Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර ඇත. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අදාල කමිටුව පත් කිරීමට පියවර ගැනිණි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ක්‍රියාකාරී කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරු කටයුතු කරති.
බස් රථයේ එකතු වන මුදල් නොදීම හේතුවෙන් ලංකා ගමනා මණ්ඩලයේ (ලංගම) කොන්දොස්තර මහතුන් 35 කගේ පමණ දිනකට වැඩ තහනම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (19) පැවසීය. එම වැඩතහනම් වීමට කොන්දොස්තර මහතුන් සල්ලි සාක්කුවේ දමාගැනීම මෙයට හේතුව බව කී ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රවාහන ක්ෂේත්‍රයේ දූෂණ සහ අක්‍රමිකතා අවම කරමින් ලංකා ගමනා මණ්ඩලය ලාභ ලබන තත්වයට කෙටි කළත් තුළ පත්කිරීමට අපේක්‍ෂා කරන බවත් අමාත්‍යවරයා කීය. ලංකා ගමනා මණ්ඩලයට බඳවාගත් නව රියදුරන් සහ කොන්දොස්තර මහතුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (19) පැවැති උත්සවයේදී පැවසීය.
මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ජී.එස්.පී ප්ලස් සහනය තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කළේය. පසුගිය වසරේ පමණක් යුරෝ බිලියන 3.2 ක අපනයන ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ රටවලට සිදු කර තිබෙන බවත් මෙරට විශාලතම වෙළඳ හවුල්කරුවන් ලෙස යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ජී.එස්.පී ප්ලස් සහනයේ ඇති වැදගත්කම හොඳින් වටහාගෙන ඇති බවත් යුරෝපා සංගමය පෙන්වා දී තිබේ. යෝජිත නව ජී.එස්.පී ප්ලස් සහනයේ විධිවිධාන සම්බන්ධයෙන් වන සාකච්ඡා තවමත් යුරෝපා සංගමයේ නීති සම්පාදකයන් අතර සිදුවෙමින් පැවතීම හේතුවෙන් වසර හතරක කාලයක් සඳහා පවතින ජී.එස්.පී ප්ලස් සහනය දීර්ඝ කිරීමට යෝජනා කළ බව යුරෝපා සංගමය පවසා ඇත. ඒ…
ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියා ක්‍රිකට් සහ රග්බි නිලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත හරීන් ප්‍රනාන්දු මහතා ඕස්ට්‍රේලියා ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩා අංශ වලට ශ්‍රී ලංකාවේ සංචාරක වෙළෙඳ නාමය ඇතුළත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාවේ මනරම් වෙරළ තීරයන්, පෞරාණික ඓතිහාසික ස්ථාන, වන ජීවීන්, ත්‍රාසජනක ක්‍රීඩා සහ සංස්කෘතික අත්දැකීම් ප්‍රදර්ශනය කරමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩාලෝලීන්ගේ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම පිළිබඳව සාකච්ඡා සාර්ථක බව ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ශ්‍රී ලංකා සංචාරක තානාපති සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB)…
වරාය වෘත්තිය සමිති සන්ධානය, සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්වල්වලට හානියක් නොකිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ‘විරෝධතා පෙත්සම’කට ඊ (19) අස්සන් තැබීය. මෙම ‘විරෝධතා පෙත්සම’ට අස්සන් කිරීමට වරාය සේවකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.
මිනුවන්ගොඩ ,හොරම්පැල්ල , මහගම ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි පාතාල සාමාජිකයකු අද (20) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී පාතාල සාමාජිකයා පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. සැකකාර පාතාල සාමාජිකයාගේ වෙඩි පහරට ලක් වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය . වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ සැකකාර පාතාල සාමාජික වෙඩික්කරු වු මනික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා නැමැති 29 හැවිරිදි සැකකරුවද මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කර ඇති බව පොලිසිය පවසයි . රෝහල්…
2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. මේ අතර 2023 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම් පත් කැඳවීම ද ජුලි මස 28වන දින අවසන් වීමට නියමිතව තිබේ. විභාගය සඳහා මාර්ගගතව අයදුම් කළ යුතු වන අතර අදාළ දිනයෙන් පසු අයදුම්පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
පසුගිය 17 වනදා ආයතන පරිශ්‍රයේදී පහරකෑමකට ලක්වූ ලංකා පොස්පේට් සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි. එම සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා විසින් අදාළ වැඩ තහනම් කිරීමේ ලිපිය නිකුත්කර තිබුණි.
ඇසළ පෙරහැර සමයේ මහනුවර දළදා මාළිගාව හා සිව්මහ දේවාලවල විදුලි බිල සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වෙයි. මෙම සාකච්ඡාව සඳහා දියවඩන නිලමේවරයා සහ සිව්මහ දේවාලවල බස්නායක නිළමේවරුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු මීට එක්වීමට නියමිතය. මෙවර ඇසළ පෙරහැර සඳහා ලංකා විදුලි බලමණ්ඩලය විසින් ශ්‍රී දළදා මාළිගාවට රුපියල් කෝටියකට අධික ඇස්තමේන්තු ගත විදුලි බිලක් ඉදිරිපත් කර තිබුණි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විවිධ මත පළකිරීමත් සමග එය සමාජයේ කතාබහට පාත්‍රවූ අතර දියවඩන නිළමේවරයා ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ ඇස්තමේන්තු ගත…
සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය අවභාවිතා නොකරන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කතානායකවරයාගෙන් ඊයේ (18) උදෑසන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු න්‍යායපත්‍රයෙන් ඔබ්බට ගොස් විවිධ ප්‍රශ්න මතු කළ අතර ඉන් පසුව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ ඉල්ලීම කළේය. “මේ සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය භාවිතා කිරීම වලක්වන්න කටයුතු කරන්න කියලා කතානායකතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු න්‍යායපත්‍රයෙන් පස්සේ මේ දේවල් කතා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ විනය ගැන කතා කරාට පාර්ලිමේන්තුවේ න්‍යාපත්‍රය අවභාවිත කරලා, විනය කඩනවා. කිසිම ක්‍රමවේදයක්, කිසිම පිළිවෙලක් නැතිව තමයි මේ දේවල් කරන්නේ. ජාතික කාර්යයක් කරන වෙලාවක,…
