Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි පහත වැටීමක් අද දිනයේ පෙන්නුම් කරනු ලැබුවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් ශත 7 කින් පහළ බැස තිබූ අතර එහි මිල සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 84 යි ශත 70 ක් ලෙසයි.
ඉදිරියේ දී කිරිපිටි වල මිල ගණන් තවදුරටත් පහත හෙළීමට මෙරට ප්‍රධාන කිරිපිටි ආපනයන සමාගම් එකඟත්වය පළ කර බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, එම සමාගම් වල නියෝජිතයින් සමඟ ඊයේ පැවති සාකච්ඡාවේ දී එම එකඟත්වය පළ කළ බවයි. ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වෙළඳ අමාත්‍යාංශය වෙත ලැබීමට ද නියමිතව ඇති බව වෙළඳ අමාත්‍යවරයා මුහුණු පොතේ තැබී සටහනේ දැක්වෙනවා.
විශේෂඥ වෛද්‍යවරු නොමැති වීම හේතුවෙන් හදිසි ශල්‍යකර්ම සිදු කළ යුතු රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර යැවීමට සිදුව ඇති බව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.ඒ.එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර පවසනවා. රෝගීන් මෙලෙස මාරුකර යවා ඇත්තේ කරාපිටිය, මාතර, හම්බන්තොට හා රත්නපුර රෝහල් වෙතයි. එමෙන්ම රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ පවතින තත්වය මත අත්‍යාව්‍ය හා හදිසි සැත්කම් සිදු කළ යුතු රෝගීන් රෝහල වෙත යොමු කිරීමෙන් වලකින ලෙසයි.
යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් සමග සාකච්ඡා කරන බව ඊශ්‍රායලයේ ආර්ථික අමාත්‍ය නීර් බාර්කට් පවසනවා. ඉන්දීය ආර්ථිකය වර්ධනය වෙමින් ඇති බවත් බව එය නුදුරේදීම ලොව 03 වන විශාලතම ආර්ථිකය වනු ඇති බවත් ඔහු පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සිදුවන වෙළඳ ගනුදෙනු පුළුල් කිරීම සහ ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා. ඉන්දියාව යනු ඊශ්‍රායලයේ මිතුරෙකු බවත්, දෙරටම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සඳහා ගරු කරන බවත් ඊශ්‍රායලයේ ආර්ථික අමාත්‍යවරයා පවසනවා. ආරක්ෂාව සහ ආර්ථිකය සම්බන්ධයෙන් ද දෙරටම මුහුණ දෙන්නේ සමාන අභියෝග සඳහා බවයි ඔහු පවසන්නේ. ඉන්දියාව සහ ඊශ්‍රායලය නිදහස්…
අවාරේ සිරිපා ගමන් සීමා කිරීමට අවධානය යොමුවී ඇති බව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා. රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ ඊයේ (18) පැවති රැස්වීමක දී මේ සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර, එම සාකච්ඡාවට සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සබරගමුව නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ රත්නපුර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
වරප්‍රසාදවලට අලෙවි වන දේශපාලන සූදුවට සමගි ජන බලවේගය සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කෙසේවෙතත් රජය සිදු කරන සුබවාදී කටයුතු වෙනුවෙන් සහය ලබා දීමට තමන් සූදානම් බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම වත්මන් ආණ්ඩුව විසින් සමගි ජන බලවේගය විසින් අගමැතිකම් මැති ඇමතිකම් ලබා ගැනීම සදහා සාකච්ඡා කළ බවට වන ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් සිටින බවත් ජනවරමක් නොමැති ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුව සමග සමගි ජනබලවේගය කිසිදු අවස්ථාවක එක් නොවන බවත් විපක්ෂ නායකවරයා පවසනවා. එබැවින් මෙවැනි බොරු සහ ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසයි විපක්ෂ නායකවරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
අද(19) දිනයේ දී සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව එම නිවේදනයේ සඳහන්.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව ජනාධිපතිවරයා විසින් ලබන 25වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීමේ දී ඇති කරගත් කොන්දේසි හා ගිවිසුමද එදින පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කරනවා. ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත් වන යෝජනාවේ දී තමන් සහ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් යන අය ජාතික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් විපක්ෂයේ සහයෝගය ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරා.
තහනම් ඖෂධ තොගයක් සමඟ පුද්ගලයෙකු කාටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ ලද තොරතුරකට අනුව ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හිස කෙස් වර්ණක අසුරුම් තුළ සූක්ෂම ආකාරයෙන් තහනම් ඖෂධ රැගෙන විත් ඇති බවය. හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයින් විකල්පයක් ලෙස එම තහනම් ඖෂධ භාවිතයට පෙළඹී ඇති බව පොලීසිය පවසයි. සැකකරු සතුව තිබී කිලෝග්‍රෑම් 34ක බරින්යුත් මත්කරල් 60,460ක ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.
ලබන 20 වනදා වන විට සංචාරකයින් හාරලක්ෂයක් පැමිණීමේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මේ මාසයේ ගත වූ කාලය තුළ සංචාරකයින් 55,000ක් පමණ පැමිණ ඇති බවය. “සංචාරයින් පැමිණීමේ වැඩිවීමක් පෙන්නුම්කරනවා. 16 වනදා වෙද්දි මේ මාසයට විතරක් සංචාරකයින් 55,000ක් පමණ ඇවිල්ලා තිබුණා. ඒ අනුව ගත්විට හාරලක්ෂයකට කිට්ටු වෙන්න සංචාරකයින් ප්‍රමාණයක් ඇවිල්ල තියෙනවා. අපි බොහෝදුරට බලාපොරොත්තු වෙනවා 20 වනදා වෙනකොට සංචාරකයින් හාරලක්ෂයක් පැමිණීමේ ඉලක්කය ඉක්මවයි කියලා. මේ මාසය ගත්විට වැඩියෙන්නම සංචාරකයින් පැමිණිලා තියෙන්නේ ඉන්දියාවෙන්. ඊට පස්සේ රුසියාවෙන්. හැබැයි ජනවාරි සිට අද වෙනතුරු ගත් විට රුසියාවෙන් තමයි වැඩිපුර…