Author: LANKA24X7

බත්තරමුල්ල ශ‍්‍රී ලංකා – ජපන් මිත‍්‍රත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු ඊයේ (28) ඇරැඹිණි. ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ ප‍්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ අධීක්‍ෂණයෙන් මෙම මාර්ගය ඉදි කෙරෙයි. කිලෝමීටර් දෙකක දිගකින් යුත් මෙම මාර්ගය කාපට් යොදා සංවර්ධනය කරනු ලබන අතර වැය වන මුදල රුපියල් මිලියන 203 කි. ශ‍්‍රී ලංකා රජයේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ඉදිරි මාස හය ඇතුළත නිම කිරීමට අපේක්‍ෂිතය. ඒ අනුව 2026 පෙබරවාරි මස 9 වැනිදාට පෙර සියලූ ප‍්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇත. ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැඩ ඇරැඹීම සිදු කෙරිණි.

Read More

අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුරප්පාඩුවී පවතින අනූනායක පදවියට අස්ගිරි මහා සංඝ සභාවේ එකඟත්වයෙන් නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ මීට ටික වේලාවකට පෙර තේරි පත්වූහ. වරකාගොඩ ශ්‍රී ඤාණරතන සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් සහ අස්ගිරි පාර්ශවයේ අනූනායක වෙඬරුවේ උපාලි හිමිපණන් වහන්සේ ප්‍රමුඛද අස්ගිරි කාරක සංඝ සභාවේ සභික හිමිපාණන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ඓතිහාසික අස්ගිරි මහා විහාරයීය මංගල උපෝෂතාගාරයේදී, නව අනුනායක හිමි පාණන්වහනසේ තෝරා පත් කරගැනීම සිදු කෙරිණි. අනූනායක ධූරය සඳහා ඉදිරිපත්වූ මහියංගන රාජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත සහ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද යන හිමිපාණන් වහන්සේලා ද වැඩම කර සිටියහ. අස්ගිරි මහා නායක හිමි පාණන් වහන්සේගේ ප්‍රධානත්යෙන් අභිනව අස්ගිරි…

Read More

රණවිරු දඩයමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව පෙළගැසෙන්නැයි සියලුම රණවිරුවන්ට, වෘත්තිය සමිතිවලට, රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට පවසන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව නාමල් රාජපක්ෂ මහතා කීය. රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිතිවලට බලපෑම් කිරීම හා මර්දනය කිරීමට රජය අසාර්ථක උත්සාහයක නිරත වන බව රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව මාස තුනක පමණ කාලයක් තිස්සේ සැඟව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මියට ඊයේ (28) දැනුම් දුන්නේය. වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවන්නැයි ඉල්ලමින් රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඒ බව දැනුම් දෙමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ඉල්ලීමකට අනුව විනිසුරුවරිය අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට අධිකරණයේ පෙනී සිටින…

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතෙත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇතිවිය හැකියි.

Read More

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරෙනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි දැනගන්නට ඇත. මේ අතර ඔහු රෝහලෙන් තවදුරටත් ප්‍රතිකාර ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ පවුලේ ඥාතීන් තීරණය කළ යුතු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඉකුත් 23 වැනිදා මාරු කරනු ලැබීය.

Read More

මාතර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරී කටයුතුවලට සම්බන්ධ බවට සැක කරන “හොටු කුමාර ” අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ජීවත් බෝම්බයක් සහ ජංගම දුරකථන 17 ක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි . මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු සම්බන්ධව ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මාතර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කොට තිබේ. එහිදී සැකකරුවකු ජංගම දුරකථන දාහතක් (17 ) ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී එම සැකකරුට අයත් බව කියන මිදිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් පරීක්ෂාවට ලක් කොට තිබේ. එහිදී සැකකරු භාවිතා කරන ලද බව කියන කාමරයේ මෙට්ටයක් යට…

Read More

මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 89 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මේ වන විට පුද්ගලයන් 48 කු මියගොස් තවත් පුද්ගලයන් 50 කු පමණ තුවාල ලබා ඇත . ඊයේ (27) රාත්‍රී පානදුර දකුණ පොලිස් වසමින් සිදු වූ වෙඩි තැබීමත් සමඟම පානදුර පොලිස් කොට්ඨාසයෙන් මෙම වසරේ මේ දක්වා පානදුර දකුණ , හිරණ , පින්වත්ත සහ බණ්ඩාරගම යන පොලිස් වසම් වලින් වෙඩිතැබීම් 07 ක් වාර්තා වී පුද්ගල මරණ 3 ක් සිදු වී ඇත. එම වෙඩි තැබීම් හතෙන් පහක් කුඩු සළිඳු පාර්සය විසින් නිලංග පාර්ශ්වය වෙත එල්ල කර ඇති අතර එමගින් පුද්ගල මරණ තුනක් සිදුව ඇත. නිලංගගේ පාර්ෂය විසින් කුඩු…

Read More

පානදුර නගර සභාව යටතේ පාලනය වන පිහිනුම් තටාකය එහි සේවකයන් නිසි පරිදි පිරිසිදු නොකිරීම හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු එම පිහිනුම් තටාකය පාවිච්චි කරන ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. කුඩා දරුවන් පාවිච්චි කරන කුඩා පිහිනුම් තටාකය පිරිසිදු නොකිරීම හේතුවෙන් එයට ගස්වල කොළ, මල් සහ රොඩු වැටීමෙන් දැඩි අපිරිසුදුසු තත්වයට පත්වතිබියදීත් එහි සේවය කළ නගර සභා සේවකයා පිහිනුම් තටාකය පිරිසිදු කිරීම ප්‍රතික්‍ෂේප කළ බවත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නම් නගර සභා කාර්යාලයට දැනුම් දිය යුතු බවත් සේවකයා පැවසූ බව එම ස්ථානයේ සිටි කීපදෙනෙක් පැවසූහ. කුඩා පිහිනුම් තටාකය පැයක කාලයක් පාවිච්චි කිරීම සඳහා කුඩා දරුවකුගෙන් පානදුර නගර සභාව රුපියල් 130 ක මුදලක් අය…

Read More

ඉන්දුනීසියාවේ පොලිසිය සහ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු කණ්ඩායම ඉදිරි දින දෙක ඇතුළත රටට ගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. සංවිධානාත්මක අපරාධකරුවන් වෙනුවෙන් විශේෂිත මහා අධිකරණ හිටුවා දීර්ඝ කාලයක් නඩු කටයුතු පවත්වාගෙන යන්නේ නැතිව කඩිනමින් දඩුවම් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.

Read More