Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රාජ්‍ය සේවකයාට පඩි විතරක් දී හරියන්නේ නැතැයි ද ඔවුන්ගේ පුහුණුව ගැනත් බැලිය යුතු යැයි ද පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රාජ්‍ය ආයතන 52ක් රජයෙන් එලියට ගන්නා හැටි කතා කරනවාට වඩා ඒවා ඵලදායී අයුරින් පවත්වාගෙන යාමට සැලසුම් හැදීම උචිත බවද මන්ත්‍රීවරයා කීය. ඉඩම් ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක නොකළොත් විශාල අර්බුදයක් පැමිණිය හැකි බව කී මන්ත්‍රීවරයා පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය බරපතල ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින අතර ඒ ප්‍රතිසංස්කරණ නොකළහොත් අධ්‍යාපනයේද අර්බුදයක් ඇතිවිය හැකි බව සඳහන් කළේය. අයවැයෙන් ඉදිරිපත් කළ උසස් අධ්‍යාපන අධ්‍යාපන කොමිසමක් හැදීමේ යෝජනාව තමාද පිළිගන්නා බව චරිත හේරත් මහතා සඳහන් කළේය. රටේ ආර්ථිකය ගණන් හදා විසඳන්නට…
හොරණ ගෝනපොල ඇටබහේන නිවසක නිදා සිටි 7 හැවිරිදි දැරියක් පැහැරගෙන ප්‍රාණ ඇපයට ගෙන දැරිය මරා දමන බවට තර්ජනය කරමින් අමනාප වූ පෙම්වතිය පැහැරගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. ප්‍රාණ ඇපයට ගත් දැරිය කැස්බෑව පැටිකිරි දෙනිය ප්‍රදේශයේ ඥාති නිවසක දමා ගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත. දැරියගේ පියාගේ සහෝදරිය සමග සැකකරු වසර 10 ක පමණ කාලයක සිට ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර මෑතකදී තරුණිය ප්‍රේම සබඳතාවය නවතා දමා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පසුගිය (13) අළුයම 6.20 ට පමණ තවත් පුද්ගලයෙකු සමග ගෝනපොල ඇටඹ- හේන නිවස ආසන්නයට මෝටර් රථයකින් පැමිණ තිබූ සැකකරු මෝටර් රථයෙන් බැස නිවස තුළට කඩා…
පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති පංති ගුරුවරයකුගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී ඊයේ හමුවූ බව පානදුර උතුර පොලිසිය පවසයි . මියගොස් ඇති පුද්ගලයා පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු යන අයට බවට පවුලේ සාමාජිකයන් හදුනාගෙන ඇති බවද පොලිසිය කීය. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදුකරන ලදී. මියගොස් ඇති තැනැත්තා කොළඹ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු ලෙසින් කටයුතු කරන බවත්, පීරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර සිත් තැවුලෙන් සිට ඇති බවටද තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය. මියගොස් ඇති තැනැත්තා අතුරුදන්ව ඇති බවට මොරටුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති…
ගම් මට්ටමින් පාසල් ක්‍රිකට් නැංවීම සඳහා ක්‍රිකට් ආයතනය සතුව ඇති චෝදනා ලත් මුදල් යොදවා ගන්නේ නැතිව තවත් බදු ගසා මුදල් වෙන් කළේ කුමට දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්‍රිකට් සංවර්ධනය සඳහා අයවැයෙන් බිලියන 1.5ක මුදලක් වෙන් කර ඇති බව කී අත්තනායක මහතා කළ යුතුව තිබුණේ ජනතාව මත තවත් බදු පටවන්නේ නැතිව ක්‍රිකට් ආයතනය සතු මුදල් ලබාගෙන අදාල කාර්යයන් සඳහා යොදා ගැනීම බව සඳහන් කළේය. මෙය එහෙම්පිටින්ම ජනතාව ගොනාට ඇන්දු අයවැයක් බව කී අත්තනායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරද්දීවත් කලින් අයවැයේ ප්‍රගතිය සමාලෝචනය කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.
මෙවර අයවැයෙන් විපක්ෂ නායක වැය ශීර්ෂයත් වැඩි කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයට 2023 අයවැයෙන් රුපියල් කෝටි 25 කට ආසන්න මුදලක් දුන් අතර 2024 අයවැයෙන් එම මුදල රුපියල් කෝටි 28.6 දක්වා වැඩි කර තිබෙන බව සඳහන් කළේය. අයවැයෙන් ජනතාවට අපාය පෙන්වා ඇතැයි විපක්ෂ නායකවරයා පවසා ඇතැයි කී එජාප සභාපතිවරයා විපක්ෂය ජනතාවට අපාය පෙන්වමින් සිටින බව සඳහන් කළේය. මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබෙන්නේ නැතැයි කියූ විපක්ෂ එය ලැබුණ පසු දැන් දෙවැනි වාරිකය ලැබෙන්නේ නැතැයි පවසමින් සිටින බව සඳහන් කළේය. මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබුණු පසු ජනතාවට නව සහන ලබාදීමට හැකියාව ලැබෙන බව…
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම සලකා බැලීම සඳහා ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර තිබේ. එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම ලබන 16 වනදා කැඳවීමට නියමිතය.
රත්නපුරයේ ප්‍රධාන පෙලේ පාසලක සිසුන්ට සහ ක්‍රීඩා උපදේශකවරයාට කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ. අද (14) උදෑසන ක්‍රීඩා පුහුණුවීම් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පාසල් සිසුන් සහ ක්‍රීඩා උපදේශකවරයා රත්නපුර පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ද සිදුකර තිබේ. කෙසේවෙතත් මේ වන විට ක්‍රීඩා උපදේශකවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව ද වාර්තා වේ. ඇසින් දුටුවන් පවසන්නේ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් යැයි කියා ගන්නා පිරිසක් විසින් පුහුණුවිම්වල නිරතව සිටි සිසුන් සහ ක්‍රීඩා උපදේශකවරයා සමග බහින්බස්විමක් ඇති කරගැනීමෙන් පසු අදාළ පහරදීම සිදුකළ බවය. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් රත්නපුර පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන්…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබා දී තිබේ. එසේම මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 160,500 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 173,500ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ (13) දිනයේ කැරට් 22 රන් පවුමක් රු 159,500ක් ලෙසත් කැරට් 24 රන් පවුමක් රු 172,500ක් ලෙසත් දැක්වුණි.
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට තවත් ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් එක් තරුණයෙක් මියගොස් තිබේ. තලවකැලේ හෙලිරුඩ් තේ කම්හල ආසන්නයේ දී ඊයේ (13) පස්වරුවේ එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ලිඳුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 22 හැවිරිදි අයෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය. පහරදීමෙන් තුවාල ලැබූ අනෙක් තරුණයා 23 හැවිරිදි අයෙකු වන අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට මාරුකර යවා තිබේ. මරණකරු සහ සැකකරුවන් අතර පැවැති අමනාපයක් මත මෙම ගැටුම හටගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඝාතනය සිදුකළ සැකකරුවන් 04 දෙනෙකු තලවකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන්…
