Author: LANKA24X7

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජූලි 20-21 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සමරනු ලබන පසුබිමක මෙම සංචාරය සිදු කෙරේ. ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම සංචාරය අතරතුර ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදි මුර්මු මහත්මිය හමු වනු ඇත. තවද එතුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අනෙකුත් ඉන්දීය ප්‍රභූවරුන් හමු වී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය. දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට මෙම සංචාරය ඉවහල් වනු…

Read More

මෙරට ජනතාවට අඛණ්ඩ පානීය ජල සැපයුමක් ලබාදීමේ අරමුණ ඇතිව නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් නුදුරේදීම හඳුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. ආයෝජන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් පවතින ජල ගාස්තුවල යම් සංශෝධනයක් සිදු වන නමුත්, එහි බලපෑම සමෘද්ධි ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබන හා වතු නිවාස පාරිභෝගිකයන් හට අත්විඳීමට ඉඩක් නොතබන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (18) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මෙම වසර වන විට කඳුකර ජනතාව මෙරටට පැමිණ…

Read More

වසර තුනක කාලයක් පුරාවට මව් කිරි ලීටර් 1599.68 ක් පරිත්‍යාග කරමින් ලෝක වාර්තාවක් පිහිට වූ මවක් පිළිබඳව ඇමරිකාවෙන් වාර්තා වෙනවා. එළිසබෙත් ඇන්ඩර්සන් සියේරා නම් මෙම ඇමෙරිකානු ජාතික දෙදරු මව තම මව් කිරි පරිත්‍යාග කරමින් මෙම වාර්තාව පිහිපුවා තිබෙනවා. ඇය 2015 පෙබරවාරි 20 සිට 2018 ජූනි 20 දක්වා මව් කිරි ලීටර් 1599.68 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇති අතර ගෙවුණු නව වසර පුරාවට නොමේරු ළදරුවන් පෝෂණය කරමින් ජීවිත දහස් ගණනක් බේරාගැනීමට ඇයගේ මෙම සත්ක්‍රියාව දායක වී තිබෙනවා. ලෝක වාර්තාව සඳහා 2015 සිට 2108 වසර දක්වා වසර තුනක කාලය පමණක් ගණන් බලා ඇතත් තමන් මේ දක්වා පසුගිය වසර නවයක කාලය තුළ මවු කිරි…

Read More

උතුරු කොරියානු දේශසීමා තරණය කළ අමෙරිකානු ජාතිකයෙකු රඳවාගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊ (18) ප්‍රකාශ කළා. අනවසරයෙන් ඇතුලුවීම නිසා ඔහු මෙලෙස රඳවාගෙන ඇති අතර, මෙම සිද්ධිය වාර්තාවන්නේ 1980න් පසු පළමු වරට අමෙරිකානු න්‍යෂ්ටික සන්නද්ධ බැලස්ටික් මිසයිල සබ්මැරිනයක් දකුණු කොරියාවට ළඟාවූ පසුබිමකයි. උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් සිදුකළ යුතු සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් මෙම සබ්මැරින සංචාරය සිදුවූ බව අමෙරිකාව ප්‍රකාශ කර තිබුණා.

Read More

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කොට තිබෙනවා. සමඟි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මේ පිළිබඳව සඳහන් කොට සිටිනවා.

Read More

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට සම්බන්ධ බැංකු ගිණුම් 9 ක් පරික්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (18) අවසර ලබාදී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ. ඒ අනුව දේවගැතිවරයාගේ පෞද්ගලික ගිණුම් ඔහුට අයත් පෞද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, ඔහු යාඥා සිදුකරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිඳට අයත් රජයේ සහ පෞද්ගලික බැංකුවල ගිණුම් මෙලෙස පරීක්ෂා කිරීමටයි අධිකරණය අවසර ලබාදී ඇත්තේ.

Read More

මොරගොඩ මහදිවුල්වැව ප්‍රදේශයේ නිවසක් තුළ තිබිය දී සියදිවි නසා ගත් බවට අනුමාන කෙරෙන යුධ හමුදා ලාන්ස් කෝප්‍රල් වරයකුගේ සිරුරක් ඊයේ (18) පස්වරුවේ මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයා තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ යුධ හමුදා 11 වන ඉංජිනේරු බලකායට අනියුක්තව සිටි වයස අවුරුදු 27ක් වන හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්. මොරගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසියකදී ඔහු පදිංචිව සිටි මොරගොඩ මහදිවුල්වැව ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරයක් තුළ එල්ලෙමින් තිබියදී එම මළ සිරුර සොයා ගත් බව‍යි පොලිසිය පැවසුවේ. මීට දින කිහිපයකට පෙර දී ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර මොහු කිසියම් මානසික රෝගයක් සදහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවයි වර්තා…

Read More

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ නිවෙසක අද (19) අලුයම) කිසියම් පිරිසක් විසින් සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීම සඳහා තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක පුද්ගලයෙක්.

Read More

අද (19) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනවා. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බවත්, දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාධාරණ කාලගුණයක් පවතිනු ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ද බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Read More

3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් භාවිතයෙන් රසකැවිලි සකසන අපූරු ඩිජිටල් බේකරියක් පිළිබඳව ලොස් ඇන්ජලීස් නුවරින් වාර්තා වේ. ඔවුන් රසකැවිලි නිෂ්පාදනය කරන්නේ 3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් භාවිත කරමිනි. ශුගර් ලෑන්ඩ් නම් මෙම බේකරිය , 3D ආහාර මුද්‍රණ යන්ත්‍ර මඟින් රසකැවිලි නිපදවන පළමු බේකරිය වේ. මෙම මුද්‍රණ යන්ත්‍රය ලොව පවතින බලපත්‍ර සහිත එකම ආහාර මුද්‍රණ යන්ත්‍රය බව විදෙස් මාධ්‍ය වාර්තා වේ. ශුගර් ලෑන්ඩ් ආයතනය පවසන පරිදි මෙම ක්‍රමවේදය මඟින් රැයක් තුළ නිෂ්පාදන දහස් ගණනක් සිදුකිරීමේ හැකියාව පවතී. 3D ආහාර මුද්‍රණ යන්ත්‍රය හරහා රසකැවිලි නිපදවීමේ දී පළමුව ඩිජිටල් ගොනුවක් (digital file) නිර්මාණය කළ යුතු වේ. අනතුරුව එම ඩිජිටල් ගොනුව 3D මාදිලියට පරිවර්තනය කෙරෙන බව…

Read More