Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට පත්වීමේ ඉඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, තහනම් කරන ලද විදේශ අරමුදල් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව බවද එම වාර්තා පවසයි. මේ අතර පාකිස්තාන මැතිවරණ කොමිසම ආසන්නයේ විරෝධතාවයක නිරතවීමට අදාළ නඩුවක් වෙනුවන් ද ඉම්රාන් ඛාන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයින් 1,137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ගත් ඒකමතික තීරණයකට අනුවය. අදාළ සාමාජිකයින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ සිද්ධි හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය ජනවාරි මාසයේදී 53.2% දක්වා පහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ බව පවසයි. එය ඉකුත් දෙසැම්බර් මාසයේ සටහන්වී තිබුණේ 59.2% ලෙසය.
රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40ක වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් අද (22) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබේ. ඒ අනුව ක්ෂේත්‍ර 40 ක වෘත්තීයවේදීන් හෙට කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇත. ඒ පිළිබඳ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, “සියලුම ක්ෂේත්‍රවල වෘත්තියවේදීන් දහස් ගණනක් හෙට කොළඹට රැස්වෙනවා. මේ තව සංඥාවක් විතරයි. මෙම සියලු ක්ෂේත්‍ර තමන්ගේ රාජකාරීවලින් ඉවත් වුණොත් මේ රට අකර්මන්‍ය වෙන්නත් පුළුවන් කියන කාරණය ආණ්ඩුවට මතක තියාගන්නත් සිද්ධ වෙනවා.”
මැතිවරණ කල්දැමිය යුතු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මාධ්‍යවේදීයා – “මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ඔබතුමාගේ ස්ථාවරය මොකක්ද ?” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ – “මැතිවරණ කල්දාන්න ඕනේ නැහැ. මැතිවරණ තියන්න ඕනේ කියන එකයි අපි කියන්නේ. මැතිවරණ තියෙන්නේ තියන්නනේ. නැතුව කල්දාන්න නෙමෙයිනේ.”
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක් තුළ තිබියදී රූපලාවන්‍යාගාර සඳහා භාවිතයට ගන්නා ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග ආදී කාණ්ඩ 58ක පමණ විශාල භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ. පොලීසියට ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත. ඒ අනුව එහි තිබී ප්‍රමිතියෙන් තොර ලිංගික උත්තේජන ආලේපන වර්ග රැසක් ද සොයාගෙන තිබේ. සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වසර 04ක් තිස්සේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම භාණ්ඩ අලෙවිකරණයේ නිරතවී ඇති බවය. ඒ අනුව මෙම ආයතනයේ හිමිකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. මෙම කටයුතු සිදුකළ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් 03ක් පිළිබඳ තොරතුරු වාර්තාවී ඇති අතර මෙම භාණ්ඩ ජර්මනියේ…
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය පවසයි. එම වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය රාජකාරි කටයුතු සඳහා පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය ඇතුළු තවත් දේපළ කිහිපයක් එහිදි සොරකම් කර තිබුණි. ඒ අනුව පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ලැප්ටොප් දුරකථනයක්, ටැබ් යන්ත්‍රයක් සහ DVR යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකාරිය එම වීසා මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවී සිටි තැනැත්තියක් බවත් සැකකරුවන් අතර සැකකාරියගේ අනියම් ස්වාමි පුරුෂයා සිටින බවත් පොලීසිය කියයි. ඉකුත් 15වනදා අලුයම් කාලයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ තිබූ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සොරකම සිදුකර…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් මේසය මත සවිකොට තිබු මයික්‍රොෆෝනය ගලවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක් එල්ලකර තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ හබරාදුව ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාව ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. හබරාදුව ප්‍රාදේශීය සභාවේ ඊයේ (21) පැවති මාසික සභා රැස්වීම අතරතුරදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.
මහ බැංකුව ප්‍රතිසංස්කරණය සඳහා නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වන බව ඩිව් ගුණසේකර මහතා පවසයි. මූල්‍ය අරමුදලේ ණය සහනය අනුමත වීමට එම ප්‍රතිසංස්කරණ සිදු කිරීම අනිවාර්ය බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය. “CEB එකේ චාජස් වැඩි කරන්නත්, පෙට්‍රෝලියම් එකේ චාජස් වැඩි කරන්නෙත්, සියල්ලම IMF යෝජනා. තවත් අලුත් පොරොන්දුවක් මේක කොහේවත් ලියලාවත් නෑ. අහලත් නැතුව ඇති. ඒක තමයි මහ බැංකුව ප්‍රතිසංස්කරණය කරන්න පනතක් ගේන්න ඇමති මණ්ඩලය ගිය සඳුදා අනුමත කරා කියලා තොරතුරු ලැබෙනවා. තාම නෑ පාර්ලිමේන්තුවට ආවේ. මේක පිළිගත්තොත් තමයි බිලියන 2.9ක පළමු වාරිකය ලැබෙන්නේ. මේක තමා භයානකම සංශෝධනය. මම ඉල්ලා සිටිනවා සියලුදෙනාගෙන්ම මේක ජාතියේ ස්වෛරීත්වයට ඇති වෙන්න යන විශාල…
අද (22) දිනයේ නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශශ පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.