Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජා ඇළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් වන හසිත් චමීර පරණවිතාන සහ චාමිකා හර්ෂනී සිල්වා යන දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් දෙදෙනෙකු පත් කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අද (23) දිනයේ වාරණ නියෝග දෙකක් ලබාදුන්නේය. කිසිදු විනය ක්‍රියාමාර්ගයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව අයුක්ති සහගත ආකාරයට තමන්ගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමට කටයුතු කොට ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු පත් කිරීමට සූදානම් වන බවටත් කොළඹ දිසා දිසාඅධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද දිනයේ දී සලකා බැලීමෙන් පසු එම වාරණ නියෝගය…
ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කර ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුට පණවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීමට 2019 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (23) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා එම දැනුම්දීම සිදුකළේය.
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සිය මංගල දේශපාලන ගමන පොළොන්නරුවෙන් ආරම්භ කර තිබේ. ඊයේ (22) පොළොන්නරුවේ පැවති සමගි ජන බලවේගයේ ජන රැලියකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, තමා ජීවිතයේ පළමුවරට මෙලෙස දේශපාලන වේදිකාවකට එක්වූ බවය. වැඩිදුරටත් අදහස් දැක්වු දමිතා අබේරත්න මහත්මිය, “අපි අරගල කළේ රාජපක්ෂ හොරු එළවන්න. එහෙම නැතුව මේ රටේ එන එන නායකයාව එළවන්න නෙමෙයි. අපි හැබැයි කියපු දේ කළා. එදා අපිත් එක්ක ඔක්කෝම එකතු වුණා. අරගලයේ කවුරුත් නායක නායිකාවෝ හිටියේ නෑ. ඒ බොරු කතා. දැන් එනවා ඡන්දේ ඉල්ලගෙන අරගලයේ නායිකාවෝ. අරගලයට නායිකාවෝ හිටියේ නෑ. මේ අරගලය රටේ සියලුදෙනාගේ අරගලය. ඒ අරගලයට ආපු සියලුදෙනා නායක නායිකාවෝ.මම හදවතින්ම අරගලයට…
රජයේ මුදල් පිළිබඳ කාරකසභාවේ සභාපති ධූරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මුණගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනාවී ඇති බව එම කාරකසභාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ ප්‍රකාශ කළා. ඔවුන් එහිදී එම මන්ත්‍රීවරුන් දෙදෙනා කවුරුන්දැයි හෙළි නොකළත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ද නම එම තනතුර සඳහා යෝජනා වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු…
රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිත කරන අවස්ථාවේදී සියලුම රාජ්‍ය නිලධාරීන් පිරිමැසුම් පංතියේ හෙවත් ඉකොනොමි ක්ලාස් ගුවන් ටිකට්පත් පමණක් මිලදීගත යුතු බවට රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින්. කෙසේවෙතත් අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට එම නීතිය අදාළ වන්නේ නැහැ. සෙසු නිලධාරියෙකුට ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම් පිරිමැසුම් පංතියේ ගුවන්ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල අතර වූ වෙනස සිය පෞද්ගලික මුදලින් වැයකර ගමන් කළ හැකි බවයි එම…
ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබේ. ඒ අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව දී තිබේ. 31 හැවිරිදි ගුණතිලක අද (23) සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත්කර තිබුණි. ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 4ක් ගොනුකර ඇති අතර ඔහු මෙතෙක් වරද පිළිගෙන නැත.
ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ. ප්‍රසාද ලකුණු 695ක් ලබාගනිමින් ඔහු එහි ප්‍රථම ස්ථානයට පැමිණ ඇත. එසේම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලද වනිඳු හසරංග සිව්වන ස්ථානයේ රැඳී සිටී. ප්‍රසාද ලකුණු 175ක් ලබාගනිමින් වනිඳු එම ස්ථානයේ රැඳී සිටී. මේ අතර ICCයේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 240ක් ලබාගනිමින් වනිඳු හසරංග 7 වන ස්ථානයේ රැඳී සිටී.
මන්ත්‍රීවරුන්ට දෙන සියලු වරප්‍රසාද සිය ආණ්ඩුවක් තුළ ඉවත් කර ඔවුන්ද සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ගේ තත්ත්වයට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ලේ පැවති ජනරැලියක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප මෙන්ම අමාත්‍යවරුන්ට ලබාදී ඇති අසීමිත වරප්‍රසාද ද අහෝසි කරන බවය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ ඇමති තනතුරු භාරගෙන කිසිවක් නොකළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අද නව බලවේගයක් ලෙස පෙනීසිටිමින් ජනතාව රවටන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ නොච්චියාගම පැවති ජන රැලියකදීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ ඇමති තනතුරු භාරගෙන කිසිවක් නොකළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අද නව බලවේගයක් ලෙස පෙනීසිටිමින් ජනතාව රවටන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ නොච්චියාගම පැවති ජන රැලියකදීය.