Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (09) පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිද වැටීමක් සිදුවුණි. බිඳ වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රමානුකූලව සිදුකළ අතර ඊයේ රාත්‍රී 11 පමණ වන විට දිවයින පුරා විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය. විදුලිය බිඳවැටීමත් සමග ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වූ අතර දිවයින පුරා ආරක්ෂාව තර කිරීමට පොලීසිය සහ යුද හමුදාව කටයුතු කර තිබුණි. මෙම හදිසි විදුලිය බිඳවැටීමට හේතුව…
වයස අවුරුදු 15ක දැරියකගේ සිරුරක් හමුවී තිබේ. කොළොන්න පොලිස් වසමේ උල්ලිදුවාව ගගේ තිබී එම ප්‍රදේශයේම පදිංචි 15 හැවිරිදි දැරියකගේ සිරුරක් මෙලෙස හමුවී ඇත. ඊයේ (08) සවස මෙම දැරිය අතුරුදන්වී තිබේ. දැරිය දියේ ගිලී මියගියේ කෙසේදැයි තවමත් කරුණු අනාවරණය වී නොමැති බවය. සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්න පොලීසිය විමර්ශන සිදුකරයි.
හබරාදුව, තල්පේ උතුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් පොලිස් නිලධාරීන් බව පවසමින් නිවසේ සිටි පුද්ගලයා ව මෝටර් රථයෙන් රැගෙන ගොස් වෙඩි තබා මාර්ගයේ අත්හැර දමාගොස් ඇති බව පොලීසිය පවසයි. එම පුද්ගලයාගේ කලවා ප්‍රදේශයට වෙඩි තැබීම සිදු කර ඇති අතර, තල්පේ උතුර ප්‍රදේශයේ අත්හැර දමාගොස් සිටි ඔහු ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරු 30 හැවිරිදි මාතර, නාවිමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදුව පොලීසිය විමර්ශන සිදු කරයි.
හෙට (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටය.
යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. හමුදා සඳහා නිසි කැලරි ප්‍රමාණය සහිත ආහාර වේල් ලබාදීමට නොහැකි නම් රටක් ලෙස අසමත් බැවින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කරමින් කාරක සභාව අදාළ අනුමැතිය ලබාදුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. රජය විසින් වියදම් කරනු ලබන මුදලට සාපේක්ෂව නිසි පෝෂණයක් සහිත ආහාර වේල් ලැබීම පිළිබඳ සොයා බලා තහවුරු කරගත යුතු බවද කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහිදී අවධාරණය කර තිබේ. දිනකට කිලෝ කැලරි 3,400…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත්වී නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව වැඩකරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවය. කොළඹ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
ශුද්ධ වූ කුරානයේ පිටපත් ප්‍රසිද්ධියේ ගිනි තබමින්, ඉස්ලාම් දහමට නිගරු කිරීම වැළැක්වීමට, යුරෝපා රාජ්‍යයක් වන ඩෙන්මාර්කය, නව නීති හඳුන්වා දී තිබේ. මීට මාස කීපයකට පෙර, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි කියමින්, ඩෙන්මාර්කයේ සුදු අන්තවාදී කණ්ඩායම්, ප්‍රසිද්ධියේ කුරානයේ පිටපත් ගිනි තබා විනාශ කළේ, එරට පොලිසිය ඊට ඉඩ දී බලා සිටිද්දීය. ලොව මුස්ලිම් ප්‍රජාව, ඩෙන්මාර්කය සමඟ විරසකයක් ඇති කර ගැනීමට එම සිද්ධිය හේතු විය. ශුද්ධෝත්තම පාප්තුමන් ද පෙන්වා දී තිබුණේ, ඉස්ලාම් දහමට නිගරු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය. නව නීති හඳුන්වා දීම සිදුවූයේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කෙටුම්පත, පැය 5 ක් තිස්සේ පැවැති වාද විවාදවලින් පසු වැඩි…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ මත්තේගොඩ ප්‍රදේශයේ (07) දා පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී තවදුරටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ලබන වසරේදී අනිවාර්යෙන්ම මැතිවරණයක් පැවැත්වෙනවා.එය ජනාධිපතිවරණයද මහ මැතිවරණයද කියලා දැම්ම කියන්න බෑ. නමුත් මැතිවරණයක් අනිවාර්යයෙන්ම ලබන වසරෙදි පැවැත්වෙනවා. ඒ සඳහා පොදු ජන පෙරමුණ සැලසුම් සහගත සූදානමකින් පසුවනවා. වැටුප් වැඩි කරනවනම් පළමුව වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුද්ධයේ ඉන්…
ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් ඉපදීමේ විශාල වශයෙන් අඩුවක් පවතින බව සෞඛ්‍ය අංශ දත්තයන්ට අනුව පෙනී යන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. මෙලෙස දරු උපත් අඩුවීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතාගෙන් කළ විමසීමේදී සදහන් කර සිටියේ , දත්තයන්ට අනුව 2017 වර්ෂයේ සිට මෙම වසර දක්වා බැලීමේදී මෙම අඩුවීම පෙනෙන්නට ඇති බවය. මෙම හත් වසරක දරු උපත් ලෙස බැලීමේදී ගම්පහ දිස්ත්‍රික්කයෙහි 2017 වර්ෂයේදී 29,560 දෙනෙකු , 2018 වසරේදී 29,224 දෙනෙකු , 2019 වසරේදී 28,553 දෙනෙකු , 2020 වසරේදී 27,497 දෙනෙකු , 2021 වසරේදී 24,999 දෙනෙකු , 2022 වසරේදී 23,512 දෙනෙකු සහ 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසය…
මධ්‍යම පළාත පුරා පසුගිය මාස කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය උපරිම මට්ටම දක්වාම පිරී ඇති අයුරු දකින්නට ලැබිණි.. වසර කිහිපයක් පුරා සිඳී තිබූ වික්ටෝරියා ජලාශය මේ වන විට උපරිමය දක්වා පිරි ඇති අතර ජල විදුලිය නිපදවීම සඳහා මෙම ජලය උපරිමයෙන් භාවිතා කිරිම මේ දිනවල සිදු වෙයි.
