Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහය පිළිබඳ විධිමත් සහතිකයක් නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ණය අනුමත කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. නිල හිඟ මුදල් වලට ණය දීම සම්බන්ධයෙන් කලාතුරකින් භාවිතා වන ප්‍රතිපත්තිය යටතේ චීනයේ ණය සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාවට ණය අනුමත කිරීම සලකා බැලීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර ඇති බව සඳහන්. මෙම ප්‍රතිපාදනය දැඩි මූල්‍ය අවශ්‍යතාවයක් ඇති රටකට ණයහිමියා විසින් ආධාර අවහිර කිරීම වැලැක්වීම ඉලක්ක කර ඇති අතර ණය කොන්දේසි සපුරාලීමට කැපවීම පෙන්නුම් කර ඇත. දිළිඳු රටවල ණය බර ලිහිල් කිරීමට G-20 රටවල් සහ අනෙකුත්…
ගෝලීය ආර්ථිකය හා දේශපාලනයේදී ඉන්දියාව ද එක් නායකයෙකු බව ෆිජී රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ. ෆීජි රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ලෝක හින්දි සම්මේලනයේ සමාප්ති උත්සවය අමතමිනි. එමෙන්ම ඉන්දියාව යනු සංවර්ධනය වෙමින් පවතින රටවල විශාල නායකයෙකු බවද ඔහු පෙන්වාදී ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් ඉන්දියාව නිවැරදි දිශාවට ගමන් කරමින් ඇති බව ඔහු සඳහන් කර තිබේ. සම්මේලනය ආරම්භ කරමින් එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයිශංකර් සහභාගී වූ අතර සම්මේලනය අදින් අවසන් වෙයි.
සූර්ය බලය ලබාගැනීම සඳහා භාවිත කරන සූර්ය පැනල සහිත අධික බරින් යුත් පෙට්ටියකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (17) සවස මෙම අනතුර සිදුවී තිබුණේ පානදුර මොරවින්න කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවකදීය. කර්මාන්ත ශාලාවකට සවිකිරීම සඳහා කන්ටේනර් රථයකින් මෙලෙස සූර්ය පැනල් සහිත පෙට්ටි තොගයක් රැගෙනවිත් තිබෙන අතර ඒවා ඉන් පිටතට ගැනීමේදී පෙරළීයෑමෙන් මෙම අනතුර සිදුවී තිබේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ එම කර්මාන්ත ශාලාවේ සේවය කළ පුද්ගලයෙකි. පොලීසිය සඳහන් කළේ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය. මෙසේ මියගොස් ඇත්තේ මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රොෂාන් නමැති දෙදරු පියෙකි.
දින හතක් වයසැති බිලිඳියක් පොළොවේ ගසා ඝාතනය කළ බව කියන 28 හැවිරිදි මවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පයාගල හල්කඳවිල කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කාන්තාවක් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනයට ලක්වූ බිලිඳිය ඇය දාව උපන් නිවුන් දැරියන් දෙදෙනාගෙන් බාල දැරිය බවද පොලීසිය කියයි. ඉකුත් 15 වනදා එම බිලිඳිය ඇඳෙන් වැටී අනතුරට ලක්වූ බව පවසා කළුතර මහ රෝහලට ඇතුළත් කර තිබුණි. කෙසේවෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය ඝාතනයක් බවට අනාවරණය වූ බව පොලීසිය පැවසීය. සැකකාරිය අවස්ථා තුනකදී දැරියව පොළොවේ ගසා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
තමන්වහන්සේ ඉලක්ක කර පසුගිය දිනක එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්වහන්සේ කම්පනයට පත්වී සිටින බව පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසයි. එසේම නැගෙනහිර විහාරස්ථාන සඳහා සැපයෙන ආරක්ෂාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් තමන් වහන්සේට හැකි ඉක්මනින් ආරක්ෂාවක් සපයා දෙන ලෙසට ද උන්වහන්සේ බලධාරින්ගෙන් ඉල්ලා සිටී. මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්, අම්පාර මංගලගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ කුටියක සැතපී සිටියදී පසුගිය දිනක රාත්‍රියේ එම කුටිය ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ එම කුටියේ ජනේලයකටය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රජය පනවා ඇති නව බදු සංශෝධනවලට එරෙහිව ලබන 22 වනදා සිට දිවයින පුරා කළු සතියක් ප්‍රකාශයට පත්කිරීමට සියලු ක්ෂේත්‍රවලින් සැදුම්ලත් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ. රජයේ නව බදු සංශෝධන සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව (16) පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී රැස්වී තිබුණි. එම අවස්ථාවට ඛනිජ තෙල්, වරාය, විදුලි, ජල, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් එක්වී තිබේ. එහිදි අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා, “අපි කියන්නේ නෑ අපි බදු ගෙවන්නේ නෑ කියලා. අපි බදු ගෙවන්න සූදානම්. අපි දැනුත් බදු ගෙවනවා. අපි කියන්නේ මේ උද්ධමනයෙන් වෘත්තිකයාගේ බෙල්ලට තොන්ඩුව දාලා…
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව අත්තනෝමතික ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් සමගි ජන බලවේගය යුරෝපා කොමිසමට අද (17) සංදේශයක් බාර දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුලු සමගි ජන බලවේගයේ නියෝජිත පිරිසක් මෙම සංදේශය භාර දුන්හ. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණ කල් දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ නියෝජ්‍ය තානාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය. පළාත් පාලන මැතිවරණය පවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මැදිහත් වන්නැයි යුරෝපාකොමිසමෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු තවදුරටත් කීවේය.
අධික ලෙස දුම් පිට කරන වාහන පිළිබඳව දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. එවැනි වාහනයක අංක තහඩුව ඡායාරූපයට ගෙන ස්ථානය සහ වේලාව සඳහන් කර වට්ස්ඇප් හෝ වයිබර් පණිවිඩයක් මගින් 070-3500525 යන දුරකතන අංකයට එම දැනුම් දීම කළ හැකි බව එම දෙපාර්තුමේන්තුව පවසයි.
මාතර වෙල්ලමඩම මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙක් දියේ ගිලී අතුරුදන්වී තිබේ. ඔවුන් සොයා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.