Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ‘මොහොමඩ් සහ්රාන්’ පැවැත් වූ අන්තවාදී දේශන සහ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ බව කියන තරුණයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ දේශනය 2018 වසරේ ජුලි මස 21 වැනිදා සහ 22 වැනිදා යන දෙදින තුළ හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සූදානමක් ලෙසින් පවත්වා ඇති අතර එහිදී අන්තවාදී දේශන සහ අවිපුහුණුව ඇතුළත් නේවාසික පුහුණු කඳවුරක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. මෙම තරුණයා වයස අවුරුදු 23ක් වන නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටි ගම්පොළ වෙලම්බඩ පදිංචි අජ්මාල් සහීර් නැමැත්තෙක්. කෙසේ වෙතත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට…
පේරාදෙණිය බන්ඩාරණායක ශික්ෂණ ළමා රෝහලේදී සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයන් අතරතුර දරුවන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබද සොයා බැලීම සදහා එම රෝහල්වල අධ්‍යක්ෂකවරු මෙන්ම එම ශල්‍යකර්ම සිදුකළ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද (22) පෙරවරුවේ කැදවා තිබෙනවා. එහිදී අදාළ ශල්‍යකර්මයන්ට යොදාගත් ඖෂධ වර්ග සම්බන්ධයෙන් සොයාබැලීමක්ද සිදු කිරීමට නියමිතයි. පේරාදෙණිය ළමා රෝහලේ සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර දී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධය හෝ එහි උපකරණවල පවතින ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට මීට පෙර කරුණු අනාවරණය කළා. එම දරුවන්ගේ දෙමාපියන් කියා සිටියේ නිර්වින්දනය කිරීමේදී ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් තම දරුවන් මියගිය බවට, රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළ බවයි.…
චීන ජනාධිපති ෂී ජින්පින් ඒකාධිපතියෙක් බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එල්ලකළ චෝදනාවට චීනය ප්‍රතිචාර දක්වා තිබේ. චීන බලධාරීන් පවසන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය “විකාර, ප්‍රකෝපකාරී” බවය. එමගින් දෙරට අතර සංහිඳියාව තවත් පළුදු විය හැකි බව චීනය පැවසීය. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වගකීම් රහිත බවත් එය දේශපාලනික වශයෙන් වෛරී බවය. අමෙරිකාව සහ චීනය අතර පවතින නිරවි යුද්ධය සමනය කිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු 05 වසරකට පසු ප්‍රථම වතාවට චීනයේ සිදුකළ සංචාරයේ උණුසුම මැකීයාමට පෙර ජනපති ජෝ බයිඩන් සිය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණි. ඒ මාබ් සේතුංට පසු චීනයේ බිහිවූ ප්‍රබලතම රාජ්‍ය නායකයා වන ජනාධිපති ෂී ජින්පින් ඒකාධිපතිවරයෙකු ලෙස හැඳින්වීමෙනි.…
මහා පරිමාණ වංචා දූෂණ කොට විදෙස් බැංකුවල හංගා තිබෙන මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් දූෂණ විරෝධය පනතේ නැතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී .එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මහා පරිමාණයේ වංචාවක් දූෂණයක් කෙරුණු අවස්ථාවක ඒ මුදල ආයෝජනය කරන්නේ විදේශ බැංකුවල බවද එම මුදල් නැවත රටට ලබාගැනීම ප්‍රමුඛතම අවශ්‍යතාවය බවද පීරිස් මහතා කීය. එය ලංකාවට හුදෙකලාව කරන්න නොහැකි බව ද ජාත්‍යන්තර ආයතන සමග ඒ සඳහා අත්වැල් බැඳගත යුතු බවද මහාචාර්යවරයා සඳහන් කළේය. සොරකම් කරන ලද මුදල් නැවත ලබා ගැනීම සඳහා ලෝක බැංකුවට අනුබද්ධිතව ස්ටාර් නම් ආයතනය ස්ථාපිත කර තිබෙන අතර දූෂණ වංචා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්මුතියට ද ශ්‍රී ලංකාව…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා විපක්ෂය ලෙස සංශෝධන 43 ක් ලබා දුන් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දි වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී පවසීය. සොරකමට සම්බන්ධ නීති ලිහිල් කරන්නට නොව ජනතා බලාපොරොත්තු තවදුරටත් ඉටුකර පනත දියුණු කරන්න ඒ සංශෝධන ලබා දුන් බව කී මන්ත්‍රීවරයා ඒ ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට හැකි වේ දැයි නොදන්නා බවද කීය. පනතේ වගන්ති 163ක් තිබෙන නමුත් හොරකම් කර පිටරට ගෙනගොස් තිබෙන මුදල් නැවත රටට ගෙන ඒම ගැන සඳහන් වන්නේ එක වගන්තියක පමණක් බවද වීරක්කොඩි මහතා සඳහන් කළේය.
දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට පෙර මෙරට බැංකු පද්ධතියේ අක්‍රමික ණය අය කර ගැනීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. මේ අතර රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න පැවසුවේ මහ බැංකුව පසුගිය කාලසීමාවේදී ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කළ ද එහි වාසිය මෙතෙක් මහජනතාවට ලැබී නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු කියා සිටියා.
අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිට වෙඩිතබා ගාතනය කිරීමට උත්සාහ කළ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඝාතන සිදුකළ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාව සහ ඔහුට සහාය දුන් කාත්තාවක් අවි හා හෙරොයින් සමග විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) කුලියාපිටිය හා කටාන පොලිස් වසම්වලදී සිදුකළ වැටලීමකදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබුණි. වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයා ඩුබායි හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මනික්කුගේ නුරේෂ් සුපුන් දයාරත්න නොහොත් හිනටියන මහේෂ් ගේ සමිපතමයෙකු ලෙස සැලකෙයි. එහිදී මනුෂ්‍ය ඝාතනයන් කිරිමට තැත් කිරිම, මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබලදීම, ගිනි අවි සන්තකයේ තබාගැනීම, හෙරොයින් ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනිමේ වරදට කුලියාපිටිය පොලිස් වසමේ අංක 68,…
තව කෙටිකලක් ඇතුළත කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. විශේෂයෙන්ම දකුණු කොරියාවේ රැකියා සඳහා යන පිරිස් එරටට රැගෙන යාමට යොදවා ඇති ගුවන්යානා දිගින් දිගටම පමාවීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව ඔහු පැවසීය. දකුණු කොරියාව – ශ්‍රී ලංකා ඍජු ගුවන් ගමන් අරඹන තෙක් සිංගප්පුරුව හරහා එම පිරිස් දකුණු කොරියාවට යැවීමට සැලසුම් කරන බවද අමාත්‍යවරයා කීය.
මී උණ රෝගය හා සමාන මිලියොයිඩෝසිස් හෙවත් පාංශු උණ රෝගය දිවයිනේ පළාත් කිහිපයක මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. කොළඹ ඊයේ (20) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති මහාචාර්ය ඉනෝකා කොරෙයා කියා සිටියේ මෙම රෝගී තත්ත්වය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්, වයඹ පළාතේ පුත්තලම, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් මෙන්ම දකුණු පළාතෙන් ද වාර්තා වන බවයි.
දුෂණ විරෝධි පනත් කෙටුම්පත හෙට විවාදයට නොගැනීමට ආණ්ඩුව සුදානම් වන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ සංශෝධන සහිතව සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට ඊයේ එක්වෙමින්. මේ අතර, ගොවීන්ට සාධාරණ වී මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමග සභාව තුළ සංවාදාත්මක තත්වයක් ඇතිවුණා.