Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටී එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයින් යැයි කියන දෙමළ ජාතික සිරකරුවන් දෙදෙනකු ජනාධිපති පොදු සමාව යටතේ පසුගියදා නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. කිලිනොච්චිය මරුදනගර්හි පදිංචිකරුවකු වන 69 හැවිරිදි වෙල්ලයියා නවරත්නම් සහ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 56 හැවිරිදි ෂන්මුගරත්නම් සම්මුඛරාජා නැමැති පුද්ගලයන් දෙදෙනා මෙසේ නිදහස් කර ඇති බවත් වෙල්ලයියා නවරත්නම් නැමැති පුද්ගලයාට වසර 200 ක සිරදඬුවමක් නියම වී සිටිය අතර ෂන්මුගරත්නම් සම්මුඛරාජා නැමැති පුද්ගලයා ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳිමින් සිටි බවත් එම නිලධාරියා සඳහන් කළේය. වෙල්ලයියා නවරත්නම් නැමැති පුද්ගලයාට 1996 වසරේ මහ බැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 200 ක සිර…
නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපයේ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය. අද ලෝකයේ කිසිඳු රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර, ලොව දියුණු සෑම රටක්ම එම ප්‍රගතිය උදාකරගෙන ඇත්තේ කලාප හවුල්කාරිත්වය තුළින් බව පෙන්වා දුන් අමාත්‍යවරයා දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු – ලංකා සබඳතා වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා ඉටුකර ගැනීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ බවද සඳහන් කළේය. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව සදහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙදින ඉන්දීය නිල සංචාරය සහ…
හේවාහැට රහතුන්ගොඩ රිවඩේල් ප්‍රදේශයේ මවක් සහ කුඩා දරුවකු පසුගිය දාහත්වන දින සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ ස්වාමියා හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු විසි දෙකක් වන වෙල්ලේඅම්මා සුරේන්ඩ්‍රනි රාණි හා වයස අවුරුදු එකයි මාස හතක් වන තරුෂිකා අබි නැමති ඇයගේ දියණියයි. ඇය තම දරුවාද සමග ඇයගේ රෝගි තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා රිකිල්ලගස්කඩ රෝහලට පසුගිය දාහත්වන දින ගිය බවත් එසේ ගොස් මේ වන තෙක් නිවසට නොපැමිණි බවත් ඇයගේ සැමියා වන මෝහන්සුන්දරම් සම්පත් කුමාර් ප්‍රකාශ කර සිටී. ඇය දාහත්වන දින බස් රථයෙන් රිකිල්ලගස්කඩ නගරයට ගිය බවත් නගරයේ සිටිනු දැක්ක බවත් කිහිප දෙනකු තමාට පැවසූ බවද සැමියා…
ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (23) පැවැත්වීමට නියමිතයි. තරගය පස්වරු 02ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ව ඇත. අවසන් තරගය සඳහා ඉන්දීය A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම සුදුසුකම් ලබා සිටින අතර, අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය හමුවේ පරාජයට පත්විය. අනෙක් අවසන් පූර්ව තරගය ඉන්දියාව ජයගත්තේ, බංගලාදේශය පරාජයට පත්කරමිනි. මෙම තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පළමු වටයේ පැවති තරගයෙන් පාකිස්තානය පරදවා ඉන්දීය කණ්ඩායම කඩුලු 08ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. මේ අතර, මෙම තරගය නොමිලයේ නැරඹීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සැලසෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් ගත් කුඩා ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (22) එම අනතුර සිදුව තිබුණේ, වැල්ලව, වරද්දන ප්‍රදේශයේදීය. අනුරාධපුර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක එම ලොරි රථය ගැටී ඇති බව පොලීසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර, මියගොස් ඇත්තේ, ලොරි රථයේ රියදුරා බව වාර්තා වෙයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ අනෙක් පුද්ගලයා, වැල්ලව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ලොරි රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය වාර්තා කර ඇත. මියගොස් ඇත්තේ, 38 හැවිරිදි නාරම්මල…
මෙරට නිෂ්පාදනය කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. රජයේ රෝහල් කිහිපයක භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ සාම්පල කිහිපයක් පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂාවට ලක්කර තිබිණි. එහිදී අදාළ ඖෂධයේ කාණ්ඩ 02ක් නිසි ප්‍රමිතියෙන් තොර බවට හදුනාගෙන ඇති බව වාර්තා වී ඇත. ඒ අනුව අදාළ කාණ්ඩ 02ට අයත් ඇස්ප්‍රින් ඖෂධ සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය විසින් සියලු රෝහල් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. කෙසේවෙතත් අදාළ කාණ්ඩ…
අකුරැස්ස, අමලගොඩ මංසන්ධියේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක් අසළ ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් අකුරැස්ස මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. අදාළ වාහන අලුත්වැඩියා කරන ස්ථානයෙන් සේවා ලබා ගැනීමට පැමිණි සිව් දෙනෙකු සහ එහි හිමිකරු එලෙස අනතුරට ලක්ව ඇති බවට වාර්තාවේ.
ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනපතිවරණයට වැය වන මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් කර මුදල් වෙන් කර ගත යුතුව ඇති බවයි. ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමගද සාකච්ඡා කරන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.…
දිවයින පුරා පසුගිය වසර තුනේදී (2020 2021 සහ 2022) සිදුවී ඇති රිය අනතුරුවලින් හත් දහස් එකසිය හැත්තෑ දෙදෙනකු (7172) මරුමුවට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. එම වසර තුනේදී සිදුවී ඇති මුළු රිය අනතුරු ගණන 67,687 කි. රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ පසුගිය 2022 වසරේදීය. මියගිය සංඛ්‍යාව 2515කි. මෙයට අමතරව 2021 වර්ෂයේදී 2513 දෙනෙක්ද 2020 වර්ෂයේදී 2144 දෙනෙක්ද මියගොස් සිටිති. දිවයින පුරා 2020 වර්ෂයේදී මාරක රිය අනතුරු 2040ක්ද 2021 වර්ෂයේ දී මාරක රියඅනතුරු 2414 ක්ද 2022 වර්ෂයේදී මාරක රිය අනතුරු 2395 ක්ද සිදුව ඇතැයි පොලිස් මූලස්ථානයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ. රිය අනතුරුවල අඩුවීමක් දක්නට ඇතත් අනතුරු හේතුවෙන් මියගිය සංඛ්‍යාවේ…
නෙදුන්කේනි පොලිස් වසමේ පට්ටිකුඩිරුප්පු ප්‍රදේශයේ වගා ඉඩමකදී ඊයේ (21) වෙඩිතැබීමක් සිදුව තිබේ. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, සිද්ධිය ආරංචි වූ නෙදුන්කේනි පොලිසිය තුවාලකරු රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත. කෙසේවෙතත් රෝහල්ගත කිරීමෙන් අනතුරුව තුවාලකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගොස් ඇත්තේ, වයස අවුරුදු 58ක පට්ටිකුඩිරිප්පු-නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවකි. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නෙදුන්කේනි පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
