Author: LANKA24X7

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කරයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ, ජලය ඉතා සුළු වශයෙන් පවතින ස්ථානවල ස්නානය සහ මසුන් ඇල්ලීමට යාමෙන් මෙම රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකි බවයි. ජලය අවම ස්ථානවල ස්නානය කිරීම මඟින් සමේ රෝග සහ පාචනය ඇති වීමේ අවදානමක් ද මතු ව ඇති බව උපුල් රෝහණ මහතා අවධාරණය කර තිබේ. එසේම පානීය ජලය විකිණීමේ කටයුතු කරන ස්ථාන පිළිබඳ දැඩි විමසිල්ලකින් කටයුතු කරන බව ද සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. වෙනත් ක්‍රමවලින් ලබාගන්නා ජලය පානය කරනවා නම්, උතුරුවා නිවා ගත් ජලය ම…

Read More

අසනීප තත්ත්වයෙන් පසුවන තම මව බැලීම සඳහා යාමට නිවාඩු නොදීම හේතුවෙන් ආරච්චිකට්ටුව පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සේවයෙන් ඉවත් ව ගොස් ඇත. මෙසේ සේවයෙන් ඉවත්ව ගොස් ඇත්තේ, පොලොන්නරුව, පුලස්ථිගම පදිංචි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි. තමන් සේවයට පැමිණ දින 60ක කාලයක් කිසිදු නිවාඩුවක් ලබා නොගෙන රාජකාරි කටයුතු සිදු කළ බවත් ඒ අතරතුර තම මව රෝගී වී ඇති බව දැන ගන්නට ලැබී නිවාඩු ඉල්ලුම් කළ ද නිවාඩු නොලැබුණු බවත් පොලිස් කොස්තාපල්වරයා පොලිස් තොරතුරු පොතේ සටහන් තබා ඇත. මෙම තත්ත්වය මත තමන්ට තවදුරටත් රාජකාරි කිරීමට තරම් මානසික තත්ත්වයක් නොමැති බව ද එම සටහනේ වැඩි දුරටත් සදහන් වේ. ඉකුත් 25 වනදා මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා සේවය…

Read More

කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට කුකුළු කර්මාන්තකරුවන් එකඟතාව පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ඊයේ (25) පැවති සාකච්ඡාවකදියි මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ. රජය විසින් බඩඉරිඟු‍ කිලෝවක් සඳහා පැවති ආනයන බද්ද රුපියල් 75 සිට රුපියල් 25 දක්වා පහත දැමීමේ වාසිය මේ හරහා පාරිභෝගිකයාට ලබාදීම තම අරමුණ බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

Read More

කුඩා දැරියක් වතුර ටැංකියට වැටී ජීවිතක්ෂයට පත් වූ පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. ඒ නෙළුක්කුළම් භාරතීයම් ප්‍රදේශයෙන්. මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ අවුරුදු එක‍යි මාස 11ක් වයසැති දැරියක් බවයි වාර්තා වෙන්නේ. ඇය තවත් කුඩා දරුවන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වෙන්නේ. එම අවස්ථාවේදී දැරියගේ සීයා විසින් ඇය වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඇතුළත් කිරීමෙන් පසු ඇය ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වෙන්නේ. මෘත ශරීරය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතීන් වෙත භාර දී ඇති අතර නෙළුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා,

Read More

තෝරාගත් ගැබිණි මව්වරුන්ට පමණක් මේ වනවිට පෝෂණ මල්ල ලබාදෙන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා. ඇය මේ බව පවසා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්. මේ අතර පෙර පාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීම මගින් සමස්ත ප්‍රාථමික අධ්‍යාපනයම ජාත්‍යන්තර මට්ටමකට ප්‍රමිතිගත කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

Read More

අනුරාධපුර මිහින්තලය මාතලේ හන්දිය සහ පුල්යාර් හන්දිය අතර ප්‍රදේශයේදී ඊයේ (25) සිදු වූ මාරක රිය අනතුරකින්, කාන්තාවක් මිය ගොස් තිබෙනවා. පාපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පා පැදියේ ගමන් කළ කාන්තාව බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් වන පුල්යාර හන්දිය, හේනවත්ත ප්‍රදේශයේ පදිංචි සිව් දරු මවක්. කෙසේ වෙතත් මේ වන විට ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read More

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද(26) වීථි සංචාරය කිරීමට නියමිතයි. රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ දී වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.

Read More

පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවා. එසේම පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් වැටුපක් ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ. අමාත්‍යවරිය මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. පෙර පාසලක් ආරම්භ කිරීමේදී එය යම්කිසි නීති රාමුවකට යටත්ව සිදුකළ යුතු බවද පෙර පාසල් ගුරුවරිය උපාධිධාරිනියක් විය යුතු අතර ඔවුන්ටම ආවේණික විශේෂිත වූ පුහුණුවක් අවශ්‍ය බව අමාත්‍යවරිය එහිදී සඳහන් කළා.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාළගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

Read More

රුපියල මත පදනම් වූ ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාතිකය සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා රුපියල මත පදනම් වූ ණය සඳහා පොලී අනුපාතිකය වෙනස් වී තිබෙනවා. සියළුම වාණිජ බැංකු මේ අනුව ණය සේවා කිහිපයක පොලී අනුපාතික පහත දැක්වෙන අවම අනුපාතික දක්වා හෝ පහළ දැමිය යුතු බව මහ බැංකුව නිකුත් කළ නියෝගයේ සඳහන්. 01. උකස් මත ලබ දෙන ණය සඳහා 18% වාර්ෂික පොලී අනුපාතිකය දක්වා පහළ දැමිය යුතුය. 02. බැංකු අයිරා (OD) සඳහා අයකරන වාර්ෂික ණය පොලී අනුපාතිකය 23%ක් දක්වා පහළ දැමිය යුතුය. 03. ණයපත් (Credit Card) හරහා මුදල් අත්තිකාරම් ලබා…

Read More