Author: LANKA24X7

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ ඇමති තනතුරු භාරගෙන කිසිවක් නොකළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අද නව බලවේගයක් ලෙස පෙනීසිටිමින් ජනතාව රවටන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ නොච්චියාගම පැවති ජන රැලියකදීය.

Read More

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ ඇමති තනතුරු භාරගෙන කිසිවක් නොකළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අද නව බලවේගයක් ලෙස පෙනීසිටිමින් ජනතාව රවටන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ නොච්චියාගම පැවති ජන රැලියකදීය.

Read More

මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ආයෝජනයට අවස්ථාව හිමිවෙයි. මෙම ව්‍යාපෘති සඳහා එම සමාගම ආයෝජනයට සැරසෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 442කි. මෙම සුළං විදුලි බලාගාර හරහා මෙගාවොට් 350ක ධාරිතාවයක් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

Read More

අලි මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. හඳුනාගත් අලිමංකඩ 16ක් යළි වන අලින් සඳහා විවෘත කිරීම, ඒ යටතේ සිදුකිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව අදාළ අලිමංකඩවල පදිංචිව සිටින ජනතාව ඉන් ඉවත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව සඳහන්ය. වනජිවි කලාප මට්ටමින් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ආරම්භ කර තිබේ. මේ වසර තුළ දී අදාළ වැඩසටහන යටතේ අලිමංකඩ කිහිපයක් වන අලින් සඳහා යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර පසුගිය වසර තුළ දී පමණ අලි මිනිස් ගැටුම්…

Read More

ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිද්ධි ගණනාවකට සම්බන්ධ සැකකරුවෙක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) එම නිලධාරින් විසින් මිරිහාන පොලිස් වසමේ පිටකෝට්ටේ දී සිදුකළ මෙහෙයුමක් අතරතුර හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 560ක් සමග සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 31ක් වූ නාවල පාර, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තලංගම, කඩුවෙල, ග්‍රෑන්ඩ්පාස්, කොටුව හා කිරිබත්ගොඩ යන පොලිස් වසම්වලදී සොරකම් කරන ලද ත්‍රීරෝද රථ 5ක් පොලීසිය සොයාගෙන ඇත. සැකකරුව අද (23) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් එම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිතය. ඉන්දියාවේ සිට බිත්තර මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ බිත්තර තොගය හෙට දිනයේ ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර තිබේ. මේ අතර බිත්තර ආනයනය සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මුදල් අමාත්‍යාංශය විසින් බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකා රාජ්‍ය…

Read More

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවය.

Read More

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට මුල්‍ය ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කර ඇති හෙයින් ඊට දායකවීමට පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයින් පිරිසක් අද (22) කටයුතු කර තිබුණි. ඒ අනුව මැතිවරණ කොමිසමට මුදල් ඇනවුම් යොමු කිරීමට පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් එලෙස අද කටයුතු කර තිබේ. මෙම ඡන්දදායකයින් පිරිස පාදුක්ක තැපැල් කාර්යාලයට පැමිණ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නමට රුපියල් 100 සහ 200 යනාදී අගයන්වල මුදල් ඇනවුම්පත් යොමු කිරීමට පියවර ගෙන තිබුණි. මේ අතර පළාත් පාලන ඡන්දය දැනට ප්‍රකාශ කර ඇති දිනට පැවැත්වීමට නොහැකි වුවහොත් ඊට වගකිව යුත්තේ රාජ්‍ය නිලධාරින් නොව තීරණ ගන්නා දේශපාලන අධිකාරිය බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා…

Read More

ගෝලීය ආර්ථිකය තුළ වැදගත් භූමිකාවක් නිරූපණය කරන G20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද (22) ආරම්භ වෙයි. G20 කණ්ඩායමේ සභාපතීත්වය වර්තමානයේ ඉන්දියාවට හිමිවී ඇති අතර එහි සමුළුව එළඹෙන 25 වනදා දක්වා බැංගලෝර් හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වු රටවලට සහනයක් ලබාදීම පිළිබඳ මෙම සමුළුවේදී සලකාබැලීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ පරිදි මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාධාවක්වී පවතින කරුණු පිළිබඳ මෙම රැස්වීමේදී සලකාබැලෙන අතර චීනය ඇතුළු මෙරට ණයහිමි රටවල් ද රැස්වීමට එක්වෙනු ඇත. සමුළුවට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ඉන්දියාව, චීනය, සෞදි අරාබිය මෙන්ම එක්සත් ජනපදය ප්‍රමුඛ G7 කණ්ඩාමේ රටවල මාර්ගගත රැස්වීමක්…

Read More

නවසීලන්තයේදී ලබන මාර්තු මස පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. ‘එංගලන්ත ලයන්ස්’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දස්කම් දැක්වූ තරුණ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ඇතුළු තරුණ ක්‍රීඩකයන් කීපදෙනෙක් ද එම සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බවත් සංචිතය නිල වශයෙන් හෙට පෙරවරුවේ නම් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Read More