Author: LANKA24X7

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලද අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. එසේම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Read More

ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ මුල්‍ය සහනයක් අත්‍යවශ්‍ය බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසන්නීය. ඇය එසේ පැවසුවේ G-20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ බෙන්ගලුරු හිදී අද (23) ආරම්භ වූ සමුළුවක් අමතමිනි. ඇය තවදුරටත් පැවසුවේ දියුණු වෙමින් පවතින රටවල් සහ නැගී එන රටවල් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් චීනය ඇතුළු නිල ද්වීපාර්ශ්වික ණයහිමියන් ව සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීමට අමෙරිකාව නොකඩවා කටයුතු කරන බවය.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් භාරයට ගෙන තිබේ. අද පස්වරුවේ අධ්යාපන අමාත්‍යාංශය තුළදී භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුරදී ඔහුව මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු යුද හමුදා කර්නල්වරයෙකු ගොනුකළ රිට් පෙත්සම මැයි 11 දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනුකළ පෙත්සම් තුනක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ය.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කර තිබේ. මේ අතර රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත්කර ඇත. එම ධුරයේ මීට පෙර කටයුතු කර තිබුණේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාය.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් සලකාබැලීම මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වී තිබේ. එස්. තුරෙයි රාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරේ.

Read More

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අවිගබඩාවෙන් සොරා ගෙන තිබූ ටී 56 ගිනිඅවිය සහ පතරොම් 120ක් පානදුර, අඟුරුවාතොට කෙසෙල්හේනාව ප්‍රදේශයේ එළවළු කොටුවක වළ දමා තිබියදී සොයාගෙන තිබේ. එම ගිනිඅවිය සහ උණ්ඩ සහිත මැගසින් සොරාගත් බව කියන ගුවන් හමුදා සැරයන්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඉකුත් 20 වන දින එම සොරකම සැකකරු විසින් සිදුකර තිබුණි. සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

තමන් මූලිකත්වය දී කටයුතු කරන්නේ ආර්ථිකය ගොඩනැගීමට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “කාරණා දෙකක් තියෙනවා. එකක් එදා දැම්මේ නැති විදියට බිලියන 20ක් වෙන්කළා මේ රටේ හාල් ගන්න බෙදන්න කියලා. ඒ දැම්මේ පවුල් ලක්ෂ 20කට දැන් පවුල් ලක්ෂ 28ක් තියෙනවා. ඒ වගේම තියෙනවා මෙතන විශ්‍රාම ගිය අයට පාරිතෝෂිත දීමනා දෙන්න. ඊළඟට මේ මන්ත්‍රීවරු ඇවිල්ලා මට කිව්වා. විමධ්‍යගත අරමුදලින් කුඩා ව්‍යාපාරිකයින් වෙනුවෙන් මුදල් ටිකක් වෙන්කළා. ඉතින් ඒක වෙන්කරන්න එපා නම් කියන්න මම එතකොට ඒ දිහා සලකලා බලන්නම්.මේ සභාව ඒක තීරණය කරලා මට කියන්න, අපි…

Read More

ජා ඇළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් වන හසිත් චමීර පරණවිතාන සහ චාමිකා හර්ෂනී සිල්වා යන දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් දෙදෙනෙකු පත් කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අද (23) දිනයේ වාරණ නියෝග දෙකක් ලබාදුන්නේය. කිසිදු විනය ක්‍රියාමාර්ගයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව අයුක්ති සහගත ආකාරයට තමන්ගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමට කටයුතු කොට ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු පත් කිරීමට සූදානම් වන බවටත් කොළඹ දිසා දිසාඅධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද දිනයේ දී සලකා බැලීමෙන් පසු එම වාරණ නියෝගය…

Read More

ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කර ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුට පණවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීමට 2019 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (23) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා එම දැනුම්දීම සිදුකළේය.

Read More