Author: LANKA24X7

මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. රාජ්‍ය සේවකයාට රුපියල් 10000 ක දීමනාව ලැබෙන්නේ අප්‍රේල් මාසයේ සිට බව පැවසූ මන්ත්‍රීවරයා විශ්‍රාමිකයන්ටද 2500 දීමනාව ලබාගැනීමට අප්‍රේල් මාසය තෙක් බලා සිටීමට සිදුවන බව ප්‍රකාශ කළේය. අයවැය එන්න පෙර වැට් එක ගැසූ හෙයින් ජීවන වියදම අහස උසට ගොස් ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. වැට් බද්ද නිසා අද සිට සියලු භාණ්ඩවල මිල ඉහළ යන බවද මහාචාර්යවරයා පැවැසීය. දැනට හත් ලක්ෂයක් විදුලිය විසන්ධි කර ඇති බවත් මේ කිසිදු ප්‍රශ්නයකට මෙවර අයවැයෙන් විසඳුම් නැති බවත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ අය-වැය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිකරණය හමුවේ සිය සීමිත විරෝධතා ගොනු කරනු ලැබ ඇත. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය නීතිඥ ජී. ජී අරුල්ප්‍රගාසම් මහතා මගින් ගොනු කරනු ලැබ ඇති විරෝධතා වල මෙසේ ද සඳහන් වේ. ෂම්මි සිල්වා මහතා අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක් ලබා ගෙන ඇත්තේ අධිකරණයට ව්‍යාජ කරුණු ඉදිරිපත් කර අධිකරණ නොමග යවමින් ඒ මහතා වැරදි තොරතුරු අඩංගු ප්‍රකාශයක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ යටි අරමුණකිනි. ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමන්ගේ අරමුණ වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය යෝජනාවලිය තුළින් පාලකයන්ට දිව්‍ය ලෝකයත් ජනතාවට අපායත් පෙන්වා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කලේය. නිසි ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගත නොහැකි තත්ත්වයත් මත ජනාධිපතිවරයා සිල්ලර අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මෙවර අයවැය රටේ ජනතාව රැවැටීමට උපයෝගී කර ගත් මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවත් ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කීවේය. මෙම අයවැයෙන් වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය, ජීවනෝපාය ශක්තිමත් කිරීමට ඇති වැඩපිළිවෙළ ගැන කතා කිරිමට පෙර 2022 අයවැය යෝජනාවේ අන්තර්ගත කරුණු කොපමණ ප්‍රමාණයක් ඉටු කිරිමට හැකිවූවාද යන්න සොයා…

Read More

මෙවර අයවැයට ඇතුළත් කර ඇත්තේ පසුගිය අයවැයේ අඩංගු බොහෝ කාරණා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. “සුරංගනා කතා ලස්සන කතා කොච්චර කිව්වත් වැඩක් නෑ. ඒවා ප්‍රායෝගිකව බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්” යැයිද ඔහු සඳහන් කළේය. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අය වැය පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

Read More

දෙනෝ දාහක් දෙනා බලා සිටියදී කළුතර නගර මධ්‍යයේ පුද්ගලයකුට කඩුවකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකල පුද්ගලයකු සොයා පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලිසිය පවසයි . පහරකෑ පුද්ගලයා නගර මධ්‍යයේ ලේ විලක් මැද වැටී සිටියදී කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් , අත් දෙක සහ පිට ප්‍රදේශයට කඩු පහරවල් තුනක් එල්ලවී ඇති බවත් ඔහුගේ තත්ත්වය තරමක් බරපතළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය. බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පහරදීම සිදුකර ඇති බවත් , පහරකාගෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දෙසට දිව ඒමේදී මහමග ඇදවැටී ඇති බවද සදහන් වේ. මෙහිදී පහරකෑමට ලක්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 30 හැව්රිදි එක්දරු පියෙකු බවත්, ඔහු වෘත්තියෙන් පෞද්ගලික බස්…

Read More

නීති විරෝධී මත්පැන් තොගයක් සමග දොඩංගොඩ පොලිසිය අද අත්අඩංගුවට ගත් පුද්ගලයකු හදිසියේ අසනීපව මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි . මෙසේ මියගොස් ඇත්තේ දොඩංගොඩ , වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටී ජංගුගේ ගාමිණී සිල්වා නමැති 58 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි. මියගොස් ඇති තැනැත්තා නීති විරෝධී මත්පැන් තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔහු පපුව රිදෙන බව දැනුම් දීමෙන් පසු පොලිස් නිළධාරීන් 1990 සුවසැරියෙන් කඩිනමින් කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් පැවසේ.

Read More

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් ටිකට් පතක එක් අංකයක් සූක්ෂම ලෙස වෙනස් කරරුපියල් 2000 ක මුදලක්ජයග්‍රහනය කර ඇති බවට ඒත්තු ගන්වා එම මුදල ලබා ගැනීමට උත්සාහ කළේ යැයි යුද හමුදා සෙබළකුහොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත . ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් අළවි නියෝජිත වරයා සැකකරු අල්ලාගෙන පැමිණ භාරදීමෙන් පසු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. අත්අඩංගුවට ගත් මෙම සැකකාර සෙබළා මෙවැනිම ආකාරයට හොරණ නගරයේ අලෙවි නියෝජිතවරියක දරවටා වංචා සහගත ලෙස රුපියල් 200 ක මුදලක් ව්‍යාජ ටිකට් පතක් ඉදිරිපත් කර ලබාගෙන ඇති බව පරීක්ෂණවලින් හෙළිවී ඇති…

Read More

ඉංගිරිය මහ ඉංගිරිය පිහිටි බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය හඳපාන්ගොඩ පන්සල හන්දිය පදිංචිව සිටි බන්දුල ප්‍රියන්ත ජයකොඩි නැමැති 55 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. මියගිය අය ඇළ මාර්ගයට ඉහළින් ඇති බෝක්කු කණුව මත නිදාගෙන සිටියදී බෝක්කුව තුළට වැටි මෙම මරණය සිදුවී ඇති බව ඒ අසල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සැලක සවිකර තිබූ සීසීටීවී කැමරාව නැරඹීමේදී නිරීක්ෂණය වූ බව පොලීසිය කියයි.

Read More

දීපාවලි සැමරුමෙන් පසු, නවදිල්ලි අගනුවරට අමතරව, ඉන්දියාවේ තවත් නගර දෙකක වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙසේ වායු දූෂණය ඉහවහා ගොස් ඇත්තේ මුම්බායි සහ කොල්කටා යන නගරවලය. දීපාවලි සැමරමින්, රතිඤ්ඤා දැල්වීම සහ ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම හේතුවෙන් මුම්බායි සහ කොල්කටා නගරවල වාතය අපවිත්‍ර වී ඇතැයි පැවැසෙයි.

Read More

2024 අයවැයෙන් රජය විසින් ඓතිහාසික තීන්දුවක් ගෙන ඇතැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. අද (13) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය එම අදහස් පළ කළේය. “විශේෂයෙන් අපි මේ අවස්ථාවේ දී බොහෝම සන්තෝෂ වෙනවා. ඉතාම ඵලදායි රටේ ආර්ථිකය නැගිට්ටවන අයවැයක්. ඓතිහාසික තීන්දුවක් තියෙනවා. උඩරට ජනතාවට මුඩුබිම් පනතින් සිද්ධවෙච්ච අසාධාරණය නිවැරදි කරලා ඒ අයට ඉඩම් ඔප්පු ලබාදෙන්න. ඒ වගේම රටේ ආර්ථිකය හැම අංශයකින්ම ඉහළට ගන්න පුළුවන් බලාපොරොත්තු තියා ගන්න පුළුවන් ඉතා හොඳ අයවැයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්.”

Read More