Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වාණිජ ණය හිමියන් සහ ශ්‍රී ලංකාව අතර වන ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බව එම අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් ප්‍රකාශ කළා. දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ සහභාගිත්වයෙන් අද (15) පස්වරුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළකළේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා සැප්තැම්බර් හෝ ඔක්තෝබර් වන විට මූල්‍ය අරමුදලේ විස්තීර්ණ පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් කියා සිටියා. එහිදී මාධ්‍යවේදියෙකු ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පොලි අනුපාතය සහ අනෙකුත් රටවල පිරිනමා ඇති පොලී අනුපාතයමද යන්න ප්‍රශ්න…
සුප්‍රකට ඉන්දීය නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඉන්දීය රුපියල් කෝටි 25ක් නොගෙවන්නේ නම් ඔහුව මත්ද්‍රව්‍ය නඩුවකට හසු කරන බවට එරට මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ හිටපු කලාප අධ්‍යක්ෂ සමීර් වන්කඩේ තර්ජනය කර ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ හේතුවෙන් සමීර් වන්කඩේට එරෙහිව දූෂණ චෝදනා යටතේ නඩු පවරා ඇති බව සඳහන්. 2021 වසරේ මුම්බායිහි දී 24 හැවිරිදි ආර්යන් ඛාන් ඇතුළු 14 දෙනෙකු මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබූව ද මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ඔහුගේ නඩුව ඉවත දැමුවේ, ආර්යන් ඛාන් සතුව තිබී මත්ද්‍රව්‍ය කිසිවක් හමුවී නැති බවට තහවුරු වීමෙන් පසුවයි.
අදත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් වැසි සමඟ තාවකාලිල තද සුළං තත්ත්වයක්ද ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
වැලිගම පොලිස් වසමේ දෙනිපිටිය මුල්ලබොක්ක පාරට හැරෙන හන්දිය අසලදී ඊයේ (15) වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුදලයින් දෙදෙනෙකු හට මෙලෙස නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි වැදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරු පැදියේ ගමන් කළ අනෙක් පුද්ගලයා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 52ක් වන වැලිගම පැලෑන පදිංචි කරුවෙක් බව සඳහන්. පලා ගිය සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඉදිරි සති දෙක ඇතුළත ඖෂධ මිළ ගණන්වල මිල අඩු කරන බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කරනවා. පවතින මිල ගණන්වල වෙනසක් සිදු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. ඊයේ (15) හිරු ටීවී ඔස්සේ විකාශය වූ සලකුණ වැඩසටහන අතරතුරු අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කර තිබෙනවා.
පොල්ගවෙල හා පොතුහැර දුම්රිය ස්ථාන අතර ගසක් කඩා කඩා වැටීම හේතුවෙන් අද සවස ධාවනය වූ රේල් බස් රථය පීලී පැනීමකට ලක්ව ඇත. මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමන කොළඹ කොටුව සිට පොතුහැර දක්වා මේ වන විට සීමා වී ඇත .
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුර සඳහා පත්කිරීම සඳහා සූදානමක් පවතින බවට පැතිර යන කටකතාවේ සත්‍යයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ එම අසත්‍ය ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවය. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යළි අග්‍රාමාත්‍ය ධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත්කරන ලෙස කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ මහලේකම්වරයා පැවසීය.
අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ අවදියේ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් හා දේපල අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඒ මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ජුනි මස 16 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා ද අධිකරණයේ පෙනී සිටියේය. මෙහිදී පැමිණිලිකාර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය…
හරීන් ප්‍රනාන්දු සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පවසනවා. පක්ෂ පාට භේද වලින් තමාට කිසිදු වැඩක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ අද පැවති රැස්වීමකට ද වඩිවේල් සුරේෂ් මහතා සහභාගීවීම දක්නට ලැබුණා.
ගාල්ල,මාතර,රත්නපුර ඇතුලු දිවයිනේ ආපදා තත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ත්‍රිවිධ හමුදාවට පොලීසියට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ඊයේ (14) උපදෙස් ලබා දී තිබෙනවා දැනට බොහෝ ප්‍රදේශවල ඇතිවී තිබෙන ගංවතුර බැසයාම කඩිනම් කිරීමට ගංගාවල මෝය කට හාරා පුළුල් කිරීමටත්, විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත් ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට දැනුම් දී තිබෙනවා. එමෙන්ම නායයාම් අවදානම් ඇති කලාපවල ජනතාව ඉන් ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට සහ එම කටයුතු කඩිනමින් ඉටුකිරීමටත් මෙහිදී උපදෙස් ලබා දී ඇති බවයි සඳහන්.
