Author: LANKA24X7

තම නිවසේ වැසිකිළි වලට කාබයිට් නමැති රසායනික ද්‍රව්‍ය යොදමින් සිටියදි වැසිකිළිවල පුපුරා යමෙන් එම පුද්ගලයා තුවාල ලබා මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක සේවය කරනු ලන පිලාන වංචාවල ඩබ්ලිව්.ජී.මනෝජ් නිශාන්ත නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වැසිකිළි වලේ අපද්‍රව්‍ය දිරා යාමත් දුර්ගන්ධය නැති කිරිමත් සදහා වැසිකිලි වලට කාබයිට් රසායනික ද්‍රව්‍ය දමමින් සිටියදි එක් වරම වැසිකිළිවල පුපුරා යාමෙන් ඔහු තුවාල ලබා ඇත. පසුව අසල්වාසින් විසින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුලු කරණ අවස්ථාවේම මියගොස් ඇත.

Read More

සිය මිතුරන් සිව් දෙනෙකු සමඟ මාතලේ ඇල්කඩුව හුන්නස්ගිරියවත්තේ දිය නෑමට ගිය මහනුවර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ඊයේ (12)දා පස්වරුවේ දිය ඇල්ලෙන් පහතට වැටි මිය ගොස් ඇති බවත් තවත් සිසුන් දෙදෙනකු තුවාල ලබන ඇති බව පොලිසිය කියයි . මෙසේ අවසනාවන්ත අනතුරට පත්ව මියගොස් ඇත්තේ මහනුවර සුමංගල විද්‍යාලයේ උසස් පෙළ පංතියේ ඉගෙනුම ලබන තරුෂ්ක නවින් ඒකනායක (19) හැවිරිදි සිසුවෙකු වන අතර ඔහු වත්තේගම මීගම්මන ප්‍රදේශයේ පදිංචි අයෙකි. තුවාල ලැබු අනෙක් සිසුන් දෙදෙනා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි. මෙම සිසුන් තිදෙනා තවත් මිතුරකු සමඟ මාතලේ හුන්නස්ගිරිය වත්තේ දිය ඇල්ලක දිය නෑමට ගොස් ඇති අතර මෙම පාසල් සිසුන් තිදෙනා සමඟ පැමිණ ඇති…

Read More

මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ශ්‍රී ලාංකිකයන් ලබාගෙන ඇති ණය මුදල්වලින් සියයට 82.6 ක් වාහන සහ රන් ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ. ඉන් සියයට 63.2 ක් වාහන ඇපයට තබා ලබාගත් ණය බවත් තවත් සියයට 19.4 ක් රන් භාණ්ඩ ඇපයට තබා ලබාගත් ණය බවත් එම වාර්තාවේ දැක්වේ. එසේම මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ණය සහ අත්තිකාරම් මුදල් ගැනීම් පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 35.1 කින් ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. එසේම මෙම වසරේ දෙවැනි කාර්තුව අවසානය වනවිට වාහන සඳහා ලබාගෙන…

Read More

මත්ද්‍රව්‍ය සහ දේශපාලකයා අතර විශාල ඥාතීත්වයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බණ්ඩාරවෙලදී ඊයේ (12)පැවසීය. දරු පරපුර මත්ද්‍රව්‍ය වලට ගොදුරු වීමේ අනතුර ගැන සෑම විටම අසන්නට ලැබෙන බව කී ජනාධිපතිවරයා එය රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් අවසන් කළ හැකි දෙයක් නොවන අතර ඒ සඳහා ජනතාවගේ සහය අවශ්‍ය බව සඳහන් කළේය. “චිත්‍රය භයානකයි.මේ කළු ව්‍යාපාරය සෑම තැනකම අතු පතර විහිදවා පැතිර තිබෙනවා.පොලිසිය තුළ,හමුදාව තුළ,රේගුව තුළ ආදී ක්ෂේත්‍ර ගණනාවක මෙය පැතිර තිබෙනවා. මත්ද්‍රව්‍ය සහ දේශපාලකයා අතර විශාල ඥාතීත්වයක් තිබෙනවා.විශාල ලෙස මුදල් සංසරණය වෙනවා. නිල හමුදා කඳවුරු වල තිබෙන ආයුධ පාතාලයට එනවා.අපට තෝරාගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එකක් මෙය නොදැක්කා වගේ ඉදිරියට යාමයි.නැති නම්…

Read More

මාතලේ ලග්ගල මොරගහකන්ද ජලාශයේ නැරඹුම් ස්ථානය අසල අඩි 20 ක පමණ ප්‍රපාතයක තිබී උරයක දමා තිබූ ගිනි අවි උණ්ඩ 1163ක් ඊයේ (12) සොයා ගත් බව නාඋල පොලිසිය පවසයි. මේ දිනවල පවතින වියළි කාලගුණ තත්වය නිසා මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම අඩුව ඇති අතර ජලාශයේ ධීවර කර්මාන්තයේ නියැලුණු පුද්ගලයකු එම ජීව උණ්ඩ සහිත උරය දැක නාවුල පොලිසිය වෙත දැනුම් දී ඇත. එම පණිවිඩයට අනුව ක්‍රියාත්මක වූ නාවුල පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම විසින් අදාළ උණ්ඩ සහිත උරය පොලිස් භාරයට ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනයේදී අදාළ පතුරම් කවුරුන් විසින් කුමන දිනයක ගෙනවිත් දැමුවේද යන්න පිළිබඳව අනාවරණය වී නොමැත. සොයාගත් උණ්ඩ අතර…

Read More

විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 695.7 ක මුදල් ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවත් එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 25.2 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. ඒ අනුව මෙම වසරේ පළමු මාස 9 තුළ විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.81 ක මුදල් ප්‍රමාණයක් ඒවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දුන්නේය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 555.6 ක…

Read More

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිද්ධියට සම්බන්ධවූ නීතිඥවරයාගේ හැසිරීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ල පළ කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. ඔහුගේ අශෝභන හැසිරීම අධිකරණයට කළ අපහාසයක් හැටියට සලකන බව පැවසූ අමාත්‍යවරයා රාජකාරියට බාධා කර අධිකරණයට අගෞරවයක් ඇති කරමින් හැසිරුණු එම නීතිඥවරයා සම්බන්ධයෙන්ද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය. නීතියට උඩින් කිසිවකු හෝ නැතැයිද ඔහු ප්‍රකාශ කළේය. ගල්කිස්ස අධිකරණයේදී නීතිඥවරයකු සමග ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පොලිස් නිලධාරියාට අගතියක් වෙනවා නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පොලිසිය බාර අමාත්‍යවරයා විදියටත් පොලිස් දෙපාර්තමේන්තුව හැටියටත් ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් කරන බවද ඔහු සඳහන්…

Read More

බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දි දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබේ. අද අළුයම 3.15 ට අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ මන්දගාමි දුම්රිය මෙම පස් කන්ද මතින් ගමන් කිරීමේදී දුම්රිය නතර කිරීමට සිදුව ඇත . ප්‍රදේශවාසින්ගේ සහයෙන් පස් ඉවත් කර දුම්රිය ධාවනය යලි යතා තත්ත්වයට පත්කරමින් සිටී. ඒ අනුව එක් දුම්රිය මාර්ගයක් පවතින මාගල්කන්ද ප්‍රදේශයෙන් දුම්රිය ධාවනය මුළුමනින්ම අවහිර වී ඇත.

Read More

බස්නාහිර, සබරමුව, දකුණු සහ වයම පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More

සිය පුත්‍රයාට පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සහා කළ පියෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පිස්තෝලයක් අතැතිව පුද්ගලයෙකු සිටින බවට ආරච්චිකට්ටුව පොලිසියට ලද දුරකතන ඇමතුමකට අනුව සිදු කළ පරීක්ෂාවකදී අදාළ පුද්ගලයා පිස්තෝලය ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට වසර තිස් පහකට පමණ පෙර සිය පවුල අතහැර වෙනත් ප්‍රදේශයකට පදිංචියට ගොස් ඇති අතර ඒ වන විට ඔහුගේ පුත්‍රයාට වයස අවුරුදු හතරක් වන බව වාර්තා වේ. වෙඩි තැබීමට උත්සහා කළ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලීසිය විසින් සිය භාරයට ගත් අදාළ පිස්තෝලය මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් වන අතර එය මිට වසර 15කට පමණ පෙර ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිටි දාමරිකයෙකු විසින් තමාට ලබා…

Read More