Author: LANKA24X7

රටේ ජාතික ආරක්ෂාව සහ ජාතිවාද කෝලාහල සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශයකින් කිසිම තොරතුරක් ලැබී නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය. මෙය තමා ප්‍රකාශ කරන්නේ වගකීමෙන් බවද ඔහු සඳහන් කළේය. තෙන්නකෝන් මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය. විවිධ කට කතා, ෆේස්බුක් පණිවිඩවලට උත්තර දිදී ඉන්න බැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු දක්වනවා. රටේ සමහර තැන් වල සමහර කණ්ඩායම් දේශපාලනික උත්තේජනය උඩ මේ රටේ ජාතිවාදී කලබල හා කෝලාහල ඇති කිරීමට විවිධ උත්සාහ ගන්න බව අපිට පැහැදිලිව නිරීක්ෂණය වනවා. ඒ කණ්ඩායම් ගැන රජයේ…

Read More

රත්මලාන දුම්රිය පොළ අසල මස් වෙළඳසලක හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රගර් ක්‍රීඩකයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. එම සැකකරු සමඟ හොරයින් මත් කුඩු සහ ජංගම දුරකථනයක් ද පොලිස් බාරයට ගෙන ඇත. ඉකුත් 21 වෙනි දින රාත්‍රියේ දී රත්මලාන අරලිය මාවතේ පදිංචිව සිටි අනුර දේශප්‍රිය සිල්වා (40) නමැති කුකුල් මස් වෙළෙඳ සලක හිමිකරු වෙළඳසල තුළ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පළා ගොස් තිබිණි. සැකකාර රගර් ක්‍රීඩකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනාව මත බව පොලීසිය සඳහන් කරයි. එම සැකකරු මීට පෙර අවස්ථාවක පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින්…

Read More

ප්‍රදේශ කීපයකට (25) උණුසුම් කාලගුණ තත්වයක් පවතින බවත් එම උණුසුම් තත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව්, වවුනියාව සහ මෙරණරාගල යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පැවතිය හැකි බවත් එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

Read More

කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ මාකඳුර 31 කණුව ආසන්නයේ මාර්ග රක්ෂිතයේ වගාකර තිබූ කුඹුක් ගස් රැසක් අද 24 දහවල් ඇතිවූ ගින්නක් හේතුවෙන් විනාශවී ඇති බව පන්නල පොලීසිය කියයි. ප්‍රධාන මාර්ගයට ආසන්නයේ ඇති කුඹුරු යායට තබන ලද ගින්නක් පැතිරිම නිසා මෙම කුඹුක්ගස්ද එම ගින්නට හසුවන්නට ඇති බවද පොලීසිය සැක පහලකරයි. මෙම ගිනිගැනිමේ සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයට පැමිණි පන්නල ප්‍රාදේශීය ලේකම් නීතිඥ සමන්ත වික්‍රමත්න බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ මෙම කුඹුක් රක්ෂිතයේ ගස් 175 කට ආසන්න සංඛ්‍යාක් තිබූ අතර මීට පෙරද අවස්ථා දෙකකදී ගින්නට හසුවීම නිසා ගස් රැසක් විනාශවී ගිය බවත් මිනිසුන්ගේ නොසැලකිළිමත් කම නිසා අපගේ පරිසර පද්ධතියට විශාල හානි සිදුවන බවත්ය.…

Read More

‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින්ට සහ ‘වැග්නර්’ බලඇණියේ ඉහළ පෙළේ සාමාජිකයන් රැසකට මරු කැඳවමින් සිදුවුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදහස් දැක්වීමක් කළේය. රූපවාහිනියෙන් පෙනී සිටිමින් පුටින් කියා සිටියේ, යෙව්ගෙනි ප්‍රිගොෂින් සහ සෙසු ‘වැග්නර්’ සාමාජිකයන් මියයෑම කනගාටුවට කරුණක් බවය. යෙව්ගෙනි ප්‍රිගොෂින්, වැරදි තීරණ ගත් කෙනකු බව ද පුටින් පැහැදිලි කළේය. ගුවන් අනතුරින් මියගිය සියලු දෙනාගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය පළ කිරීමට ද ජනාධිපති පුටින් අමතක නොකළේය. යෙව්ගෙනි ප්‍රිගොෂින්, කලක් පුටින්ගේ සමීපතමයෙකි. මීට මාස කීපයකට පෙර ඔහු පුටින්ට, රුසියානු රජයට සහ හමුදාවට අභියෝගයක් විය. ඒ, රුසියාවේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කරමිණි. ගුවන් අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ පුටින්ටය.…

Read More

සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩ වෙසෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය දෙවන වරටත් ඊයේ විසන්ධි කිරීමෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලං කාර නාහිමියෝ පැවසූහ. 1954 අවධියේ සිට පාලකයන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිබිල ගෙවීමකින් තොරව නිදහස් කර ඇති අතර මේ වසරේ දෙවැනි වරටත් මෙම විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් අලි, කොටි, ගහන වලසුන් මැද වැඩ වාසය කරන තම ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවද රාහුලාලංකාර නා හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්හ. රුපියල් ලක්ෂ 57 කට ආසන්න මුදලක් ගෙවීමට තිබෙන…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට සහ ඔහු යටතේ ක්‍රියාකරන සියලුදෙනාට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ එම ආයතනය ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගවලට අනුව කොළඹ දිසා අධිකරනය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවය. 2022 වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව සිදුව ඇතැයි සඳහන් කරනු ලැබූ අක්‍රමිකතා සහ අවභාවිතයන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරන ලද විශේෂ…

Read More

චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ගොඩබෑමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු රජය වෙත සිය සුබපැතුම් පිරිනමා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉන්දියාව ලැබූ මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බවයි. මෙය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන් හී අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම

Read More

අද (24) උදෑසන කාලයේ අඩම්පන් පොලිස් වසමේ, මුල්ලිකණ්ඩල් ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුට මෙසේ වෙඩි තබා ඇති අතර, සිද්ධියෙන් 46 හ 53 යන වයස්වල පසුවන පල්ලිමඩු හා උලියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. මෘත ශරීර, සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අඩම්පන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

මගී ජනතාවට බාධාවක් නොවන පරිදි අද (24) දිනයේ දී දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් ඊයේ (23) පස්වරුවේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි. මේ හේතුවෙන් සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් ඊයේ රාත්‍රියේ සිදුවූ අතර එහිදී මගීන් දැඩි දුෂ්කරතාවට පත්වු බව අද දෙරණ වාර්තාකරුවන් පැවසීය. කෙසේවෙතත් දුම්රිය බලධාරීන් මැදිහත් වී දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමත් සමග දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණි. මේ අතර අද දිනයේ හැකි උපරිම ආකාරයෙන් දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්…

Read More