Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අසත්‍ය පුවතක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, සියලුම දුරකථන සංවාද පටිගත කිරීම, දුරකථන ඇමතුම් ගබඩා කිරීම සහ වට්ස්ඇප්, ෆේස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය.
නවෝත්පාදන දිරිගන්වමින් නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමට කටයුතු කරනවා – අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත
නවෝත්පාදන දිරි ගැන්වීම ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කීරීමට උර දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව සංවිධාන කරන විද්‍යා හා තාක්ෂණ සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයට අයත් ආයතන තුළ ප්‍රධානීන් ලෙස පත් කර සිටින සියලු දෙනා එම විෂය ප්‍රවීණයන් බවයි. එමෙන්ම එම පිරිස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට ප්‍රවේශ කරගැනීම හරහා එම ක්ෂේත්‍රයන්හි වේගවත් වර්ධනයක් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දේශගුණ විපර්යාස කෙරෙහි මෙන්ම පිරිසිදු බලශක්ති ප්‍රභවයන් හා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි විද්වතුන්ගේ අවධානය මෙවර යොමු වී තිබීම කාලෝචිත බවයි. මීට අමතරව සුළං, හිරු…
පහත දමන ලද මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට ආහාර ද්‍රව්‍ය ලබාදෙන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා අද දිනයේ පිටකොටුව ප්‍රදේශයේ පවතින සියලු ආපන ශාලා පරීක්ෂා කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට මෙන්ම සියලු පාරිභෝගිකයින්ට වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා වගකිව යුතු අදාළ පාර්ශව එම මොහොතේම දැනුවත් කරන බව එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බත් පැකට්ටුවක, ෆයිඩ් රයිස් සහ කොත්තුවක මිල සියයට 20 කින් අඩුකිරීමටයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කළේ. ප්ලේන් ටී එකක මිල රුපියල් 30 ක් දක්වා අඩුකෙරුණද කිරි…
වතුකරයේ ජනතාව විසින් නව වෘත්තීය සමිතියක් පිහිටුවා ගෙන තිබෙනවා. එම වෘත්තීය සමිතිය නම් කර ඇත්තේ , “කඳුරට ජනතා බලය” ලෙසින්. එහි සමාරම්භක අවස්ථාව ඊයේ (05) දින හැටන් ප්‍රදේශයේ දී සිදු කෙරුණා. වතුකරයේ ජනතාවගේ මෙතෙක් නොවිසඳුනු ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් මෙම නව වෘත්තීය සමිතිය පිහිටුවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදුන්නේ නම් එය භාර ගැනීමට සූදානම් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ. මේ අතර පවතින දේශපාලන නායකත්වයෙන් මිදී, අලුත් දේශපාලන නායකත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් විය යුතු බව, විශේෂඥ වෛද්‍ය චමිල් සංජීව පවසනවා. ඊයේ (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළා.
වැලමිටට මදක් ඉහළින් වෙන්වී ගිය 21 හැවිරිදි තරුණියකගේ අතක් සාර්ථකව බද්ධ කළ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම තරුණියගේ අත වෙන් වී තිබුණා. කෑගල්ල දීවෙල එරබුදුපිටිය ප්‍රදේශයේ ඥාති පවුල් දෙකක් අතර, ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමක දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තරුණියකගේ වම් අත වැලමිටට මදක් ඉහළින් වෙන් වී ගොස් තිබුණා. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ 21 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියක්. අතේ වෙන් වූ කොටස අයිස් යෙදූ කවරයක බහා, එයත් රැගෙන තරුණිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට ඇගේ ඥාතීන් කඩිනමින් පියවර ගෙන තිබුුණා. යුහුසුළුව ක්‍රියාත්මක වූ…
අද (06) දිනයේ දී බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතර අදාල පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර දකුණු මුහුදුබඩ ප්‍රදේශවල උදේ කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි. තව ද අප්‍රේල් 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුව ම ඉහලින් සූර්යයා පවතින බැවින් අද (06) දිනයේ දී දහවල් 12:13 ට උඩුගම, නෙළුව, මඩුවන්වෙල,…
වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් පුද්ගලයන් විදෙස් ගත කිරීමේ ජාවාරමක නියැලුනු පුද්ගලයෙක් ඊයේ (05) පස්වරුවේ බොරැල්ල රිජ්වේ ආර්‍යා ළමා රෝහල අසල දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරැල්ල පොලීසියට ලැබුණු ඔත්තුවක් මත කරන ලද වැටලීමකින්. අදාල තැනැත්තා විසින් පුද්ගලයෙකු ඔස්ට්‍රෙලියාවට යවන බව පවසා ඔහුගෙන් රුපියල් 70,000ක මුදලක් වංචා කර තිබෙන බවද විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 56ක් වන යක්විල, පන්නල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සැකකරු අද (06) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් අවාසනාවන්ත ලෙස තරුණියක් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි රසාංජලී නමැති 22 හැවිරිදි වියේ පසුවූ තරුණියකි. ඇය සිය පෙම්වතා සමඟ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී තිබේ. ඔවුන් දෙදෙනා තවත් කෙටි කලකින් විවාහ ගිවිස ගැනීමට සිට ඇත. ඔවුන් දෙදෙනා ඊයේ දිනයේ මෙලෙස වරකාපොල උඩුවක ඇල්ල නැරඹීමට ගොස් ඇත. අනතුරුව යළි නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ බටලීය කජුගම ප්‍රදේශයේදී සිය ස්කූටර් වර්ගයේ යතුරුපැදිය මාර්ගය අයිනේ නවතා ඇත්තේ කජු මිලදීගැනීම සඳහාය. මියගොස් ඇති තරුණිය යතුරුපැදිය අසළ සිටියදී පෙම්වතා කජු වෙළෙඳසැලක් වෙත ගොස් ඇත. ඒ ක්ෂණයකින් අධික වේගයෙන්…
බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. සමස්ත නිෂ්පාදකයින්ගෙන් ගෑස් පරිභෝජනය සිදුකරනු ලබන්නේ සියයට 25ක පමණ වන බව එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේය. ගෑස් මිල අඩුකිරිමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.