Author: LANKA24X7

සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහකට ලක්වූ සුනඛයින් දෙදෙනෙකු මෝටර් රථයකින් යටකර පලායාමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක් මතුරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුලව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. සැකකාර කාන්තාව අධිකරණය හමුවේ තමන් කළ වරද පිළිගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ජූනි මස 01 වනදා යළි කැඳවීමට නියමිතයි. එලෙස ඇප මත මුදා හැර ඇත්තේ 28 හැවිරිදි කාන්තාවක්. පදියපැලැල්ල, රිකිල්ලගස්කඩ මාර්ගයේ කඳුරකඩේ ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සැකකාර කාන්තාව අදාළ මෝටර් රථයේ හිමිකරුගේ සහෝදරයාගේ බිරිඳ බව ද අනාවරණ වී…

Read More

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා වෙත හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා, “වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිත්‍යානුකූල බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද ලැබෙනවා. අපි තරයේ විශ්වාස කරනවා වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ බලය පාවිච්චි කළ යුතුයි කියලා. දැන් මැතිවරණ පවත්වනවාද මැතිවරණ පවත්වන කාලය මේ සියල්ලම තීරණයේ වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතියට අනුකූලව නෙවෙයි. එක පුද්ගලයෙකුගේ අභිමතය පරිදි. මුදල් ඇමතිවරයා තමයි. ඒ සියල්ලක්ම තීරණය කරන්නේ.”

Read More

”ඡන්දය දියව්” යන්න තේමා කරගනිමින් සමගි ජන බලවේගය ඊයේ (20) පස්වරුවේ කොළඹදී පැවැත්වූ විරෝධතාවය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමට ආණ්ඩුව උත්සාහ කරන බවට චෝදනා කරමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත විය. මරදාන ටෙක්නිකල් මංසන්ධියට රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විරෝධතාකරුවන් එහි සිට කොටුව දෙසට විරෝධතා පා ගමන ආරම්භ කළේය. පිරිස මෙලෙස විරෝධතා පාගමනක නිරතවුණේ ස්ථාන කිහිපයකට ඔවුන්ට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබූ පසුබිමකය. විරෝධතාකරුවන්ට මුදල් අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය , ජනාධිපති මන්දිරය ,සහ ගාලු මුවදොර භූමියට ඇතුළුවීම එමගින් වළක්වා තිබුණි. නියෝගයෙන් වැඩිදුරටත් දන්වා තිබුණේ ගාලුමුවදොර අවට මාර්ග…

Read More

රට පුරා සිදුකරන සමීක්ෂණ මඟින් සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමේ සුදුසුකම් සහිත පුද්ගලයින් සංඛ්‍යාව කපා හැරීමට රජය ක්‍රියා කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ආර්.එම් රංජිත් බණ්ඩාර මහතා සඳහන් කළේ, සුදුසුකම්ලාභීන් තෝරා ගැනීම සඳහා බව පවසමින් තම නිලධාරීන් යොදවා රජය සමීක්ෂණයක් සිදුකරන බවය. “සුබ සාධන ලැබීමේ සුදුස්සන් තේරීම – 2022” ලෙස නම් කර ඇති එම සමීක්ෂණය ට විරෝධය පා මේ වනවිට වැඩවර්ජනයක් දියත් කර ඇතැයි ද රංජිත් බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම සමීක්ෂණය සිදුකරන ලෙසට තම සංගමයට දිගින් දිගටම බලපෑම් සිදුකරන බවය. “සමාජ සුභසාධන මණ්ඩලයේ සභාපතිවරයා, අපිත් එක්ක කරපු සාකච්ඡාවේ දී හරි පැහැදිලිව…

Read More

රඹුක්කන පොලිස් වසමේ කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයේ කිරිවල්ලාපිටිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (20) රාත්‍රියේ එම අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60ක පමණ අයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි. මෘත ශරීරය කෑගල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

තුර්කියේ සිදුවූ භූකම්පනයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක ප්‍රබලතාවයකින් යුතුව ඊයේ (20)හටගත් භූකම්පනයෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයින් 680කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. පසුගිය 06 වනදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් දෙරටේ පුද්ගලයින් 44,000ක් පමණ මියගොස් ඇති බවට අනාවරණය කර තිබුණි. තුර්කි – සිරියා දේශසීමා තුළ තවදුරටත් භූකම්පන සිදුවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

බොරැල්ල පිහිටි රජයේ රජයේ මුද්‍රණාලයට හමුදාව සහ පොලිසියේ විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. යුද හමුදා නිලධාරීන් 100කට ආසන්න පිරිසක් සහ පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසකගෙන් සමන්විත විශේෂ බලඇණියක් මෙලෙස මුද්‍රණාල පරිශ්‍රයට යොදවා ඇත.

Read More

විවාහය සාර්ථක කරගැනීම සඳහා දේවාලයක් වෙත පැමිණි තරුණියක් දූෂණය කළ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට අධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ. මෙලෙස සිර දඬුවමට ලක්ව ඇත්තේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි. එහිදී අධිකරණය විසින් සැකකරුට වසර 15ක සිර දඬුවමක් ලබා දී ඇත. ඊට අමතරව රුපියල් දහසක දඩයක් ගෙවන ලෙසත් එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක් හිමි යුතු බවත් අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ. 2012 වර්ෂයේ ජූනි මස 28 වනදා දූෂණයට ලක්ව ඇති බව පැවසෙන කාන්තාව සිය පෙම්වතා සමඟ සිය විවාහය සාර්ථක කර දෙන්නැයි ඉල්ලා පූජාවක් තැබීමට අදාළ දේවස්ථානයට පැවසෙන ස්ථානය වෙත ගොස් ඇත. එහිදී සැකකාරු විසින්…

Read More