවන් බලාගැනීමේ රැකියාවක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු පසුව පොලීසියට ප්‍රකාශ කර තිබුනේ, තමා තරුණියට අතවර කිරීමට උත්සාහ කළ බවත් ඇය ඊට එරෙහිව වීම…

Read More

මහියංගනය දිසා අධිකරණයේ විභාග වූ වන්දි නඩුවක මුදල් ගෙවීමට පැමිණි පුද්ගලයෙකු අධිකරණය වෙත ලබාදුන් රුපියල් 21,000 ක මුදලේ ව්‍යාජ 5,000සේ නෝට්ටුවක් ඇති බවට අනාවරණයවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකට ත්‍රිරෝද රථයකින් පැමිණ රුපියල් 5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිලදී ගත් පුද්ගලයෙකු සහ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත සිදුකළ විමර්ශනවලදී කළුතර දකුණ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ව්‍යාජ රුපියල් 5,000 සේ නෝට්ටු 11ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් සිය භාරයට…

Read More

වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ පිහිටි පතහක තිබී පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. අදාළ පුද්ගලයින් වයස අවුරුදු 35ත් 40ත් අතර වයස්වල පසුවන්නන් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ පුද්ගලයින් දෙදෙනා පෙරේදා සිට අතුරුදන්ව සිට ඇති බවය. වාරියපොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා සුදුසු අයෙකු තමා මේ වනවිට හඳුනාගෙන ඇති බව එහ හිමිකරු ඉලොන් මස්ක් පවසයි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ කාන්තාවක් වන ඇය ඉදිරි කාලය තුළ එම ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බවය. කෙසේවෙතත් එම නව පත් කිරීමට සම්බන්ධ නිළධාරීවරියගේ අන්‍යතාව සම්බන්ධයෙන් තොරතුරු ඉලොන් මස්ක් හෙළිකර නොමැති අතර මේ සම්බන්ධයෙන් ට්ව්ටර් සමාගම තුළ ද දැඩි කතාබහක් මතුව තිබේ. විදෙස් විචාරකයින් පෙන්වාදී ඇත්තේ ට්විටර් ආයතනයේ හිමිකරු ඉලොන් මස්ක්ගේ මෙම ප්‍රකාශයත් සමග අකර්මණ්‍ය ස්වරූපයක් ගෙන තිබූ ඔහුගේ ව්‍යාපාර යළි ශක්තිමත් වනු ඇති බවය.

Read More