Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බුද්ධි අංශ වාර්තා අනුව මාලිමාව මෙවර සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මැතිවරණයෙන් ජයගන්නා බව රජයට දැනුම්දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා. “රනිල්ගේ, ගෝඨාභයගේ, රාජපක්ෂලාගේ, ඒ වටේ ඉන්න හෙන්චයියලාගේ පරාජය නළලේ ලියලා ඉවරයි. බුද්ධි අංශ විසින් ඒගොල්ලන්ට දීලා තියෙන වාර්තා සියල්ල කියන්නේ මොකක්ද. ? ජනතාව දිනන විසඳුම මාලිමාව ජනතාව පිළිඅරගෙන අවසානයි. ප්‍රතිඵලය සියයට 80ට වැඩියි කියන පණිවුඩය දැන් දීලා තියෙන්නේ. මැතිවරණ කොමිසමටත් අයිතියක් තියෙනවා. මැතිවරණය පවත්වන්න. මැතිවරණයට අවශ්‍ය මුදල් දෙන්න. භාණ්ඩාගාරයට අයිතියක් තියෙනවා. අද අපිට හුඟක්…
හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ. එහි උප කුලපතිවරයා සඳහන් කර ඇත්තේ පළමු වසරේ සිසුන් සඳහා එම විශ්වවිද්‍යාලය පෙබරවාරි 27 වනදා විවෘත කරන බවය.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට ගැනීම සඳහා මාර්තු මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
පෙබරවාරි මස 22,23,24 සහ 28 යන දිනවලදී සිදුකිරීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව දැනුම්දී ඇත.
මෙරටට ආනයනය කරන බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරතිබේ. බිත්තර හිඟය අවම කරලීම සඳහා රජය බිත්තර ආනයනය කිරීමට තීරණය කළේය. නමුත් පහසුවෙන් බිත්තර ආනයනය කළ හැකි රටවල් කිහිපයකින් කුරුළු උණ වසංගත තත්ත්වය වාර්තා වූ නිසා බිත්තර ආනයනය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා නොදුන්නේය. රටේ පවතින බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනවිට අවසර ලබා දී තිබේ. බිත්තර ආනයනය කිරීම සහ පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ ආනයනික බිත්තර භාවිත…
උද්ධමනය ක්‍රමාණුකූලව අඩු වන බැවින් බැංකු පොලී අනුපාතික අඩු කිරීම කෙරෙහි සලකාබලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග පැවති සාකච්ඡාවකදී බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. එසේම මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලැබෙතැයි තමා බලාපොරොත්තු වන බව එහිදී ජනාධිපතිවයා පවසා තිබේ.
සිය මෝටර් රථ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි. ඒ රට තුළ විවිධ ප්‍රදේශවලින් මෝටර් රථ සොරකම් කිරීම් වාර්තා වීම හේතුවෙනි. ඊට ආසන්නම සිදුවීම වාර්තා වූයේ වැලිවේරිය ප්‍රදේශයෙනි. එහිදී පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ රුපියල් ලක්ෂ 32ක් පමණ වටිනා මෝටර් රථයක් සොරකම් කිරීම ගැනය. අනතුරුව පොලිස් නිලධාරීන් ජංගම දුරකථන දත්ත භාවිතයෙන් පරීක්ෂණ සිදුකර පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබුණි. එම සැකකරු එම වාහනය රුපියල් ලක්ෂ 14කට මිලදී ගෙන ඇති අතර ඔහු ආඬිඅම්බලම ප්‍රදේශයේ 47 හැවිරිදි පුද්ගලයෙකි. වාහනය සොරකම් කළ පුද්ගලයා එම ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලබාදීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා. ඊශ්‍රායලයේ පවතින සංස්කෘතිය අනුව රෝගී සත්කාර සදහා වැඩි අවස්ථාවක් පවතින්නේ කාන්තාවන්ට නිසා සාත්තු සේවිකාවන්ට ප්‍රමුඛතාවය ලබාදීමටයි තීරණය කර ඇත්තේ. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සහිත, වෘත්තීමය වශයෙන් පුහුණුව ලබා ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සෑම විටම රැකියා සදහා අවස්ථාව ලබා දෙන බව ඊශ්‍රායලය පවසා තිබෙනවා. එරට නියෝජිතයන් දැනුම් දී ඇත්තේ වසරකට අටදහසක් දක්වා වන ශ්‍රමිකයින්ට අවස්ථාව ලබාදීමට සූදානම් බවයි.
විදුලිබල මණ්ඩලයේ පාඩුව ජනතාව මතම පැටවීම වෙනුවට, එහි විගණනයක් සිදුකර දූෂණය හා නාස්තිය නවැත්වීමට පියවර ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. මේ අවස්ථාවේ ජනතාවට පමණක් පටි තද කරගැනීමට නොකියා රාජ්‍ය නිලධාරීන්ද දූෂණය, නාස්තිය නවත්වා පටි තද කරගත යුතු බව කී මන්ත්‍රීවරයා තමන් ආණ්ඩුවට සහය දුන්නත් ආණ්ඩුවේ සෑම ක්‍රියාමාර්ගයක්ම අනුමත නොකරන බව සඳහන් කළේය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. විදුලිබල මණ්ඩලයේ සේවකයන් 27,000ක් සිටියදීත්, එහි බොහෝ කටයුතු සිදුවන්නේ බාහිර පාර්ශව යොදවාගෙන බවත්, මණ්ඩලයේ වාහන තිබියදී පිටින් වාහන පවා ලබාගෙන ඇති බවත් කී දුමින්ද දිසානායක මහතා, විගණනයක් කළහොත් එහි සිදුවන නාස්තිය බලාගැනීමට…
පළාත් පාලන මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සුදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි. දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් කේ.ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් පළකළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණයක් පවත්වා පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා, “ආණ්ඩුවට දිගටම ඕනෑකම තිබ්බා මේ පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඉන්න. රනිල් වික්‍රමසිංහගේ න්‍යායපත්‍රයේ තියෙන්නේ පළාත් පාලන ඡන්ද මහමැතිවරණ තියන්න නෙමෙයි. ජනාධිපතිවරණයක් තියන්න. අපේ ව්‍යවස්ථාවට අනුව මේ එළැඹෙන නොවැම්බර් 19 වනදායින් පස්සේ ජනාධිපතිවරණයක් තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන්නේ අවුරුදු 5යි කියලනේ.…