Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වකුගඩු රෝගි, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා ගෙවීමට රුපියල් කෝටි 268 කට අධික මුදලක් (මිලියන 2,684) මුදලක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාණ්ඩාගාරය යොමුකර ඇති බවත් එම මුදලින් ජුලි මාසයේ අදාල ගෙවීම් කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල හරහා ද, ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යල හරහා ද ජනතාවට එළඹෙන සිකුරාදා සිට ගතහැකි බව ද අමාත්‍යවරයා කීය.
නීති විද්‍යාලයට ප්‍රවේශවීමේ විභාග ගාස්තු සියයට 257කින් ඉහළ දැමීම හේතුවෙන් එම සිසුන් මවුපියන් දැඩි දුෂ්කරතාවයට සහ අසහනයට පත්ව සිටින හෙයින් විභාග ගාස්තු සහ ලියාපදිංචි ගාස්තු වහාම අත්හිටුවා දරාගත හැකි ගාස්තු අය කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23)පැවසීය. ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. මෙවැනි අසීමිත ගාස්තු අය කළේ කුමන පදනමකින් දැයි ඔහු ප්‍රශ්න කළේය. සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය. නීති විද්‍යාලයට ප්‍රවේශවීමේ විභාග ගාස්තු සියයට 257 කින් වැඩි කරල තියනවා. පළමු වසරේ සිසුන්ට 67500ක් ගෙවන්න තියෙනවා. මේක බරපතළ ප්‍රශ්නයක්. මේක ගෙවන්න බැරුව බැරුව වාරික දෙකකට කඩලා තියෙනවා. 40,000, 27500 විදිහට. ඒ…
රෝගීන්ට ශල්‍යකර්ම සිදුකිරීමට පෙර නිර්වින්දනය කිරීමට භාවිතා කරන නිර්වින්දන වායු ඔෟෂධ රටපුරා රෝහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය. නිර්වින්දන වායු ඖෂධ හිඟවීම නිසා නුවරඑළිය රෝහලේ ශල්‍යකර්ම දින දෙකක් තිස්සේ සීමාකර තිබෙන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කීය. නුවරඑළිය රෝහලේ ඉකුත් දින දෙකේදී සිදුකළේ හදිසි ශල්‍යකර්ම පමණක් බවද කොළඹදී ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකඡ්චාවකදී ජයන්ත බණ්ඩාර මහතා කීය.
දරු පල නොමැති තම බාල සොහොයුරියට බද්ධ කිරීම සඳහා වැඩිමහල් සොයුරිය ඇයගේ ගර්භාෂය පරිත්‍යාග කළ පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වී තිබේ. දරුවන් දෙදෙනකුගේ මවක් වීමට වාසනාව ලද 40 වියැති වැඩිමහල් සොයුරිය දරුවන් නොමැති තම 34 හැවිරිදි බල සොයුරියට මවක් වීම සඳහා අවස්ථා ලබා දීමට ඇයගේ ගර්භාෂය බාල සොයුරියට පරිත්‍යාග කර ඇත. සොයුරියන් දෙදෙනාම විවාහකයන් වුවත් බාල සොයුරියගේ ගර්භාෂය දරු කළලයක් දරා ගැනීමට අවශ්‍ය අයුරින් වර්ධනය නොවීම හේතුවෙන් ඇයට මවක් වීමට හැකියාව ලැබී නොමැත. ඒ හේතුවෙන් වැඩිමහල් සොයුරිය පරිත්‍යාග කළ ගර්භාෂය පැය 9 විනාඩි 20 ක ශල්‍ය කර්මයකින් පසුව බාල සොයුරියට සාර්ථකව බද්ධ කිරීමට ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව ඇත.…
ඉන්දියාවේ ඉදිවෙමින් පවතින දුම්රිය පාලමක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දියාවේ මිසොරාම් ප්‍රන්තයේ අගනගරය වූ අයිසොල් සිට කිලෝ මීටර 12 ක් පමණ දුරින් මෙම සිදුවීම සිදු වී ඇත. දුම්රිය පාලම කඩා අවස්ථාවේ 40 ක පමණ කම්කරුවන් පිරිසක් එහි සේවය කර තිබේ.මියගිය 17 දෙනා පාලමේ ඉදිකිරීම් කටයුතු වල නිරත වූ සේවකයන් බවත් සුන්බුන් වලට යටවූ සේවකයන් සිටී දැයි සොයා බැලීම සඳහා මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත. අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ ළඟම ඥාතියාට ඉන්දීය රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ තුවාල ලැබූ පුද්ගලයන්ට ඉන්දීය රුපියල් 50000 ක මුදලක් ලබා දෙන බව එරට අගමැති…
මාර්ගයක ගමන් ගත් කාන්තාවක ගෙල පැලැඳ පෙන්ඩනය සහිත රන් මාලය කඩා ගත් බව කියන නාවික භටයක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාර නාවික හමුදා භටයා ළඟ තිබී පෙන්ඩනය සහිත රත්තරන් මාලය ද පොලිස් භාරයට ගෙන තිබේ. අඩංගුවට ගත් සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකි. සැකකාර නාවික භටයා කඳවුරෙන් නිවාඩු ලබා පැමිණ සිටි අතර වාරයේ මෙම රන්මාල කොල්ල කෑම සිදු කර ඇති බව පොලිසිය කියයි
නීත්‍යානුකූල නොවන ලෙස මෙරට ගෙන්වීමෙන් පසුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය භාරයට ගත් ජංගම දුරකථන අමතර කොටස්, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, විසිතුරු බඩු සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු රුපියල් කෝටි 9 කට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් විනාශ කළේය. මෙම භාණ්ඩ තොගයට මෝටර් රථ අමතර කොටස් 62,900 ක් පමණ ඇතුළත් බව කී රේගුව මෙවැනි ව්‍යාජ භාණ්ඩ පරිහරණයෙන් පාරිභෝගිකයාට සැළකියයුතු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පසුගියදා ගිනිගත් කර්මාන්ත ශාලාවේ යළි ගිනි ගැනීමේ අවදානමක් මතුවූ බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. ඒ අනුව ප්‍රදේශය පුරා දැඩි දුමාරයක් කර්මාන්ත ශාලාව අවට පැතිර ගිය බවත් එය පාලනය කිරීමට ගිනි නිවන රථ ගෙන්වා ඇති බවත් පොලිසිය කියයි. පසුගිය සතියේ ගිනිගත් කර්මාන්තශාලාවේ ගබඩා කර තිබූ ක්ලෝරීන් මතට වැසි ජලය පතිත වීමත් සමඟ මෙසේ දුමාරය හට ගෙන ඇති බවටයි පොලීසිය සැක කරයි. ශ්‍රී ලංකා පොලීසිය පනාගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා ගිනි නිවන භටයින් පැමිණ ගින්නක් හට ගැනීමේ අවධානම පාලනය කරමින් තිබේ.
ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද (24) දිවයිනේ සියලු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි. එහි සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ අද උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මස 10 වනදාට පෙර නිකුත් කිරීමට නියමිතව ඇත. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා මේ බව පැවසීය.
