Author: LANKA24X7

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා අද හෝ හෙට දිනය තුළ ලැබුණහොත් දැනට සැලසුම් කර ඇති පරිදි මෙම මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. යම් හෙයකින් මෙම දින දෙක ඇතුළත ඡන්ද පත්‍රිකා නොලැබුනහොත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් එළඹෙන සඳුදා දිනයේදී තීරණයක් ගන්නා බවද ඔවුන් සඳහන් කළේය. මේ අතර මැතිවරණය කල් දැමීමට පවතින උත්සහය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පක්ෂය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයට ලිපියක්ද ලබාදී තිබේ.

Read More

මාර්තු මස 1 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට එහිදි වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර තිබේ.

Read More

රුසියාව සහ ඉන්දියාව අතර පවතින වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත්වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. දෙරට අතර ඇති වෙළෙඳ සබඳතා ශක්තිමත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක බවද එම වාර්තාවල දැක්වෙයි. රුසියාවේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සිදුකළ සාකච්ඡාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව හා ඉන්දියාව දැනටමත් ජාතික මුදල් ඒකක හරහා සාර්ථකව ගනුදෙනු සිදු කරන බවය. ඒ අනුව, ඉකුත් වසරේ ඉන්දියාව සහ රුසියාව අතර සිදුවූ වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 30ක් පමණ වන බවද වාර්තා වෙයි. සබඳතා තවදුරටත් ශක්තිමත්වීම හමුවේ මෙම වසරේදී එම අගයන් තවත් ඉහළ යනු ඇති බවද අපේක්ෂා කෙරේ.

Read More

එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදීම සඳහා අල්ලස් ලබාගත් පුද්ගලයින් 04 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල සහයක සේවිකාවක් සහ තැරැව්කරුවන් 03 දෙනෙකුවය. ඔවුන් විසින් එක්දින සේවාව යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා එලෙස රුපියල් 42,000ක අල්ලසක් ලබාගෙන තිබේ. එලෙස ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා රුපියල් 22,000ක මුදලක් වැය වෙන අතර අනෙක් රුපියල් 20,000ක් සැකකරුවන් විසින් බෙදාගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස නිදහස් ජනතා සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් හා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස එම සන්ධානය අදාළ ලිපියෙන් ඉල්ලා ඇත. පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීම සඳහා ගෙන ඇති තීරණය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් බව නිදහස් ජනතා සංධානය පෙන්වා දෙයි. මෙම තත්ත්වය සමනය කිරීම මෙන්ම කළමනාකරණය කිරීම රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින් හා උත්තරීතර ව්‍යවස්ථාදායකයේ නියොජිතයින් ලෙස පැවරී ඇති වගකීමක් වන බැවින් ස්ථාවර නියෝග 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙස එම සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලා…

Read More

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර ඊයේ (16) පැවැති තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. එම තගරයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්වූ අතර ඔවුන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුනි. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 08ක් දැවී ලකුණු 112ක් රැස් කළාය. තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 113කි. පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සිය ජයග්‍රාහි ඉලක්කය වෙත ගමන් කළාය.

Read More

දිවයිනේ ප්‍රධාන වශයෙන් අද දිනයේ වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. එසේම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බව මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි. මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ අද දිනයේ සිට ඡන්ද පෝළිම් දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවය. කෙසේවෙතත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් එම කටයුතු අකර්මණ්‍ය වී ඇති බව මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් පවසයි. දිවා කාලයේදී පොලිස් නිළධාරීන් 35 දෙනෙකු සහ රාත්‍රී කාලයේ පොලිස් නිළධාරීන් 25 දෙනෙකු බැගින් පොලිස් නිළධාරීන් 60 දෙනෙකු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන අවස්ථාවේදී ආරක්ෂක කටයුතු සඳහා යොමුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබේ. කෙසේවෙතත් ආරක්ෂක කටයුතු සදහා මේ වනවිට යොදවා…

Read More

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ පීල්ලවත්ත ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. ඊයේ (16) රාත්‍රියේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැඟව සිටි පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩිතබා පලාගොස් තිබේ. මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත. ඝාතනය සිදුකළ සැකකරු පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළඹෙන මාස දෙක තුළ අත්සන් තබනු ඇතැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙළඳ ගිවිසුමක් පුළුල් කිරීම සඳහාද එළඹෙන මාස දෙකක කාලය තුළ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමේ සැලැස්ම ප්‍රධාන කොටසක් උතුරේ තිබෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීම තුළ රඳා පවතින බවත් එහිදී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් පිහිටුවීම මගින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කරනු ලබන විදුලිය ඉන්දියාව වෙත…

Read More