Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සිමා නිර්නයේ කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් ඇතැයි සිමා නිර්නය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු කියා සිටියේ ඒ පිළිබද අවසන් වාර්තාව මාර්තු මස විසිපස්වන දින හෝ එයට ආසන්න දිනයකදි ලබාදිමට බලාපොරොත්තු වන බවයි. පළාත් පාලන මැතිවරණය කල් යාමට හේතු වූයේ මැතිවරණ කොමිසමින් බැහැර වු කරුණු මත උදා වූ තත්වයන් බවද සිමා නිර්නය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් පැවසුවා. සීමා නිර්ණ වාර්තාව කැඳවීම, පළාත් පාලන මැතිවරණයට බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළා.
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ප්‍රබල රටක් වන දකුණු අප්‍රිකාවට පළමු වරට ලෝක කුසලානයක් දිනා ගැනීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ, කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමත් සමඟයි. පිරිමි හෝ කාන්තා යන දෙඅංශයෙන් හෝ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20යි 20 යන ඕනෑම තරඟ රටාවක් තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයකට දකුණු අප්‍රිකානු කණ්ඩායම තේරී පත් වූ පළමු අවස්ථාව මෙයයි. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරඟයේදී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 6කින් එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත් වුණා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුලු 4කට…
මෙරට ට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය ලබන සඳුදා දිවයිනට ගෙන ඒමට නියමිතව බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් මෙම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිත බවය. ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02කට ආසන්න ප්‍රමාණයක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය. මේ අතර බිත්තර ආනයනය සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මුදල් අමාත්‍යාංශය විසින් බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වනද සිට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ආනයනය කිරීමේ…
ලෝක බැංකුවේ සභාපතිධුරය සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නාම යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලෝක බැංකුවේ සභාපතිධූරය සඳහා නම් කර ඇත්තේ ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානුවෙක් වීම විශේෂත්වයකි. ඔහු මාස්ටර්කාඩ් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි අජේ බංගා ය. ලෝක බැංකුවට නායකත්වයදීමට අජේ බංගා අද්විතීය ලෙස සන්නද්ධව සිටින බවත්, ඔහු සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සඳහා රැකියා සහ ආයෝජන අවස්ථාව ගෙන එමින් සමාගම් සඳහා නායකත්වය දුන් කීර්තිමත් ව්‍යාපාරිකයෙකු බවත් ජෝ බයිඩන් පැවසූ බවද ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.
රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතට එම ධූරයෙන් ඉවත්වන ලෙස විපක්ෂ නායකවරයා දැනුම්දී ඇති බව එම සභාවේ හිටපු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. නමුත් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය. “මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සම්පූර්ණ අනුදැනුම මත වෙච්ච දෙයක්.” “මම මයන්තගෙන් ඇහුවා. මයන්ත නිකන් දන්නේ නැහැ වගේ, එයාගේ ඔළුව හැප්පිලා වගේ මගෙන් අහනවා.” “මම කිව්වා.. එහෙම නෙවෙයිනේ මයන්ත.. දැන් ඔයාට කතා කරලා ඇහුවනේ ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඔබතුමා මේක ප්‍රතික්ෂේප කරනවාද ? භාරගන්නවා ද? කියලා.” “එතකොට කියලා තිබ්බා, නැහැ මම කථානායකතුමත්…
පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නිරතවී සිටි සෙබළෙකු ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි හානි කරගෙන තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත්, අම්පාර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇත . 2022 වසර තුළ යුද්ධ හමුදා බුද්ධි අංශ මගින් රැස්කරගත් බුද්ධි තොරතුරුවලට අනුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් 981 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ වැටලීම්වලදී කේරළ ගංජා කිලෝ 717ට ආසන්න ප්‍රමාණයක්, ගංජා කිලෝ 685ට ආසන්න ප්රීමාණයක්, අයිස් කිලෝ 14කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. ඊට අමතරව කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.…
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 9 වනදා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (24) පෙරවරුවේ රැස්වී ඒ බව තීරණය කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇත්තේ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන් මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බවය. මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා එහි සාමාජිකයින් වන එස්.බී. දිවාරත්න, එම්. එම්. මොහොමඩ් සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන් එක්වී සිටි බවද වාර්තා විය.
වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකට එක් වෙමිනි. සංචාරක කර්මාන්තයට අදාල ගැටළු සහ අදහස් සාකච්ඡා කිරීමේ අරමුණින් “සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සහ අභියෝග ජයගැනීම ” මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුව හික්කඩුව සිට්‍රස් හෝටලයේ දී පැවැත්විණි. පසුගිය කාලයේ සිදු වූ ආර්ථික පසුබෑම නිසා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විවිධ පීඩාවන්ට ලක් වීමට සිදු වූ නමුත් එම තත්ත්වය වෙනස් කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.…