Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බම්බලපිටිය දුම්රියපොල ආසන්නයේ ඇති අබලන් වූ මගී ගුවන්පාලම ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් මැරීන් ඩ්‍රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තබන බව පොලීසිය පවසයි. එම මගී ගුවන් පාළම අබලන් ව අවදානම් තත්ත්වයක පවතින බැවින් එය කඩා ඉවත් කිරීමේ කටයුතු ඊයේ (5) දිනයේ ආරම්භ කිරීම හේතුවෙන් මෙම මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා ලැබීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරයි. මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ අනුව වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය දක්වා පැමිණෙන වාහන බම්බලපිටිය දුම්රියපළ පාර ඔස්සේ ගාලු පාර වෙත ගමන් කර ගාලුපාර ඔස්සේ කොල්ලූපිටිය දක්වා ගමන් කළ හැක.…
විශාල නායයාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බැවින් එම මාර්ගය භාවිතා කරමින් (06) දින යම් පාසලකට රාජකාරියට වාර්තා කිරීමට විදුහල්පති ගුරු භවතුන් හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට අපහසු වන්නේ නම් එවැනි නිලධාරීන් හෙට දිනයේ යාහැකි ආසන්න පාසලක් වෙත සේවයට වාර්තා කරන ලෙස කලාපයේ පාසල් 144 ක විදුහල්පතිවරුන්ට දැන්වූ බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්යක්ෂ ධම්මික හේරත් මහතා පැවසීය. මෙම ප්‍රවේශ අපහසුතා මත පාසල් කිහිපයක ගුරු පැමිණිමේ අඩුවක් ඇති විය හැකි බැවින් එවැනි පාසල් වල සේවයට වාර්තා කරන විදුහල්පති ගුරු හා අනධ්‍යන කාර්ය මණ්ඩල මහත් මහත්මින් පාසලට පැමිණෙන දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානය යොමු කරන…
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පවසයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ. අමාත්‍යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇත. එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කටයුතු කරයි. ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇත. එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ. අද දින පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. අදාළ නිවේදනය පහතින් දැක්වෙයි.
මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. පෞද්ගලික සමාගමකට අයත් බත්තරමුල්ල පාර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් හා ගෙවත්තක් අලුත් වැඩියා කිරීම සඳහා එම දේපොළ හිමි සමාගමෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් මෙම සැකකරුවන් විසින් ලබාගෙන ඇත. පොලීසිය පැවසුවේ, මෙම සැකකාර යුවළ විසින් ලබාගෙන ඇති මුදල රුපියල් 9,943,108.03ක් බවයි. එම වටිනාකමට ඉදිකිරීම් සිදු නොකර මෙම සැකකරුවන් විසින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් එම සමාගම විසින් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති අතර, ඒ අනුව පොලීසිය විසින් විමර්ශන කර තිබේ. එහි දී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරුවන් අංක 31,7, පැපිලියාන පාර, නැඳිමාල, දෙහිවල ලිපිනයේ…
මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අදාළ මුදල් හෙට (06) දිනයේ ගොවීන් ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බව වාර්තා වේ.
ගාල්ල හබරාදුව දළවැල්ලේ ෙහෝටලයක් පිටුපස වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණයන් තිදෙනකු රළ පහරකට හසුව දියේ ගිලීමට ලක්ව ඇතැයි පොලිසිය කියයි. පළමු අවස්ථාවේ දෙදෙනෙකු මුහුඳට බැස සිටියදී රළ පහර සමඟ ඔවුන් දෙදෙනා ගසාගෙන යන බව දුටු අනෙක් තරුණයා ඔවුන් බේරා ගැනිමට මුහුඳට බැස ඇති අතර , ඔහුද දියේ ගිලී ඇත. ප්‍රදේශවාසින් තරුණයින් දෙදෙනකු ගොඩට ගෙන ඇති අතර එහිදි එක් තරුණයකු දිවි ගලවාගෙන ඇති අතර, අනෙක් තරුණයා දැඩි අසාද්‍ය තත්වයේ සිටීම හේතුවෙන් 1990 ගිලන් රථ සේවාව මඟින් කරාපිටය රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාවේදි මිය ගොස් ඇත. ඔහු අක්මීමන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කරන බහුකාර්ය සේවකයකු බවට අනාවරණය විය. තවත් එක්…
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2 00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර,මධ්‍යම,සබරගමුව, වයඹ,උතුරුමැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. උතුරු නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු මහනුවර නගරයේ පිහිටි දිගන බස් නැවතුම්පොළේ රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුදුම්බර බන්ධනාගාරයේ රාජකාරි කරන නියාමක වරයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් මධ්‍යට පැවැසීය මොහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි අයෙකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියමින් මීට ඉහතදී සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන සිටින පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරහෙළිකරගත් තොරතුරු මත වැටලීමක් සිදුකර මෙම බන්ධනාගාර නියාමකවරයා ද හෙරොයින් සමග සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයිඑම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. සීනි මිල වැඩිවීම හේතුවෙන් තේ එකක මිල රුපියල් 5කින්ද කිරි තේ එකක මිල රුපියල් 10කින්ද ඉහළ දමන බව සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය. මේ අතර සහල්, එළවළු, කුකුල් මස්, ලූනු ඇතුළු භාණ්ඩවල මිල ඉහළයෑම හේතුවෙන් කැම පැකට් එකක මිල රුපියල් 20කින් සහ කොත්තු සහ ෆයිඩ් රයිස් මිල රුපියල් 20කින් ඉහළ දමන බවද ඔහු සදහන් කළේය.
