Author: LANKA24X7

මෙනින්ගොකොකල් – මෙනින්ග්ජයර්ටීස් නමැති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගතයුතු නැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ, සෑම වසරකම මෙවැනි රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වන බවය. ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් හදිසියේ අසනීප තත්ත්වයට පත්වු අතර ඔවුන්ට මෙම මෙනින්ගොකොකල් – මෙනින්ග්ජයර්ටීස් නමැති රෝගී තත්ත්වය වැළදී ඇති බවට අනාවරණය වී තිබුණි. ඒ අනුව මෙම රෝගී තත්ත්වය පැතිර යාම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේය. “මෙම රෝගී තත්ත්වය යටතේ සෑම වසරකම රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වෙනවා. මේක හඳුනා නොගත් රෝගී තත්ත්වයක් නෙමෙයි. මේක ආශ්‍රිතයින් මාර්ගයෙන්…

Read More

“අපි ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. කාගේ ආණ්ඩු තිබුනත් එදිනෙදා වියදම් පවා පියවා ගන්න ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට තිබුණේ නැතැයි කී අමාත්‍යවරයා මුළු ආදායම ප්‍රමාණවත් වී තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විශ්‍රාම වැටුප් ,සමෘද්ධි ආධාර මෙන්ම රාජ්‍ය ණය පොලී ගෙවන්න පමණක් බව පැවසීය. ණය ගෙවුවේ නැතොත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය සම්බන්ධ ආයතන විසින් රට පහත හෙලා කිසිම දෙයක් ගෙවන්න බැරි රටක් නම් කරනු ඇතැයි ද එවිට මහ රජ්ජුරුවෝ ලංකාවේ ජනාධිපති වුණත් ජාත්‍යන්තරය ණයවර ලිපි පිළිගන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.එවිට හිතවත්කමට වාහන රෝද කැරකෙන්නේ නැතැයි ද…

Read More

වකුගඩු රෝගි, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා ගෙවීමට රුපියල් කෝටි 268 කට අධික මුදලක් (මිලියන 2,684) මුදලක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාණ්ඩාගාරය යොමුකර ඇති බවත් එම මුදලින් ජුලි මාසයේ අදාල ගෙවීම් කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල හරහා ද, ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යල හරහා ද ජනතාවට එළඹෙන සිකුරාදා සිට ගතහැකි බව ද අමාත්‍යවරයා කීය.

Read More

නීති විද්‍යාලයට ප්‍රවේශවීමේ විභාග ගාස්තු සියයට 257කින් ඉහළ දැමීම හේතුවෙන් එම සිසුන් මවුපියන් දැඩි දුෂ්කරතාවයට සහ අසහනයට පත්ව සිටින හෙයින් විභාග ගාස්තු සහ ලියාපදිංචි ගාස්තු වහාම අත්හිටුවා දරාගත හැකි ගාස්තු අය කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23)පැවසීය. ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. මෙවැනි අසීමිත ගාස්තු අය කළේ කුමන පදනමකින් දැයි ඔහු ප්‍රශ්න කළේය. සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය. නීති විද්‍යාලයට ප්‍රවේශවීමේ විභාග ගාස්තු සියයට 257 කින් වැඩි කරල තියනවා. පළමු වසරේ සිසුන්ට 67500ක් ගෙවන්න තියෙනවා. මේක බරපතළ ප්‍රශ්නයක්. මේක ගෙවන්න බැරුව බැරුව වාරික දෙකකට කඩලා තියෙනවා. 40,000, 27500 විදිහට. ඒ…

Read More

රෝගීන්ට ශල්‍යකර්ම සිදුකිරීමට පෙර නිර්වින්දනය කිරීම‌ට භාවිතා කරන නිර්වින්දන වායු ඔෟෂධ රටපුරා රෝහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය. නිර්වින්දන වායු ඖෂධ හිඟවීම නිසා නුවරඑළිය රෝහලේ ශල්‍යකර්ම දින දෙකක් තිස්සේ සීමාකර තිබෙන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කීය. නුවරඑළිය රෝහලේ ඉකුත් දින දෙකේදී සිදුකළේ හදිසි ශල්‍යකර්ම පමණක් බවද කොළඹදී ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකඡ්චාවකදී ජයන්ත බණ්ඩාර මහතා කීය.

Read More

දරු පල නොමැති තම බාල සොහොයුරියට බද්ධ කිරීම සඳහා වැඩිමහල් සොයුරිය ඇයගේ ගර්භාෂය පරිත්‍යාග කළ පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වී තිබේ. දරුවන් දෙදෙනකුගේ මවක් වීමට වාසනාව ලද 40 වියැති වැඩිමහල් සොයුරිය දරුවන් නොමැති තම 34 හැවිරිදි බල සොයුරියට මවක් වීම සඳහා අවස්ථා ලබා දීමට ඇයගේ ගර්භාෂය බාල සොයුරියට පරිත්‍යාග කර ඇත. සොයුරියන් දෙදෙනාම විවාහකයන් වුවත් බාල සොයුරියගේ ගර්භාෂය දරු කළලයක්‌ දරා ගැනීමට අවශ්‍ය අයුරින් වර්ධනය නොවීම හේතුවෙන් ඇයට මවක් වීමට හැකියාව ලැබී නොමැත. ඒ හේතුවෙන් වැඩිමහල් සොයුරිය පරිත්‍යාග කළ ගර්භාෂය පැය 9 විනාඩි 20 ක ශල්‍ය කර්මයකින් පසුව බාල සොයුරියට සාර්ථකව බද්ධ කිරීමට ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව ඇත.…

Read More

ඉන්දියාවේ ඉදිවෙමින් පවතින දුම්රිය පාලමක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දියාවේ මිසොරාම් ප්‍රන්තයේ අගනගරය වූ අයිසොල් සිට කිලෝ මීටර 12 ක් පමණ දුරින් මෙම සිදුවීම සිදු වී ඇත. දුම්රිය පාලම කඩා අවස්ථාවේ 40 ක පමණ කම්කරුවන් පිරිසක් එහි සේවය කර තිබේ.මියගිය 17 දෙනා පාලමේ ඉදිකිරීම් කටයුතු වල නිරත වූ සේවකයන් බවත් සුන්බුන් වලට යටවූ සේවකයන් සිටී දැයි සොයා බැලීම සඳහා මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත. අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ ළඟම ඥාතියාට ඉන්දීය රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ තුවාල ලැබූ පුද්ගලයන්ට ඉන්දීය රුපියල් 50000 ක මුදලක් ලබා දෙන බව එරට අගමැති…

Read More

මාර්ගයක ගමන් ගත් කාන්තාවක ගෙල පැලැඳ පෙන්ඩනය සහිත රන් මාලය කඩා ගත් බව කියන නාවික භටයක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාර නාවික හමුදා භටයා ළඟ තිබී පෙන්ඩනය සහිත රත්තරන් මාලය ද පොලිස් භාරයට ගෙන තිබේ. අඩංගුවට ගත් සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකි. සැකකාර නාවික භටයා කඳවුරෙන් නිවාඩු ලබා පැමිණ සිටි අතර වාරයේ මෙම රන්මාල කොල්ල කෑම සිදු කර ඇති බව පොලිසිය කියයි

Read More

නීත්‍යානුකූල නොවන ලෙස මෙරට ගෙන්වීමෙන් පසුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය භාරයට ගත් ජංගම දුරකථන අමතර කොටස්, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, විසිතුරු බඩු සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු රුපියල් කෝටි 9 කට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් විනාශ කළේය. මෙම භාණ්ඩ තොගයට මෝටර් රථ අමතර කොටස් 62,900 ක් පමණ ඇතුළත් බව කී රේගුව මෙවැනි ව්‍යාජ භාණ්ඩ පරිහරණයෙන් පාරිභෝගිකයාට සැළකියයුතු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.

Read More

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පසුගියදා ගිනිගත් කර්මාන්ත ශාලාවේ යළි ගිනි ගැනීමේ අවදානමක් මතුවූ බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. ඒ අනුව ප්‍රදේශය පුරා දැඩි දුමාරයක් කර්මාන්ත ශාලාව අවට පැතිර ගිය බවත් එය පාලනය කිරීමට ගිනි නිවන රථ ගෙන්වා ඇති බවත් පොලිසිය කියයි. පසුගිය සතියේ ගිනිගත් කර්මාන්තශාලාවේ ගබඩා කර තිබූ ක්ලෝරීන් මතට වැසි ජලය පතිත වීමත් සමඟ මෙසේ දුමාරය හට ගෙන ඇති බවටයි පොලීසිය සැක කරයි. ශ්‍රී ලංකා පොලීසිය පනාගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා ගිනි නිවන භටයින් පැමිණ ගින්නක් හට ගැනීමේ අවධානම පාලනය කරමින් තිබේ.

Read More