Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ අතර දිවයින පුරා එළවළු වෙළෙඳ සැල් පාළුවට ගොස් තිබෙන අයුරු දැකගත හැකි විය. කොළඹ පෑලියගොඩ මැනිං වෙළෙඳ සැලට පාරිභෝගිකයන් ගේ පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබූ අතර එළවළු තොග ලැබී තිබුණත් ඒවා මිලදී ගන්නට පාරිභෝගිකයන් නොපැමිණීම නිසා වෙළෙඳ කුටි පාළුවට ගොස් තිබූ අයුරු දැක ගත හැකි විය. පෑලියගොඩ මැනිං වෙළෙඳ පොලේ (සිල්ලර මිල) බෝංචි කිලෝව රුපියල් 1100ක්, කැරට් කිලෝව 2100ක්,ගෝවා කිලෝව 750ක්,තක්කාලි කිලෝව 400ක්,බටු කිලෝව 800,වට්ටක්කා කිලෝව 200ක්,අමු මිරිස් කිලෝව 1100ක්,රතු ලූනු කිලෝව රුපියල් 500ක් සහ විදේශීය ලොකු ලූනු කිලෝව රුපියල් 430 ක් වශයෙන් වාර්තා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී (John Kerry) මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී පැවැත්විණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගී විය. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු විය.
වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය ඌරගස්මංහන්දිය පොලිසියේ කොස්තාපල්වරයකු එම වරෙන්තුකරු යම් කිසි ආයුධයකින් පහරදී ඇතැයි කියන සිද්ධියකින් හිසට හා උදරය ප්‍රදේශයට තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. වරෙන්තුකරුද එම ආයුධයෙන්ම තුවාල ලබා බලපිටිය රෝහලටම ඇතුලත් කර ඇතැයිද පොලිසිය කියයි. ඌරගස්මංහන්දිය අටේ කණුව ප්‍රදේශයේ දී ඊයේ (17)සවස හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි 25 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනකු ගිය අවස්තාවේ මෙම ප්‍රහාරය සිදුව තිබේ. පොලිස් නිලධාරීන් දෙදෙනා වරෙන්තුකරු අල්ලාගත් විට ඔහු අතේ පැළඳගෙන සිටි බව කියන යම් කුඩා ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයාට පහර කීපයක් එල්ල කර පොලිස් නිලධාරීන් දෙදෙනා සමග පොරබදා පලාගොස් ඇතැයි…
කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ තොටුපළ අසලද දිය නාමින් සිටියදී කිඹුලකු ඩැහැගෙන ගිය එකොලොස් හැවිරිදි දරුවාගේ සිරුර ඊයේ (17) රාත්‍රීයේදී හමුවූ බව කඩුවෙල පොලිසිය පවසයි. අදාල සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 100ක් පමණ අඹතලේ දෙසට වන්නට තිබී දරුවාගේ සිරුර හමුවූ බවත් සිරුරේ කිසිදු කොටසක් අඩුව ඇති බවට සලකුණක් නොතිබූ බවත් කිඹුලාගේ දත් පහරවල් කිහිපයක් ශරීරයේ තැනින් තැන තිබූ බවත් දැක ගන්නට හැකි වූ බව කඩුවෙල පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය. අදාළ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට නියමිත බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. මෙලෙස මරණයට පත්ව තිබුණේ කඩුවෙල වැලවිට සාන්ත අන්තෝනි…
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිහු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. එම කණ්ඩායම එම හිංසනවලට ලක්වූ සේවිකාවන් සහ එම අංශයේ නිලධාරීන් විස්සකට වැඩි පිරිසකගෙන් පෙරේදා ප්‍රකාශ සටහන් කර ගත්තේය. පරීක්ෂණ කණ්ඩායම පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැඳී සිටිමින් ඊයේ (17) දිනයේත් විමර්ශන කටයුතු කළේය. අද(18) දිනයේත් එම විමර්ශන පැවැත්වීමට නියමිතය.
ජනාධිපති අපේක්ෂකයන් රැසක් සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක මේ දිනවල නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. සමහර අපේක්ෂකයන් මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වලටම ගොස් තමන්ට සහාය දක්වන ලෙසට ආරාධනා කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. සමහරු මුදල් සහ වෙනත් ත්‍යාග සහ වරප්‍රසාද ලබාදෙන බවටද පොරොන්දු ලබාදී ඇත. මේ අතර සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ නිවෙසට පසුගිය දිනවල වරින් වර පැමිණ ඇති ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු තමන්ට සහාය දැක්වීම සඳහා ඡන්ද වේදිකාවට එක්වන ලෙසට ආරාධනා කර ඇතැයි වාර්තාවේ. මේ අතර තම වේදිකාවට නැගීමට එක් අපේක්ෂකයකු ඩයනාගමගේ මහත්මියට රුපියල් කෝටි 10 ක ලන්සුවක් යෝජනා කර…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් සඳහා ගොස් සිටි සිය පුත්‍රයා සැක කටයුතු ලෙස මියගොස් ඇති බවට ඥාතීන් චෝදනා කරයි. එම තරුණයා බද්දේගම ගෝනාපීනුවල ප්‍රදේශයේ පදිංචිව සිට මෙලෙස විදේශගතවූ අයෙකි. මේ පිළිබඳ කඩිනම් අවධානය යොමුකරන ලෙස ඔහුගේ මව්පියන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටී. බද්දේගම ගෝනාපීනූවල ඇලපලවත්ත ප්‍රදේශයේ පදිංචි කවිඳු සත්සර මීට වසර එකහමාරකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අබුඩාබි නුවර රැකියාවක් සඳහා ගොස් තිබුණි. ඒ එරට ආපනශාලාවක සූපවේදියෙකු ලෙසය. එදා සිට කවිඳු පවුලේ ඥාතීන් ඇතුළු හිතමිතුරන් සමග දිනපතා කතාබහ කළත් පසුගිය 06 වනදා සිට සිය පුතු පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බවට මව්පියන් පවසයි. මෙවන් පසුබිමක කවිඳුගේ රැකියා ස්ථානයෙන් කළ විමසීමකදී…
ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතී.
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට අදාළව මාළිකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් ඇති වියහැකි බවට මරදාන පොලිස් ස්ථාන මඟින් සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමේන් අනතුරුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත්කර තිබිණි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු වගඋත්තරකරුවන් 9 දෙනෙකු වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව අද දින 2 සිට කුරුඳුවත්ත විහාර මහාදේවී උද්‍යානය අසලින් විරෝධතාවය ආරම්භ කර ලිප්ටන් වටරවුම දක්වා පාගමනින් ගමන් කිරීමට හෝ සිනේසිටි සිනමා ශාලාව අසලින් විරෝධතාවය ආරම්භ කර කොටුව…
ගෘහ සේවකයන් ලෙස බඳවා ගැනීමේදී අය කරනු ලබන ගාස්තු අඩු කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබේ. පිලිපීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, උගන්ඩාව, කෙන්යාව සහ ඉතියෝපියාව ඇතුළු රටවල් කිහිපයක ගෘහ සේවකයන් සම්බන්ධයෙන් ඔවුන් එම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව පිලිපීනය සඳහා සෞදි රියාල් 15,900 සිට 14,700 දක්වා, ශ්‍රී ලංකාව සඳහා සෞදි රියාල් 15,000 සිට 13,800 දක්වා, බංග්ලාදේශය සඳහා සෞදි රියාල් 13,000 සිට 11,750 දක්වා, කෙන්යාව සඳහා සෞදි රියාල් 10,870 සිට 9,000 දක්වා, උගන්ඩාව සඳහා සෞදි රියාල් 9,500 සිට 8,300 දක්වා සහ ඉතියෝපියාව සඳහා සෞදි රියාල් 6,900 සිට 5,900 දක්වා බඳවා ගැනීමේ ගාස්තු පහළ දමා ඇත. ගෘහ සේවකයන් ලෙස…
