Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොළඹ – මහනුවර මාර්ගයේ දී අනතුරක් සිදුව තිබෙනවා. බැලුම්මහර වර්ණ සංඥා අසලදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැනීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුරුන් බස්රථයෙහි සිටි 13 දෙනකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.
පොලොන්නරුව වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී සියලු ජාතීන් හා සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන්, සර්වාගමික වතාවත් සිදුකරමින් චෛත්‍යය ඉදිවන භූමියේම හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සිදුවිය. දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී, වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාමාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, සුසිරිගම කළණ මිතුරු සංසදයේ සංවිධානයෙන් මීට වසරකට පෙර මෙම භූමියේම ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ජාතික එකමුතුකමේ නමින් චෛත්‍යයක මුල්ගල් තැබූහ. ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගේ, දානපතියන්ගේ, දායකයින්ගේ මෙන්ම නුවර ප්‍රදේශයේ දානපතියකු වන නලින් ද සොයිසා මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම චෛත්‍ය මෙන්ම හින්දු කෝවිල ඉදිකිරීමට අනුග්‍රහය ලැබී තිබෙන අතර මෙම කටයුතු වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රදේශවල ජීවත් වෙන සියලු ජාතීන් සහ ආගමිකයින් නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික කටයුතු…
රටේ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. තිස් වසරක යුද්ධයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් රට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් කඩාවැටීමකට ලක් වූ බවත්, එම අඳුරු යුගය නිමා කර යළි ගොඩනැඟෙමින් සිටින රටකට යළිත් ජාතිවාදී ගැටුම් අවශ්‍ය නොවන බවත් රත්නප්‍රිය මහතා කීය. ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කර සිටියේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (22) කොළඹ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට…
මාතර පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙළෙද සැලකින් එම ප්‍රදේශයේ කාන්තාවක් මිලට ගත් පාන් ගෙඩියක් තුළ තිබී බීඩි කොටයක් උදෑසන හමු වී තිබේ. එම වෙළෙද සැලෙන් පාන් ගෙඩි දෙකක් මිලදී ගෙන ඇත.ෙ උදෑසන තම දරුවාට පාසල් යාමට පෙර පාන් ගෙඩියකින් කොටසක් කපා දී හොදි සමග කන අතරවාරයේ එම බීඩි කොටය දැක තිබේ. පලමුව එය කරපිංචා කොලයක් යයි සිතා පොඩි කර බැලීමේ දී බීඩියක් බව අනාවරණය වී ඇත.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම සම්බන්ධව වගකීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දිය යුතු බව කොංග්රස් සාමාජිකයන් 12 දෙනකු ලිපියක් මාර්ගයෙන් බයිඩන් පරිපාලනයෙන් ඉල්ලා ඇතැයි ෆොරින් පොලිසි වෙබ් අඩවිය වාර්තා කර ඇත. මෙම කොංග්රස් සාමාජිකයන් 12 දෙනාගේ අත්සනින් යුත් ලිපිය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් වෙත යවා තිබෙන බවත් එම ලිපියෙන් වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 30 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධව කටයුතු කරන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවත් ෆොරින් පොලිසි වෙබ් අඩවිය පෙන්වා දී තිබේ. යුක්තිය සහ වගවීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැති බවද එම…
වයස අවුරුදු 09යි මාස 02ක තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ප්‍රදේශයෙන් පළාගොස් සිටින සැකකාර පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලීසියට ලැබී ඇති පැමිණිල්ලක් මත විමර්ශන ක්‍රියාත්මකය. සැකකරුගේ ඡායාරූපය ඉහතින් දැක්වෙන අතර ඔහුගේ විස්තර පහතින් දැක්වෙයි. පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ පොලීසියට දැනුම්දෙන ලෙසය.
සිය ඥාතීන්ගෙන් මගහැරී බස් රථයක අතරමං වූ කුඩා දරුවෙකු පිළිබඳව පුවතක් අද කිරුළපන ප්‍රදේශයෙන් වාර්තාවිය. අදාළ කුඩා දරුවා ඥාතීන් පිරිසක් සමග කොළඹ කෞතුකාගාරය නැරඹීම සඳහා පැමිණ තිබේ. කෙසේ වෙතත් මාර්ග අංක 138 බස් රථයක නැගී පැමිණි එම පිරිස කෞතුකාගාරය ආසන්නයේදී එම බස් නැවතුම්පොළෙන් බැස ඇත. එහිදී ඔවුන්ට දරුවා මගහැරී ඇති අතර සිය ඥාතීන් බස් රථයෙන් බැස ඇති බව නොදත් දරුවා ධාවනය වෙමින් තිබූ බස් රථයේ මද දුරක් ගොස් ඇත. අනතුරුව සිය ඥාතීන් බස් රථයෙන් නොමැති බව බව දැනගත් එම දරුවා හඬාවැටීමත් සමග බස් රථයේ සිටි මගීන් සහ කොන්දොස්තරවරයා එක්ව දරුවා කිරුළපන පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. කෙසේ වෙතත් කුඩා දරුවා…
අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාට අද (22) කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාර දුන්නේය. 2020 වසරේ යාපනයේදී තිලීපන් සමරු උත්සවය සංවිධානය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අධීකරණයට ඉදිරිපත් වුණි. ඉන් අනතුරුව ඒ මහතාව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරගැනීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි. මහබාගේ පැවති උත්සවයකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය. මහබාගේ ශාන්ත ජූඩ් දේවස්ථානයේ අල්තාරය ආශිර්වාද ගැන්වීමේ උත්සවය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැත්වුණි. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්, “සත්‍ය සොයාගැනීම වෙනුවෙන් ඇයි අපි මෙච්චර දඟලන්නේ. ආණ්ඩු කරන අය කියන දේවල් පිළිඅරගෙන අපිට හොඳ ශේප් එකේ ඉන්න පුළුවන් නේ. ඒවා කළේ නැහැ කියලා අපේ ඇඟ රිදෙන්නේ නැහැ නේ. එහෙම නෙමෙයි අපි අපේ සහෝදරයාගේ ජීවිතය ගැන අපි වගකියන්න ඕනේ. අපි සංවේදී වෙන්නේ නැත්නම් අපි හරි ආත්මාර්ථකාමීයි.”
නිසි ආකාරයට ලංසු ඉදිරිපත් කර නොමැති බව පවසමින් අවලංගු කළ අක්ෂිකාච සැපයීමට ඉදිරිපත් වූ සමාගම්වලින් අක්ෂිකාච මිලදීගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේෂ් මහතා චෝදනා කරති. එම තීරණය වෙනස් කරමින් අඩුපාඩු සහිතව ලංසු ඉදිරිපත් කළ සමාගම් වලින්ම අක්ෂිකාච තොගය මිලදීගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හිටි හැටියේ තීරණය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැරදි බව තහවුරු කළ සහ ඒ බව සෞඛ්‍ය ලේකම්වරයා පත්කළ කමිටුවකින් තහවුරු කර තිබියදී හිටි හැටියේ එම වැරදි ටෙන්ඩර නිවැරදි වන්නේ කෙසේදැයි ගැටලුවක් මතුවන බවත් කුමුදේෂ් මහතා කීය. ටෙන්ඩරයක් සඳහා ලංසු තැබීමේදී හෙළිවන ඇතැම් වැරදි තෝරාගත් සමාගමක් සඳහා අවස්ථාව සැලසීම සඳහා කරන උපායක් ලෙසද, ඒවා…
