Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වීරකැටිය – හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබේ. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. වෙඩිතැබිමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ, 53 හැවිරිදි පුද්ගලයෙකි.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (19) පසවරු 1.30 සිට අද පස්වරු 11.30 තෙක් එම නිවේනදය වලංගු වන බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
විදුලිබිල වැඩි කිරීමට එරෙහිව හෙට (20) රාත්‍රී 7 ට සියලු විදුලි පහන් නිමා දමන ලෙසට මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටී. මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අනුරුද්ධ සෝමතුංග මහතා ඒ සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවන් අදහසකි. “හෙට දවස තුළ දී පස්වරු 7ට ඔබේ නිවසේ විදුලි පද්ධතිය ටිප් ස්විච්චයෙන්ම නිමා දමන්න. විදුලි පහන්, උපකරණ භාවිතය අත්හරින්න. පද්ධතියෙන් ඉවත් වෙන්න. ඔබේ විදුලි පහන් නිවා දමන්න. ඒ බලපෑම සංකේතවත්ව අපි ජනගත කරමු.” මේ අතර වැඩිවූ විදුලි බිල සංශෝධනය කරන්නැයි ඉල්ලමින් ඊයේත් ප්‍රදේශ කිහිපයකදි විරෝධතා පැවැත්වුණි. විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් සංවිධානය කළ විරෝධතාවක් පුත්තලම වාන…
කැබිතිගොල්ලෑව – පූනෑව මාර්ගයේ මහකුඹුගොල්ලෑව හන්දිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කුඩා දැරියක් මෝටර් රථයක ගැටී මියගොස් තිබේ. සිය මව සමග මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ මව ද වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 13 හැවිරිදි මහකුඹුගොල්ලෑව, පූනෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි. මැදවච්චිය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අදාළ මෝටර් රථයේ රියදුරුට හදිසියේ ඇති වු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මැදවච්චිය රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි. කැබිතිගොල්ලෑව පොලීසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගීවන තවත් තරගයක් අද (19) පැවැත්වේ. නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. මේ වන විට පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්ව ඇති අතර එහි දෙවන තැන හිමිව ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටය. මේ අතර දෙවන කාණ්ඩය යටතේ පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරගය ද අද පැවැත් වේ.
75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන ජනරජ පෙරහැර අද (19) පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතය. පෙරහැර පස්වරු 06.30ට මහනුවර ශ්‍රී දළදා මාළිගයේ සිට වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර එය දළදා වීදිය, යටි නුවර විදීය සහ රජ වීදිය ඔස්සේ ගමන් කිරීමට කටයුතු යොදා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ උපදෙස් අනුශාසනා මත ශ්‍රී දළදා මාළිගයේ දියවඩන නිළමේවරයා සහ සතර මහා දේවාල නිළමේවරුන් ඒකරාශීව පෙරහැර පවත්වයි. පෙරහැර නැරඹීම සඳහා තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය. පෙරහැර හේතුවෙන් අද පස්වරුවේ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක්…
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුද ඉහළ දැමිය යුතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය කළ විමසීමකදී පැවසුවේ. නිසි අධ්‍යයනයකින් අනතුරුව ජල ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමටයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සූදානම් වන්නේ. ජලාශවල සිට පාරිභෝගිකයා දක්වා පානීය ජලය බෙදා හැරීමේදී වැයවන සමස්ත මුදලෙන් සියයට 35ක්ම වැය වන්නේ භාවිත කෙරෙන විදුලිය සඳහා බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පෙන්වා දෙන්නේ. පසුගිය වසරේ සැප්තැම්බර් පළමුවනදා සිටද පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේ ජල ගාස්තු ඉහළ දැමුණා. ඒ අනුව ජල ඒකකයක් සඳහා…
අමෙරිකාවේ ෆ්ලොරීඩාහි 06 හැවිරිදි දැරියක් විසින් නොදැනුවත්කමින් සිදුකළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එම දැරියගේ මිත්තණිය තුවාල ලබා තිබේ. මිත්තණිය සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි දැරිය රථය තුළ තිබූ ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් ඉන් තුවාල ලැබූ 57 හැවිරිදි මිත්තණිය ඒ පිළිබද හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමග ඇය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීමට කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෝටර් රථය තුළ තිබූ මිත්තණියට අයත් ගිනිඅවියකින් දැරිය වෙඩි තැබීම සිදුකර ඇති බවට සහ එය නොදැනුවත්කමින් සිදුවූවක් බවට අනාවරණය වී ඇත. අමෙරිකාව තුළ ගිනිඅවි ආරක්ෂාව පිළිබඳ පවතින ගැටලුකාරී තත්ත්වයට මෙය උදාහරණයක් බව පෙන්වා…
තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නියමයකින් තොරව කල්දැමීමට මැතිවරණ කොමිසම තීරණය කිරීමත් සමග මූලික සංවිධාන කටයුතුවලට අදාළ පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් යොමුකර තිබේ. සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන් වෙත අදාළ ලිපිය යොමුකර ඇත. ඒ අනුව සියලු සේවකයින්ට එළඹෙන සඳුදා දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාව ප්‍රකාශයට පත්කර ඇති අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් වන අතිකාල රාජකාරීද අත්හිටුවන බව දැනුම් දී ඇත. සති අන්ත හා රජයේ නිවාඩු දින ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වසා දැමීමට කටයුතු කළයුතු බවද අදාළ ලිපියේ දැක්වෙයි. කිසියම් විශේෂ රාජකාරියක් සඳහා සතිඅන්ත හෝ නිවාඩු දිනවල…
නිෂ්පාදන වියදම්වල වැඩිවීම හේතුවෙන් වී කිලෝවක් සඳහා රුපියල් 140ත් 150ත් අතර මිලක් ලබාදෙන්නැයි ගොවීන් රජයෙන් ඉල්ලා සිටි. එම මිලට වී නොගතහොත් වී අලෙවියෙන් වළකින බව ගොවි සංවිධාන රජයට අනතුරු අඟවා තිබේ. මේ අතර බිත්තර ආනයනය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබුණද කුකුළු ගොවිපොළ ව්‍යාපාරිකයින් පවසන්නේ තම කර්මාන්තයට එමගින් හානියක් සිදුවිය හැකි බවය. කෙසේවෙතත් වෙළඳපොලේ බිත්තර හිඟය මේ වන විට උග්‍රවී තිබේ. එමෙන්ම බිත්තර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා විවේචනයට ලක් කළ අතර ඊට අද කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්විය. ඔහු පැවසුවේ ආපනශාලා සහ බේකරි නිෂ්පාදන සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය මහජනතාවට…