Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රටේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් පමණක් බවත් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවන ණය වාරිකය නිකුත් කිරීමෙන් අනතුරුව නැවතී තිබෙන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කිරීමට හැකි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මේ වන විට සිරවී තිබෙන ණය ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 36ක් බවද එයින් ඉදිරි වසර 05ක හෝ 06ක කාලයේ ගෙවීමට…
ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළ සිදු වූ වෙඩි තැබීමක් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. වනජීවි නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැතැයි ද වාර්තා වේ. මියගිය අය දඩයමේ ආ අයකු බව පොලිසිය සැකකරයි
ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළදී වනජීවී නිලධාරීන් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පවසන්නේ මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවය.
වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක බැම්මක් කඩා වැටීමෙන් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. වැල්ලම්පිටිය, වේරගොඩැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව පොලීසිය පැවසීය. අනතුරට ලක්වී ඇත්තේ එම පාසලේ 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්. අනතුරින් තුවාල ලැබු සිසුන් 06 දෙනෙකු කොළඹ ජාතික රෝහලටත් එක් සිසුවෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර තිබේ. ජාතික රෝහලට ඇතුළත් කළ සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකු මියගොස් ඇති අතර තවත් සිසුවෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, උප සභාපතිවරයා සහ භාණ්ඩාගාරිකවරයා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ රුපියල් බිලියන 2.4ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් ගොනුකළ බවය. ඔවුන් එම නඩුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ගොනුකර ඇත.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරගයක් අද (15) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව ඉන්දියාව සහ නවසීන්තය අතර තරගය අද වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. අවසන් පුර්වයේ දෙවන තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම් අතර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ දී ලබන බ්‍රහස්පතින්දා පැවැත් වේ. අවසන් පුර්ව වටවලින් ජයගන්නා කණ්ඩායම් දෙක එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.
උතුරු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙස පළාත්වල පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. උතුරු,උතුරු මැද වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැසි තරමක තද වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට උදේ කාලයේ වැසි ඇති වේ.
රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගා සිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (14) පස්වරුවේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 2024 රාජ්‍ය අය වැය පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් පුවත්පත් කතුවරු සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු මීට එක්ව සිටියහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක්…
ආණ්ඩුවට වෙට්ටු දමා බදු පැහැර හරින්නට නොහැකි අන්දමේ යෝජනා මෙවර අයවැයේ සඳහන් වීම ඉතාම වැදගත් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (14) පැවසීය. බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීමට, මෝටර් රථයක් ලියාපදිංචියට, ඉඩමක් හෝ හිමිකමක් ලියාපදිංචියට බදු අනිවාර්ය අංගයක් බවට පත් කර තිබෙන අතර මෙය ඉතා වැදගත් තීරණයක් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අයවැය දෙවැනි වර කියවීමේ පළමු දින විවාදයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා මෙසේද කීය. ආර්ථික දේශපාලනික සමාජ අභියෝග රැසක් මැද මෙවර අයවැය ඉදිරිපත් කරනවා. මෙරට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට අපි මුහුණ දුන්නා. බංකොළොත්භාවය පවා ප්‍රකාශයට පත් වුණා. නීතියේ ආධිපත්‍ය, රටේ ආරක්ෂක…
වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර් ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ඊට වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය ඒ අනුව මේ සම්බන්ධයෙන් ගොනු කොට ඇති පෙත්සම්වල පෙත්සම්කරුවන්වන මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩල හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න යන මහත්වරුන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහස…
