Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම සිසුවියන් දෙදෙනාම සමීපව ඇසුරු කළ යෙහෙළියන් බවද වාර්තා වනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවන බී.ජී.අශානි වශ්මිකා සහ එෆ්.ආර්. පවීෂා නෙත්මිණි යන සිසුවියන් දෙදෙනායි. ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 වන ශ්‍රෙණියේ ඉගෙනුම ලබන මේ සිසුවියන් දෙදෙනා සමීපව ඇසුරු කළ යෙහෙළියන් බව වාර්තා වුණා. පවීෂා පාසලට යන බව මව්පියන්ට පවසා අශානිගේ නිවසට පැමිණ තිබුණේ පසුගිය 15 වැනිදායි. අශානිගේ පියා කොළඹ රැකියාවක නිරත අතර ඇය ජීවත්ව තිබෙන්නේ මිත්තණියගේ නිවසේයි. ඒ, කුඩා කාලයේදී ඇගේ මව ඇයව…
වර්තමාන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ සේවා කාලය ලබන (26) වැනිදායින් අවසන් වීමට නියමිත අතර අලුත් පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කෙරෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් මීළඟ පොලිස්පති ධුරය සඳහා යෝජනා වී තිබෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පොලිස්පති ධූරයට පත් කෙරෙන නිලධාරියා කවුදැයි යන්න තවමත් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවද සඳහන්. වර්තමාන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙසයි පත් වී ඇත්තේ. වර්තමාන පොලිස්පතිවරයා එම ධුරයට පත් කෙරුණේ 2020 නොවැම්බර් මස 27 වැනි දින වන අතර ඔහු පසුගිය මාර්තු 26 වැනිදා…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ලක්ෂ 23ක පිරිසක් සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇතැයි වැඩබලන මුදල් ඇමති ශෙහාන් සේමසිංහ පවසනවා. එම සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් පත් කිරීම ඊයේ (20) මුදල් අමාත්‍යංශයේ දී සිදු කෙරුණා. මෙම නාමලේඛනය හෙට සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම සේවා වසම් මට්ටමින් ප්‍රසිද්ධියට පත් කිරීම සිදුකරන බවත්, ඒ අනුව හෙට දින සිට දින 10ක කාලයක් විරෝධතා ඉදිරිපත් කිරීමට සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා. ප්‍රතිලාභීන් හට රුපියල් බිලියන 208ක මුදලක් සුභසාධක ප්‍රතිලාභ වශයෙන් ගෙවීමට ඇස්තමේන්තු කර ඇතැයි ද, එම මුදල් ඍජුවම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීම ඉදිරි…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බවද වාර්තා වනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ…
කොස්ගොඩ ප්‍රදේශයේ අද (21) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 52ක් වන පුද්ගලයෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ ග්‍රාම නිළධාරී වසම් 05ක් තුළ සිටින අවුරුදු 05ට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් තෝරා කොස්වලින් සකසන ලද කොත්තු හා කුරක්කන් කැඳ ලබාදීමේ වැඩසටහනක් පසුගිය (18) වැනිදා පවත්වා තිබෙනවා. අදාළ වැඩසටහන සඳහා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 100ක් සහ ඔවුන්ගේ මව්පියන් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කළේ මෙහිදී පැමිණ සිටි සියලුම දෙනාට කොස් කොත්තු සකසන ආකාරය පිළිබඳ දැනුමක්ද ලබාදුන් අතර මෙය නවමු අත්දැකීමක් වූ බවයි.
කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) නියෝග කළා. කොම්පඤ්ඤවීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසමින් මෙම සැකකරු පැමිණීලිකරුගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන වංචාකර ඇති බවත් පැමිණීලිකරු අවස්ථා දෙකකදී චෙක්පත් සහ මුදල් මගින් මෙම මුදල සැකකරුට ලබාදී ඇති බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ඒ අනුව මෙම සැකකරු අද කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී…
පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. 2023 – 25 ටෙස්ට් ශූරතාවලිය යටතේ එම තරග දෙක පැවැත්වෙයි. එම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන අතර ඉන් පළමු තරගය ජූලි 20 වනදා ද දෙවැනි තරගය ජූලි 28 වනදා ද ආරම්භ වෙයි. පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජූලි 09 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙයි.
දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ තවත් පිරිසක් අද (20) එරට බලා පිටත්ව යෑමට නියමිතය. ඒ අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව අතර 2004 වසරේදී ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව, දකුණු කොරියාවේ රැකියා වරම් හිමිවූ 800 වන කණ්ඩායම ඔවුන් වෙයි. එරට ධීවර ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 52 දෙනෙකු අද දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය. එසේම දකුණු කොරියාවේ නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියාව (Re-entry) සඳහා යන ශ්‍රි ලාංකිකයින් 80 දෙනෙකු හෙට (21) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙයි. 2023 ජනවාරි 01 වනදා සිට 2023 ජූනි 20 වනදා දක්වා ශ්‍රි…
සමන්ත කුමාර හෙවත් ‘වෙලේසුදා’ සහ ඔහුගේ බිරිඳට,ඥාති සහෝදරියකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් කෝටි 15කට අධික වත්කම් සහ මුදල් උපයා ගත්තේ යැයි විත්තිකරුවන්ට චෝදනා එල්ලවී ඇත. මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අධිකරණය හමුවේ සාක්ෂිදීම සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 06 දෙනෙකුට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ. හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයා ගත් මුදල්වලින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රුපියල් කෝටි 15කට ආසන්න ඉඩම්, නිවාස ඇතුළු වත්කම් අත්පත්…