Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අවුරුදු හයක් වයස පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන මාවතගම පොලිස් වසමේ පිහිටි සිවිල් ආරක්ෂක කමිටුවක හිටපු උප ලේකම්වරයෙකු මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 68 හැවිරිදි වියේ පසු වන එක් දරු පියෙකි. මෙම සැකකරු වසර ගණනාවක් තිස්සේඔහු පදිංචිව සිටින ප්‍රදේශයේපිහිටි සිවිල් ආරක්ෂක කමිටුවේ උප ලේකම් ධුරය දරා මෑතකදී නිලවරණයේදී එම තනතුර අහිමි වී ගිය අයෙක් බව කියති. බාල වයස්කාර දැරියගේ මව සිදු කරන ලද පැමිණිල්ලක් අනුව දැරියගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පුද්ගලයා අසල්වැසිනිවසක පදිංචිව සිටිනදැරියගේ නිවසට පැමිණමෙම දැරියට…
කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනෙක් බැලීමට පැමිණි පුද්ගලයෙක් සැකකරුවන්ට දීමට රැගෙනආ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩිවල අඟල් 3 සහ 4 ප්‍රමාණයේ බීම බට 16 ක තිබී හෙරොයින් යැයි සැකකළ හැකි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ඊයේ (29) පැවසීය. එම පුද්ගලයා ගෙනආ ආහාර බන්ධනාගරයේ අමුත්තන් පෙන්වන ස්ථානයේ රාජකාරී නියුතු නිලධාරීන් පරීක්ෂා කළ අවස්ථාවේදී කෙසෙල් ඇවරිය තුළ තිබී මත්ද්‍රව්‍ය සොයාගත් බව කී ඒකනායක මහතා මෙම මත්ද්‍රව්‍ය රැගෙනආ පුද්ගලයා සහ අදාල මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර උතුර පොලිසිය වෙත භාරදුන් බව ද සඳහන් කළේය. අදාල සිදුවීම සම්බන්ධනයෙන් කළුතර බන්ධනාගාරය විමර්ශණයක් ආරම්භ කළ බව…
විදුලි බල මණ්ඩලය කෑලි 15 කඩා ප්‍රතිව්‍යුහගත කර එළඹෙන නොවැම්බර් මාසයේදී සියයට 22 කින් විදුලි බිල නැංවීමට කටයුතු කරමින් සිටින බව, එක්සත් ජනරජ පෙරමුණේ නායක,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය. අයි.එම්.එෆ්. ණය වැඩපිළිවෙල අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවත්, මෙම සැප්තැම්බර් අවසානයේ අලුත් මාණ්ඩලික ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ තිබුණ බවත්, එය මෙතෙක් අත්සන් කර නොමැති නිසා එම අනතුරුදායක තත්ත්වය උදාවී තිබෙන බවද රණවක මහතා පැවසීය. විදුලි බිල වැඩි කරන්න මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් කරල තිබෙනව, ඒ නිසා විදුලි බිල අඩු වෙන එක නෙමෙයි වෙන්නෙ මේ නොවැම්බර් මාසේ සියයට 22 කින් වැඩි වෙන එකයි සිද්ධවෙන්නේ. විදුලිබල බල මණ්ඩලය…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් කැලණිය රජමහා විහාරයට ගොස් වැඳපුදා ගත්තේය. එහිදී බෝධි පූජාවක්ද පැවැත්වීය. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අග්ගමහාපණ්ඩිත , කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනා කර රාජපක්ෂ මහතාට ආශිර්වාද කළේය.
ඉන්දියාවේදී ලැබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංක පිල ගුවහාටිහිදී ඊයේ (29) සහභාගි වූ පළමු පුහුණු තරගයේදී බංගග්ලාදේශය හමුවේ කඩුලු 7 කින් පරාජය විය. ශ්‍රී ලංකා පිල ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 263 (පැතුම් නිස්සංක 68, කුසල් පෙරේරා 34 (පිටියෙන් ඉවත් වුණා), කුසල් මෙන්ඩිස් 22, චරිත් අසලංක 18, ධනංජය ද සිල්වා 55, දිමුත් කරුණාරත්න 18, මෙහෙදි හසන් 36/3) බංග්ලාදේශ පිල ඕවර 42 කදී කඩුලු 3 ට 264 (ටන්ෂීඩ් හසන් 84, ලින්ටන් දාස් 61, මෙහෙදි හසන් මිරාෂ් නොදැවී 67, මුෂ්ෆිකුර් රහීම් නොදැව 35)
මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් දී ඇත. ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලීසියට හෝ අධිකරණ සේවා කොමිසමට දැනුම් දී නොතිබීම නිසාවෙනි. එම නිසා මෙම සිද්ධියේ සුල මුල ගැන වහාම සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිද්ධිය ගැන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් යන මහත්වරුන් සමඟ සාකච්ඡා කර…
පාකිස්තානයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක, දේශපාලන සංවාදාත්මක වැඩසටහනක් අතරතුරේ, සජීවී ගුටි කෙළියක් දැකගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදා විය. වැඩසටහනට සහඟාවී වූයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ අපේක්ෂක නීතීඥ ෂාර් අෆ්රාල් මර්වාත් සහ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය’ පක්ෂයේ අපේක්ෂක සෙනෙට් සභික අෆ්නරුල්ලා ඛාන් යන දෙදෙනාය. දේශපාලන මතවාද සම්බන්ධයෙන් පළමුවෙන් එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කරගත් දේශපාලනඥයන් දෙදෙනා, ඉන්පසු අසුන්වලින් නැගිට ගුටි හුවමාරු කර ගැනීමට පටන් ගත් බව පැවැසෙයි. ගුටි කෙළිය සජීවීව නාළිකාව ඔස්සේ විකාශය විය. ගුටි කෙළිය නැවැත්වීමට වැඩසටහන මෙහෙයවූ නිවේදකයාටත්, නිෂ්පාදන කණ්ඩායමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද දැනගන්න ලැබේ.
පෘථිවියේ අටවැනි මහද්වීපය ‘සීලන්ඩියා’ Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ‘සීලන්ඩියා’ Zealandia නමින් අටවැනි මහද්වීපයක් ඇති බව භූ විද්‍යාඥයන් ලොවට පෙන්වා දුන්නේ මීට වසර කීපයකට පෙරය. නමුත් දැන් පැසිෆික් සාගරයේ, අඩි 3,500 ක් ගැඹුරේ ගීල ඇති මෙම මහද්වීපය සම්පූර්ණයෙන් සිතියම්ගත කිරීමට භූ විද්‍යාඥයන් සමත් වී සිටී. මෙම මහද්වීපයට අයත් භූමියෙන් අද මුහුදින් මතුපිට ඇත්තේ නවසීලන්ත දූපත් රාජ්‍යය පමණි. 8 වැනි මහාද්වීපයෙන් සියයට 94ක් මුහුදට යටවී ඇති අතර, ඉතිරි සියයට 6 ලෙස භූ විද්‍යාඥයන් සලකන්නේ නවසීලන්තයයි. ස්වභාවික ව්‍යසනයක් හේතුවෙන් මෙම මහද්වීපය මුහුදේ ගිලෙන්න ඇත්තේ වසර 375 කට පෙර බව භූ විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. මෙම…
දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත්ත පවතිනු ඇතැයි අපෙක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසිද බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වේ. උතුරු උතුරු – මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇතිවිය හැකියි. බදුල්ල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ…
කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ආරක්ෂක අංශයේ ස්කෑන් යන්ත්‍රය පරික්ෂාකරන නිලධාරියකු විදේශ ගතවිමට පැමිණි කාන්තවකගේ රන්මාලයක් හා පෙන්ඩනයක් සොරකම් කළැයි කියන සිද්දියකට එම නිලධාරියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. සැකකරු 29 හැවිරිදි හීනටියන ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදි සොරාගත් රන්මාලය උකස් ආයතනයකට අලෙවි කිරීමෙන් පසු උණුකර තිබියදි සොයාගෙන ඇති අතර පෙන්ඩනයක් සහ තවත් කාන්තාවකගේ බෑගයකින් සොරාගත් මුදු තුනක් ජුවලරි ආයතනයකට උකස් කර තිබියදී සොයාගෙන ඇත. ගුවන්තොටුපොළ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
