Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (28) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ඉර පායන…
පාර්ලිමේන්තුව තුළ රටේ ප්‍රශ්න මතු කරන අවස්ථාවන් වලදී ඒවාට විරුද්ධ වන අයුරින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ක්‍රියාත්මක කරවීමේ කුමන්ත්‍රණයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදීයී. කෑගල්ල, නාරංදෙණිය ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සතරැස් කොටුවේ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සහ කොත නිරාවරණය විපක්ෂ නායක වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදුකෙරුණු අවස්ථාවේදීයි ඔහු මේ බව සඳහන් කළේ.
රට ගොඩගැනීම සඳහා නව නිදහස් අරගලයක් ගොඩනැගිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික භික්ෂු දිනය වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. ජාතික භික්ෂු දිනය නිමිත්තෙන් ”පරගැති පාලනය පරදන නිදහස් අරගලයේ නූතන කතිකාව” යන මැයෙන් කොළඹ පදනම් ආයතනයේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේ ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධානත්වයෙන්. ඊට ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධන අනුශාසක මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල හිමි, ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් එක්ව සිටියා.
අද (27) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවයි.. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතිනවා ඇති. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
බිත්තර ආනයනය කිරීමට ඉදිරි මාස තුනකට ද අනුමැතිය දැනටම ලැබී ඇති බවත් ඒ අනුව බිත්තර ආනයනය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. බිත්තර ආනයනය හරහා වෙළෙඳපොළේ පැවති බිත්තර හිඟය පාලනය කිරීමට හැකි වූ බව කී වලිසුන්දර මහතා එම සංස්ථාව දෛනික අවශ්‍යතාව වන බිත්තර මිලියනයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය.
අස්වැසුමක් ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම ලබන සදුදා (28) ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි මේ අනුව සියළු ගැටළු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට දීමනා පළමු අදියරේදීම ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ජී. විජේරත්න මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමග ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාදවිය
දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ, මධුරායි දුම්රිය ස්ථානයේ දුම්රියක මැදිරි කීපයක් ගිනිගත්තේය. ගින්නට හසුවීමෙන් දුම්රියේ සිටි මගීන් 10 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 ක් බව පැවැසෙයි. දුම්රියේ මුදල් ගෙවා වෙන් කළ මැදිරියක් විය. එහි ගමන් කරමින් සිට ඇත්තේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් සිට පැමිණි පිරිසකි. මොවුන් රහසේ ගෑස් සිලින්ඩරයක් ද දුම්රිය මැදිරියේ රැගෙනවිත් ඇත. ගින්නට හේතුව ඒම ගෑස් සිලින්ඩරයයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයක මහණ වීමට පැමිණි තරුණියක සහ එම ආරාමයේ වැඩ වාසය කළ අවුරුදු 12 ,15 සහ 18 යන වයසේ පසුවන මෙහෙනින් වහන්සේලා තුන් නමක් සමග 24 වැනි දා සිට අභිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. මෙම මෙහෙණි ආරාමයේ වැඩ වාසය කරන මෙහෙණින් වහන්සේ විසින් මේ බව ඊයේ (26) ම්නුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත. මහණ වීමට අවශ්‍ය බව පවසමින් පැමිණි තරුණිය අනෙක් මෙහෙණින් වහන්සේලා තිදෙනා රැගෙන යන්නට ඇති බවට සැක කරන්නේ යැයි පැමිණිලිකාර මෙහෙණින් වහන්සේ පොලීසියට පවසා ඇතැයි කියති. මෙහෙනින් වහන්සේලා තුන් නම රැගෙන ගියේ යැයි කියන මෙම තරුණියගේ කිසිම තොරතුරක් තමන් සතුව නොමැති බව පැමිණිලිකාර මෙහෙණින්…
සිංගප්පූරුව සමඟ ඇතිකරගත් ගිවිසුම් හා සාකච්ඡා වල ප්‍රගතිය අදාල විෂය බාර අමාත්‍යවරුන් වෙත පවරන තෙක් එම කටයුතු ඉදිරියට ගෙනයාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට නියමිත සුළං සහ සූර්ය බලශක්ති නිෂ්පාදන නවීන් තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සිංගප්පූරුවට යැවීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු සංචාරයේදී සාකච්ඡා සිදුව ඇත. ජනාධිපතිවරයා සිංගප්පුරුවේදී කළ සාකච්ඡා වලට අදාල කටයුතු ඊට සම්බන්ධ අමාත්‍යාංශ වෙත පවරන තෙක් ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යාමට තීරණය ගෙන තිබේ. සුළං සහ සූර්ය විදුලිය නිෂ්පාදනය කර දෙරට අතර හුවමාරු කර ගන්නා ආකාරය ගැන ඉදිරියේදී…
ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි ඊයේ (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වූ ළදරු මරණයක මරණ පරීක්ෂණයේදී සැකයක් ඇති වී තිබේ. ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේ පදිංචි මාස 08ක් වයසැති දැරියක් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුගිය (25) මියගොස් ඇති අතර එම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසන්නේ එම මරණය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් රෝගය හේතුවෙන් සිදු වූ බවට සැකයක් පවතින බවයි. එසේම, මියගිය දැරියගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු හැකි ඉක්මණින් සිදුකරන ලෙසත්, දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යම් රෝග ලක්ෂණයක් ඇත්නම් හැකි ඉක්මණින් රෝහල්ගතවන…
