Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එළ හා මී ගවයින් අතර ගැටිති රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ නිසා දෛනික කිරි කර්මාන්තයේ නිරත වන කිරි ගොවින්ගේ ජීවනෝපායට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවයි කිරි ගොවීන් පවසන්නේ. සාමාන්‍ය ප්‍රමාණයේ සම මතුපිට ගැටිති හට ගැනීමත්, එම ගෙඩි විශාල වී පුපුරා ගොස් ලේ සහ සැරව ගලා යාමත් මෙම රෝගය වැළඳුණු ගවයින් අතර දක්නට ලැබෙන රෝග ලක්ෂණයි. රෝගය වැළඳුණු ගවයින් දින ගණනාවක් නිරාහාරව සිටීම හේතුවෙන් ඔවුන්ගේ වර්ධනය බාල වීම සිදුවන බවයි කිරි ගොවීන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය හමුවේ දෛනිකව කිරි ලීටර් 10 ක් පමණ ලබා ගත් දෙනුන්ගෙන් මේ වනවිට ලබාගත හැකි වන්නේ කිරි ලීටර් තුනක් පමණක් බවයි ගොවීන් වැඩිදුරටත්…
පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව සංශෝධනයට තීරණය කර තිබෙනවා. ඊයේ (22) පස්වරුවේ සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සඳහන් කළේ රටේ පවතින යහපත් වාතාවරණය මත මෙම සහනය ලබාදීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව එළඹෙන මැයි මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීන්දුව බලපැවැත්වෙනු ඇති. එහිදී නව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පවතින මිලට සාපේක්ෂව සියයට 5ත් 8ත් අතර අගයකින් පහත බැසීමට නියමිතයි.
නැගෙනහිර, ඌව, උතුරු, උතුරු-මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු පළාත්වල ද ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද උදෑසන කාලයේ දී ද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට…
මන්ත්‍රීවරුන් ඇතුළු අමුත්තන්ගේ දිවා ආහාර වේලට එක් කෙරුණු එළු මස් ව්‍යංජනය නතර කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ආපනශාලා අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. අධික මිල ගණන් හේතුවෙන් එළු මස් සැපයීම මෙසේ නතර කළ බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් මාධ්‍යට පැවැසීය. පාර්ලිමේන්තුවේ එළු මස් ව්‍යංජනය බොහෝ මන්ත්‍රීවරුන් අතර ජනප්‍රිය වූ ආහාරයක්විය. මේ අතර පාර්ලිමේන්තු දිවා ආහාර වේලට ඇතුළත් කෙරුණු ආහාර වර්ග ප්‍රමාණයද (Items ) අධික මිල ගණන් හේතුවෙන් අඩු කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති. පාර්ලිමේන්තුවේ ආහාර සඳහා වාර්ෂිකව වැය කරෙන මුදල රුපියල් කෝටි 12 කට ආසන්නය. එසේම පාර්ලිමේන්තුව දිනක් රැස් කිරීම වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවන බව ගණන් බලා ඇත. මේ අතර…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබේ. අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමේදී උන්වහන්සේගේ පත්කිරීම ඒකමතිකව සිදුකළ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වර්ෂය සඳහා වන මහ සභා රැස්වීම අද පෙරවරු 10.00 ට පමණ එම පක්ෂ කාර්යාලයේදී පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණි. අද දිනයේ පැවැත්වෙන මහ සභා රැස්වීමට එම පෙරමුණේ සභාපතිවරයා ලෙස සහභාගීවීමට පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට පක්ෂ ලේකම්වරයා විසින් ලිපියක් මඟින් දැනුම්දී තිබුණද ඔහු ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ අනුව අද මහ…
අවුරුදු උත්සව සඳහා යොදා ගන්නා ක්‍රිඩා ඉසව් ඉදිරියේදී නියාමනය කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විවිධ අවුරුදු උත්සවවල මෙරට සංස්කෘතියට නොගැලපෙන ආකාරයේ ක්‍රිඩා ඉසව් සංවිධානය කිරීම අනුමත නොකරන බවය. “විවිධ සෙල්ලම්, ජන ක්‍රීඩා ඔය වගේ දේවලුත් කෙරෙනවා. හැබැයි මේ අතරතුර යම් යම් අංග උපාංග තිබෙනවා අපේකමට අපේ සංස්කෘතියට නොගැලපෙන ආකාරයෙන්. අපේ රටේ උරුමයන්ට හා සංස්කෘතියට විරුද්ධව තමා මේවා ක්‍රියාත්මක වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේ දී මේ වගේ ක්‍රීඩා අංග අපේ ඊළඟ පරම්පරාවට ගෙනියනවාට වඩා එතනින්ම නැවතීමේ ලකුණක් තියලා කටයුතු කරනවා නම් වඩා හොඳයි කියලා.” “ඒ හින්දා නීතිය මගින්…
අකුරණ ඉස්ලාම් පල්ලි සඳහා බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ව්‍යාජ ඇමතුමක් පසුගියදා ලබා දුන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද(22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිලධාරින් විසින් දියත් කල මෙහෙයුමකදීයි. මහනුවර – හාරිස්පත්තුව ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට පත් වී තිබෙනවා. මේ පිලිබඳව ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබනවා.
වසර 4ක් ගත වී ඇතත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට කිසිම විසදුමක් නොලැබුන බවත් මේ මොහොත වන විටත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් ඇති බවත් එය සඟවා තැබීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කරන බවත් විපක්ෂ නායක වරයා ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු නොවූ බවත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කීවේය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු සඳහා විවිධ ඇගිලි ගැසීම් පවතිව බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සමගි ජන බලවේගය බලයට පත්…
වතුකම්කරුවන් දෛනික නෙලන තේ දළු ප්‍රමාණය මත ඔවුන්ට වැටුප් ලබාදීම හෙවත්‘‘ඵලදායිතාව මත පදනම් වූ වැටුප් ක්‍රමය‘‘ ක්‍රියාත්මක කළ හොත් කම්කරුවකුට දිනකට රුපියල් 3000ක වැටුපක් ලබාගත හැකි යැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව වතුකම්කරුවකුට දෛනිකව නොලන දළු ප්‍රමාණය වැඩි කරගන්නේ නම් ඔවුන්ට මාසයකට රුපියල් 50,000 ඉක්මවූ වැටුපක් ලබාගත හැකි බව ද ශ්‍රී ලංකා වැවැලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රෝෂාන් රාජදුරෙයි මහතා පැවැසීය. මේ වන විට වතුකම්කරුවක්ට ලැබෙන්නේ දිනකට රුපියල් 1000ක වැටුපක් වන අතර එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වැවිලි සමාගම් පිළිගන්නා බව ද එම නිසා පළදායිතාවය මත පදනම් වූ වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජයත් වතු වෘත්තීය සමිතිත් සහාය…
බුදුන් වහන්සේට ප්‍රකාශනයට එහා ගිය විඥානයක් ඇති බවත් බදුන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට මනාව ගැලපෙන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. ගෝලීය බෞද්ධ සමුළුවට විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණ සිටීම මනුෂ්‍යත්වය එකම නූලකින් බැඳ තබන බුදුන් වහන්සේගේ ධර්මය නියෝජනය කරන බව ද කී අග්‍රාමාත්‍යවරයා නූතන යුගයේ ගැටලුවලට බුදුන් වහන්සේගේ පැරණි ඉගැන්වීම් හරහා විසඳුම් දෙන බව ද සඳහන් කළේය. බුදු රජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඉන්දියාව කැපවීමෙන් කටයුතු කර ඇති බව කී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සහ නේපාලයේ බෞද්ධ පරිසරය සංවර්ධනය කිරීම, සාරානාත් සහ කුෂිනගර් ප්‍රතිසංස්කරණය කිරීම, කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ලුම්බිණියේ ඉන්දියානු ජාත්‍යන්තර බෞද්ධ උරුමයන් සහ සංස්කෘතික මධ්‍යස්ථාන ඇති කළ බව…