Author: LANKA24X7

ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30ක වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරනු ලබන බිත්තර වෙළෙඳපොළට නිකුත් නොකරන බවය. මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට රජය පියවර ගත්තේය. බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී -20 රටවල් තීරණය කර තිබේ. ඉන්දියාවේ බැංගලෝර්හි පැවති ජී -20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. එහිදී ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව ඇතුළු අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා සහන ලබාදිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමුකර විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතා හඳුනාගෙන ඇති බව සඳහන් වේ. ණය අර්බුදය විසඳීමට සහ ණය පීඩාවට පත් රටවලට පහසුකම් සැලසීමට නිල ද්වී පාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන්ගේ බහු පාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අවශ්‍ය බවට ජී – 20 හමුවේදී අවධානය යොමුකර තිබේ. ජී -20 මුදල් අමාත්‍යවරුන්ගේ…

Read More

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා. ඒ, දකුණු අප්‍රිකානු සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතරයි. තරඟය කේප් ටවුන්හිදී ආරම්භ වීමට ඇත්තේ මෙරට වේලාවෙන් පස්වරු 6යි 30ටයි. දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූවේ පළමු වරටයි. 2009 වසරේ සිට 2020 වසර දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි 7ක් පවත්වා තිබෙනවා. ඒ අතරින් තරඟාවලි 5කින්ම ජය හිමි කර ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි. 2020 වසරේ ඉන්දියාව සමඟ මෙල්බර්න්හි පැවති තරඟයෙන්ද 20යි 20 ලෝක කුසලාන හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

Read More

වකුගඩු සහ අවයව බද්ධ කිරීමේදී සිදුකරනු ලබන ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ කටයුතු මේ වන විට අකර්මණ්‍ය වී ඇති බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ වකුගඩු, අක්මා ඇතුළු අවයව බද්ධ කරනු ලබන රෝගීන්ගේ ජාන හඳුනා ගැනීම්, ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ සිදුකිරීමේදී භාවිත කරනු ලබන රසායනික ද්‍රව්‍යවල පවතින විශාල හිඟය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවය. මේ හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන්නේ ඉතා සීමිත ලෙස බව වාර්තා වේ. මසකට වකුගඩු හා අවයව බද්ධ කිරීම් සිදුකරනු ලබන රෝගීන්ගේ සාම්පල් 200ත් 250ත් අතර ප්‍රමාණයක් රජයේ රෝහල්වලින් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත එවනු ලබයි. එම සාම්පල්වලට අදාළ ජාන හඳුනාගැනීම්, ගැලපීම් සහ සැසඳුම්…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවට පරිපාලනමය සහ මූල්‍යමය ස්වාධීනත්වය ලබාදෙන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදුකළ යෝජනාවට අනුව ඊට අදාළ පනත් කෙටුම්පතක් මේ වනවිට රජය විසින් ගැසට් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරනු ලබන අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල ලබාගැනීම සඳහා ඉටු කළ යුතු කොන්දේසි අතර එක් කොන්දේසියක් වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවට පරිපාලනමය සහ මූල්‍යමය ස්වාධීනත්වය ලබාදීමය. ඒ අනුව මහ බැංකුව තුළ ”පාලක මණ්ඩලය සහ ”මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය” ලෙස මණ්ඩල 02ක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ මහ බැංකුවේ සේවා නියුක්තිකයින්ට ඔවුන්ගේ බලතල, කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී, ඉටු කිරීමේදී සහ සිදුකිරීමේදී…

Read More

කටුනායක ගුවන් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කටුනායක ගුවන් තොටුපල පොලීසියේ ස්ථානාධිපති, සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. සැකකරු ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් තිබුණි. මෙම සැකකරු පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණය වී ඇති අතර ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ද පනවා තිබී ඇත.

Read More

ජපානයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එහි අගය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස දැක්වෙන බවය. මේ අතර තුර්කියේ මධ්‍යම ඇනටෝලියා හි නිග්දා ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 5.3 ක් වන භූමිකම්පනයක් ඊයේ (25) සිදුවී ඇති බව විදෙස් වාර්තා පවසයි. 50,000 කට වැඩි පිරිසකට ජීවිත අහිමි කරමින් හට ගත් ප්‍රබල භූ කම්පනයෙන් සතිදෙකකට පසු මෙම භූ කම්පනය වාර්තා වූ බව එරට භූමිකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දී තිබේ. මෙම භූ කම්පනය කිලෝ මීටර් 7 ක් එනම් සැතපුම් 4.34ක ගැඹුරින් භූමි අභ්‍යන්තරයේ හටගෙන ඇති බව වාර්තා වේ. තුර්කි ආපදා කළමනාකරණ ආයතනය පවසා ඇත්තේ මෙම භූ…

Read More

දුම්රියේ ගමන්කළ විදෙස් ජාතික කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදුන් බවට අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු බන්ධනාගාර ගත කර තිබේ. බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව පොලීසිය පැවසුවේය. බණ්ඩාරවෙල සිට ඇල්ල දක්වා දුම්රියක ගමන්කළ සංචාරක විදේශීය කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදෙන වීඩියෝවක් පසුගිය 22 වනදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එම සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන සැකකරුව පසුගිය 23 වනදා පෙරවරුවේ බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Read More

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේත් මුලතිවු දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන් හිදී හමුදා සාමාජිකයින් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන් හිදී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ ලබාගැනීමට නියමිත බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය (24) පස්වරුවේ කටුනායක ඊගල්ස් ලැගූන් හෝටලයේ පැවති ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ (SLCMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක අවස්ථාව අමතමිනි.…

Read More