Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අද (25) දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිර දෙසින් ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. එම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.3 ක අගයක් ගෙන ඇත. ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 3 ට පමණ මෙම භූමිකම්පාව කිලෝමීටර 84ක් ගැඹුරට මෙම භූමිකම්පාව විහිදී ඇති බව සඳහන්. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂිත බවට දැනුම් දී ඇති බවයි. විදෙස් වාර්තා සඳහන් කළේ අද අළුයම සිදුවූ මෙම භූචලනය හේතුවෙන් සුමාත්‍රා දිවයින් වෙත සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබූ අතර පැය දෙකකට පසුව එය ඉවත් කළ බවයි. අදාළ කාලය තුළ වෙරළාසන්නයේ සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. යුරේපීය මධ්‍යධරණී භූකම්පන මධ්‍යස්ථාන මෙම භූචලනයේ ප්‍රබලත්වය දැක්වුණේ…
ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. එම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වුවහොත් තම සහාය ඔහුට පළ කරන බවද රණතුංග මහතා කීය. එහෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද අමාත්‍යවරයා පැවසීය. ඉකුත් වසරේ මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් සිය නිවස ගිණි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලැබු පැමිණිල්ල පිළිබඳ විමර්ශන කටයුතු සොයා බැලීමට හා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (24) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම්කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ ලිපිය ක්‍රියාත්මකවීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබුණි.
මාළු මිලදී ගනිමින් සිටින අවස්ථාවේ දී ලොරි රථයකට යටවී තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇගේ පෙම්වතා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලීසිය පවසයි. අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉමාෂා කරුණාතිලක නම් 23 හැවිරිදි තරුණියකි. එම තරුණ යුවළ මෑතකදී විවාහවීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පැවසීය. ඔවුන් ඊයේ (23) රාත්‍රී කළුතර දෙස සිට මතුගම දෙසට යතුරුපැදියෙන් යමින් සිට ගල්අස්හේන හන්දියේ නවතා මාළු මිලදී ගනිමින් සිට ඇත. එහිදී කළුතර දෙස සිට මතුගම දෙසට ධාවනවූ ලොරි රථයක් මොවුන්ගේ ගැටී අනතුර සිදුව ඇත. අදාළ අනතුරින් බරපතළ තුවාල ලබා සිටි දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර…
හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රෙද්ශයේ රික්ටර් මාපකයේ ඒකක 4.4ක සුළු භූකම්පනයක් අද (24) අලුයම හටගෙන තිබේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේය. එම භූ කම්පනය හම්බන්තොට මිරිජ්ජවිල, ගොඩවාය, ඩිපෝ හංදිය, දෙහිලන්ද සහ අම්බලන්තොට ප්‍රදේශවලට දැනුණු බව එම ප්‍රදේශවල ජනතාව සඳහන් කළේය. “ඉස්සෙල්ලා ගොරවනවා වගේ සද්දයක් ඇහුණා. මම හිතුවා අහස ගොරවනවා කියලා. නමුත් ඒ එක්කම පොළොව හෙළවෙනවා මට දැනුනා. ඇඳ ගැස්සෙනවා වගේ. සාමාන්‍යයෙන් තත්ත්පර 15ක් වගේ තිබුණා.” “පාන්දර 12.45ට වගේ යාන්තම් ඇඳ හෙළවුණා.” “වැඩිවෙලා තිබුණේ නෑ. තත්ත්පර ගාණකින් ඉවරවුණා.” කෙසේ වෙතත් මේ පිළිබඳව සිදුකළ විමසීමකදී භූ විද්‍යා සමීක්ෂණ…
රජයේ හමුදාව සහ නිල නොවන හමුදා කණ්ඩායම් අතර දරුණු ලෙස සටන් ඇවිලී තිබෙන සුඩානයේ සිටින බ්‍රිතාන්‍යය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බ්‍රිතාන්‍යය රජය විසින් මුදාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ එම රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ පවුල්වල සාමාජිකයින් ද ආරක්ෂිතව මුදා ගැනුණු බව බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂී සුනක් තහවුරු කළ බවයි. සංකීර්ණ හා වේගවත් මෙහෙයුමකින් අනතුරුව එම පිරිස මුදා ගැනුණු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. එමෙන්ම සුඩානය තුළ තවදුරටත් රැඳී සිටින බි්‍රතාන්‍ය පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව ද බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර අමෙරිකාව ද සුඩානයේ රැඳී සිටි සිය රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ආරක්ෂිතව මුදා…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමෙන් අල්ලස් මුදල් ලබාගත් පුද්ගලයා වහාම රටට හෙළිකළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එම පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ කොළඹ අද පැවති වැඩසටහනකින් අනතුරුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නා. අමාත්‍යවරයා කියා සිටියේ නෞකාව හිමි සමාගමෙන් කිසියම් පුද්ගලයෙකු අල්ලස් ලබාගෙන ඇත්නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.
මෙරට වැඩිහිටියන් අතර සියයට 20 ක ප්‍රතිශතයකට දියවැඩියාව පවතින බවත් එම දත්තවලට අනුව පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම රෝගය වැළඳී ඇති බවත් සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය, රුහුණු සහ රජරට ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් එක්වයි මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ.
එළැඹෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම් ඇෆ්ගනිස්ථානය සමඟ ඉදිරියේදී පැවැත්වෙන එක්දින තරඟාවලියෙන් පසු තීරණය කරන බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා. කෙසේ වෙතත් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් නොමැති බවයි ඔහු කියා සිටියේ. මේ අතර සතිඅන්ත ජාතික පුවත්පතක් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් දෙදෙනෙකුට අවස්ථාවක් හිමිවන බවයි.
ජපානයේ ගොවිපොළවල් සඳහා ශ්‍රී ලංකාවෙන්, දකුණු ආසියාවෙන් සහ අග්නිදිග ආසියාවේ වෙනත් රටවලින් කම්කරුවන් බඳවා ගැනීමට නියමිතයි. ජපානයේ විශාලතම තාවකාලික කාර්ය මණ්ඩල සමාගමක් වන පර්සෝල් හෝල්ඩින්ග්ස්, අස්වැන්න නෙලීම වැනි සෘතුමය රැකියා සඳහා විදේශීය ශ්‍රමිකයින් ගොවිපොළ වෙත යැවීමේ සේවාවක් මාර්තු මාසයේ දී දියත්කර තිබෙනවා.. කෘෂිකාර්මික පාසල් වැනි ස්ථානවල අධ්‍යාපනය ලබා ඇති ඉන්දුනීසියාව සහ අනෙකුත් අග්නිදිග ආසියාතික රටවල කම්කරුවන් සඳහා මෙම අවස්ථාව හිමිවන බව සඳහන්. පර්සෝල් හෝල්ඩින්ග්ස් සමාගමේ විධායක නිලධාරී මොරිහිරෝ ටාඩා පැවසුවේ, “අඛණ්ඩව පහත වැටෙන දේශීය ජනගහනයකින් පමණක් ප්‍රමාණවත් ගොවි කම්කරුවන් සුරක්ෂිත කිරීම අපේ රටට අපහසු වනු ඇත. අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය කෘෂිකර්මාන්තය පවත්වා ගැනීම සඳහා අපි සම්පූර්ණයෙන්ම නව ප්‍රවේශයක් ගත යුතුයි.” යන්නයි.…