Author: LANKA24X7

2021 වසරේ නීතිවිරෝධිව මෙරටට ගෙන් වූ රුපියල් බිලියන 15කට වැඩි වටිනාකමින් යුත් දුම්වැටි මිලියන 200ක් කෙරවලපිටියේදී විනාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, රේගුව විසින් රජයේ ආදායම ලෙස රු බිලියන 13ක මුදලක් ඉතිරි කරදීම පිළිබඳ ස්තූතිවන්ත වන බවය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “රේගුව මෙහෙම කළේ නැත්නම් අපිට අහිමිවන ආදායම කෝටි 1300ක්. මේ සිගරට් තොගය තමා අද විනාශ කරන්නේ. මේවා විකුණන්න බෑ. මේවායේ තියෙන ප්‍රමිතිය ගැන කිසිම වගකීමක් කාටවත් නෑ. කඩලා බලපු සිගරට් සම්පූර්ණයෙන්ම අවපැහැ ගැන්වෙලා. ඒ නිසා මේවා සම්පුර්ණයෙන්ම විනාශ කරන්නේ. මේවා විනාශ කිරීම වෙනුවෙන් අපිට ලංකාවේ දුම්කොළ…

Read More

අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. ඊට අනුව ගැණුම් මිල අද (15) දිනට සටහන්වී ඇත්තේ රුපියල් 311.60ක් ලෙසය. එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 328.92ක් ලෙසය. මේ අතර මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි.

Read More

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. ඒ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම් පත්‍ර කැඳවීම සිදුකෙරේ. ජූලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බව ද විභාග කොමසාරිස්…

Read More

දස හැවිරිදි සිසුවියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයකු යටවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ. සිසුවියගේ මව සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වමින් සිටින මෙම පුද්ගලයා එම නිවස තුළදී මෙම අපයෝජනය සිදුකර ඇති බවයි යටවත්ත පොලීසිය පවසන්නේ.

Read More

මාතර – ඌරුබොක්ක, දොළමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 26 හැවිරිදි ගුරුවරියක ඝාතනය කර තිබෙනවා. පාසල නිමවී සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී ඊයේ පස්වරුවේ ඇය ඝාතනය කර ඇති බවයි පොලිසීය සදහන් කළේ. ප්‍රේම සබඳතාවක් නිසා ඇතිවූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති අතර ඝාතනය සිදු කළ බව කියන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ගතවූ කාලය තුළ දකුණු පළාතෙන් වෙඩි තැබීම් සහ තියුණු ආයුධ වලින් පහර දී සිදු කළ පුද්ගල ඝාතන පිළිබද සිද්ධීන් රැසක් වාර්තා වුණා. ඊට ආසන්නතම සිදුවීම ඊයේ වාර්තා වූයේ මාතර දික්වැල්ල දෙමටපිටිය ප්‍රදේශයෙන්. එහිදී පුද්ගලයෙකුට මොටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් තිබුණා. එමෙන්ම ගාල්ල අක්මීමන කපුහෙම්පළ ප්‍රදේශයේදී සහ…

Read More

කළුතර බන්ධනාගාරයේ රැදවියකු වූ තම පුතුට මත්කුඩු දීමට රැගෙන පැමිණි මවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව සඳහන්. බන්ධනාගාරයේ රදවා සීටින සැකකාරියගේ පුත්‍රයා බැලීම සදහා සැකකාරිය කොට කලිසමක් රැගෙන පැමිණ ඇති බවත්, බන්ධනාගාර නිළධාරින්ට සැකසිතී පරීක්ෂා කිරීමේදී මෙම මත්කුඩු සොයාගෙන තිබෙනවා. එහි වාටියේ කඩදාසියක බහා සගවා තිබූ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සහ ජනාධිපතිවරයා අතර ගැටුමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් පවතින බවට ඇතැමුන් කීමට උත්සාහ කරන බව ද අමාත්‍යවරයා පැවසුවා. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් පළ කළ ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන්නේ පක්ෂයේ අභිමතය පරිදි නොව ඔහුගේ අත්දැකීම් සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව හොඳින් විමසා බලා බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවත් රණතුංග මහතා පැවසුවා. එමෙන්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ…

Read More

උතුරු හා නැඟෙනහිර පළාත්වල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රදේශ 6ක Anopheles stephensi නමැති ප්‍රධාන මැලේරියා වාහක මදුරුවා සිටීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් යළිත් වරක් මැලේරියා තර්ජනය පිළිබඳ අනතුරු ඇඟවීමේ සීනුව නාද කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තතුදත් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රදේශ 6 ට යාපනය MOH ප්‍රදේශය, පේදුරුතුඩුව MOH ප්‍රදේශය, අක්කරෙයිපත්තු MOH ප්‍රදේශය, තිරුක්කෝවිල් MOH ප්‍රදේශය, අම්පාර දිස්ත්‍රික්කයේ ආලයඩිවෙම්බු සහ අඩ්ඩාලිචේන MOH ප්‍රදේශ ඇතුළත්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් 2016 දෙසැම්බර් සිට 2017 අප්‍රේල් දක්වා කරන ලද කීට විද්‍යාත්මක පරීක්ෂණ මාලාවකින් 2016 වසරේ මන්නාරමෙන් සහ පසුව උතුරු පළාතේ යාපනය, මුලතිව් දිස්ත්‍රික්කවලින් පළමු වරට Anopheles stephensi හඳුනාගැනීම අනාවරණය වී…

Read More

මේ අතර ලුණුගම්වෙහෙර – ස්ප්‍රිල්යාය කැලෑබඳ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 49ක එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බවට පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. යතුරුපැදියෙන් ගමන් කළ පුද්ගලයාට වෙඩි වැදී නොමැති අතර යතුරුපැදියේ පැති කණ්ණාඩියට වෙඩි වැදීමෙන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මුහුණු ආවරණය කරගෙන සැගව සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

Read More

ට්විටර් සම-නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි ජනප්‍රිය යූ ටියුබ් වැඩසටහනකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ඉන්දියාව සහ ට්විටර් සමාජ ජාලය අතර බරපතල අර්බුදයක් නිර්මාණය කරමින් තිබෙනවා. පසුගිය වකවානුවේ ට්විටර් මයික්‍රොබ්ලොගින් වේදිකාවේ මෙහෙයුම් වසා දමන බවට තර්ජනය කළ බව ඔහු කළ චෝදනාවක් ඉන්දීය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන ලද අතර ඇමතිවරයෙකු එම ප්‍රකාශයන් “සම්පූර්ණ බොරුවක්” ලෙස හඳුන්වනු ලැබුවා. යූ ටියුබ් වැඩසටහනක් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ජැක් ඩෝර්සි පසුගිය සඳුදා ඉන්දීය රජය තමන් වෙත දැඩි පීඩනයක් එල්ල කළ බවට ඉන්දීය බලධාරීන්ට චෝදනා කළා. පසුගිය වසරේ එලොන් මස්ක්ට ඩොලර් බිලියන 44කට විකුණා දැමූ ට්විටර් සමාජ ජාලයෙහි ඩෝර්සි තවදුරටත් සේවය නොකරන නමුත්, නව දිල්ලි පාලනය…

Read More