Author: LANKA24X7

ජල බිල ඊයේ මධ්‍යම රාත්‍රි සිට සියයට තිහ සිට (30%) ඉහල දැමීමට කටයුතු කළ බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පැවසුවාය. එම මිල ගණන් ඉහල දැමීමට අදාල ගැසැට්ටුව අද රාත්‍රි මුද්‍රණය සදහා යොමු කල බවත් ඇය පැවසුවාය. ඒ අනුව සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී ගෘහ ඒකක වෙත ලබා දෙන ජලය වෙනුවෙන් අය කෙරෙන ගාස්තු ඉහල දැමීමක් සිදු නොවන බවත් අනෙකුත් කාණ්ඩ සදහා ජලය පාවිච්චි කරනු ලබන ජල ප්‍රමාණය අනුව අවම සියයට තිහක සිට ඉහලට ජල ගාස්තු ඉහල යාමට නියමිත බවත් එය සමස්තයක් ලෙස (Avarage) සියයට පණහකට ආසන්න වන බව ද ඇය වැඩි දුරටත් පැවසුවාය. එබැවින් අද (03) දින සිට…

Read More

විල්පත්තුව ආසන්නයේ වනාන්තර කපා හෙළි කළ ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නිකුත් කළ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. මේ අනුව පෙත්සම ලබන පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇත.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත (NMRA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත (SLMC) සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩාත් විවෘත හා සාධාරණ වෙළෙඳපොළකට ඉඩ සැලසීම සඳහා එම තීරණය ගන්නා බව ඔහු තවදුරටත් පැවසීය. විද්‍යා විෂය ධාරාව පමණක් නොව සියලුම විෂය ධාරාවන් හැදෑරූ සිසුන්ට හෙද වෘත්තීය විවෘත කිරීමට ද තමා අදහස් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ ඖෂධ පරීක්ෂාව සඳහා ‘Benchmark 4’ නම් ලොව ඉහළම පිළිගැනීමක් ඇති නවීන රසායනාගාර පහසුකම් මෙරට තුළ ස්ථාපිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම අපේක්ෂා කරන බවය.

Read More

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායි නිපුණ නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. 37 හැවිරිදි අදාළ කාන්තාව ඩුබායි නිපුණ නමැත්තා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට අනාවරණය වී ඇතැයි විශේෂ කාර්ය බළකාය සඳහන් කර ඇත. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 25ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද සොයාගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. ඉදිරි විමර්ශන කටයුතු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරනු ඇත.

Read More

ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ලවී ඇති ගායන ශිල්පිණී උමාරා සිංහවංශ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ. අද (02) දිනයේ උමාරා සිංහවශට අමාත්‍යංශය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යවා ඇති බව වාර්තා වේ. උමාරාට එල්ල වූ චෝදනාවත් සමඟ ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමාවෙත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රංජිත් අසෝක මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව අමාත්‍යංශයේ විමර්ශන ඒකකයට ලේකම්වරයා විසින් සිදුකළ දැනුම්දීමට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර…

Read More

උපාධිධාරීන් 5,450ක් ගුරු සේවයට බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සඳහා පළාත් නමයට අදාළ ව මෙම ගුරුවරුන් බඳවා ගන්නා බවය. පළාත් මගින් එම බඳවාගැනීම් ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් ජාතික පාසල් සඳහා ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් බඳවාගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

Read More

හෙරොයින් හා අයිස් සමග සැකකරුවන් 04 දෙනෙකු ඊයේ (01) දින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය හා ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ගල්කිස්ස දුම්රියපොල අසලදී හෙරොයින් ග්‍රෑම් 06ක් සන්තකයේ තබාගෙන සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි (42) අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද(02) ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. ඊයේ (01) උදෑසන මතුගම පොලිස් වසමේ කඩවක ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 440 ක් සන්තකයේ තබාගත් (26) අයෙකු කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු අළුත්ගම,දොඩංගොඩ හා මතුගම පොලිස් වසම්වල සිදුවු අපරාධ රැසකටද අවශ්‍යකර සිටි සැකකරුවෙකුද බව විමර්ශන වලදී…

Read More

දේශපාලනඥයින් එකතු වී රට විනාශ කරමින් සිටින බවට මිහින්තලේ රජ මහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් චෝදනා කරනු ලැබුවා. මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (01) මිහින්තලේ රජ මහා විහාරයට පැමිණි අවස්ථාවේදියි.

Read More

අක්ෂි සැත්කම් සිදුකිරීමෙන් පසු භාවිතා කළ ඖෂධයකින් සංකූලතා ඇති වුවේ යැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් වාර්ථාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ රත්නායක මහතා පවසයි. ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන කමිටුව නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය. “පසුගිය දා ශල්‍යකර්මයට භාජනය වූ ඇස් රෝගීන් පිරිසකගේ පෙනීම දුර්වලවීමක් සහ පෙනීම නැතිවීමක් වාර්තා වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදුන්න ඖෂධයක් සම්බන්ධයෙන් මේ ගැටලුව පැන නැගුණා. ඒ අනුව සෞඛ්‍ය ලේකම්තුමා මේ සඳහා 10 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කරලා තියෙනවා. ඒ කමිටුවේ කාර්ය තමා ලංකාවේ මෙම බෙහෙත පාවිච්චි කරපු රෝහල්වල සංකූලතා ඇතිවුණ තත්ත්වය සම්පූර්ණයෙන්ම විශ්ලේෂණය කරලා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සෞඛ්‍ය ලේකම්තුමාට භාරදීම.…

Read More

නොච්චියාගම පොලිස් වසමේ කලාඔයේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (01) සවස දරුවා දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 12ක සාලියවැව ප්‍රදේශයේ පාසල් සිසුවෙකි. මියගිය දරුවා මිතුරන් කිහිපදෙනෙකු සමග කලාඔය ආසන්නයේ දේවස්ථානයකට යන බව දෙමාපියන්ට දන්වා නිවසින් පිටව ගොස් ඇත. පසුව කලාඔයේ දියනෑමට ගොස් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

Read More