Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජනවාරි 7 වැනිදා පැවැත්වෙනු ඇතැයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේය. කඩිනමින් මහ මැතිවරණය පවත්වන ලෙසත්, ඊට පෙර අග්‍රාමාත්‍ය ශීක් හසීනාට ධුරයෙන් ඉවත් වන ලෙසත් බල කරමින් බංග්ලාදේශයේ ඩකා අගනුවර ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි. විරෝධතා පවත්වන්නේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයයි. බංග්ලාදේශ ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ ශීක් හසීනාගේ රජයක් යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවය. අග්‍රාමාත්‍යවරිය ශීක් හසීනා වහා ධුරයෙන් ඉවත් වී, භාරකාර රජයක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු බව විපක්ෂය ඉල්ලා සිටී.
අද (15) අලුයම බේරුවල පොලිස් ස්ථානය අසල ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දී එකම පවුලේ පියා සහ පුතා ඔවුන් අතර පවතින පෞද්ගලික විරසකයක් හේතුවෙන් කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක හප්පා ගැනීමේ සිද්ධියක් වාර්තා වේ. ව්‍යාපාරිකයකු වන එම පියා, ඔහුට අයිති බේරුවල ධීවර වරායේ ඇති ධීවර යාත්‍රාවක් අද අලුයම් කාලයේ සොයා බැලීමක් සඳහා බේරුවල ධීවර වරායට යන අතරතුර, බේරුවල දෙස සිට පැමිණි ඔහු ගේ පුත්‍රයා බේරුවල පොලිස් ස්ථානය අසල දී ඉදිරියෙන් පැමිණෙන මෝටර් රථය ඔහු ගේ පියා ගේ බව හඳුනාගෙන ඇත. පසු ව ඔහු පැදවූ කුඩා ප්‍රමාණයේ වෑන් රථය, කාර් රථයේ හප්පා හානි සිදු කර තිබේ. පුත්‍රයා පැමිණි…
සුබසාධන ප්‍රතිලාභ පනතට අනුව එම පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට පියවර ගෙන තිබේ. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම් සිදු කර ඇති අතර, සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කර ඇති බව වාර්තා වේ. නොවැම්බර් මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත් කිරීම් සිදු කර ඇත. 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ වගන්තිවලට අනුව එකී පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පත් කිරීම් සිදු කර ඇති බව වාර්තා වේ. මෙම අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් හා නියෝජ්‍ය සුබසාධක…
මෙවර අයවැය ජයග්‍රහණය කිරීම සදහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු බැවින් අයවැය සදහා සහය පළ කරන බවයි. ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. ඌව සහ මධ්‍යම පළාත්වල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව වාර්තා වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගාසා තීරයේ විශාලතම රෝහල වට කළ ඊශ්‍රායල හමුදාව ඊට පහර දීම ආරම්භ කළේය. ඊශ්‍රායල හමුදාව පහර දෙද්දී, අල් ෂයිෆා නමැති මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගණන 2,300 ක් බවත්, නොමේරු බිලිඳන් ගණන 36 ක් බවත් පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්විණි. ඊශ්‍රායලය පවසන පරිදි, හමාස් සටන්කාමීන්, රෝහලේ සිටින පලස්තීන වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින්, ඊශ්‍රායල හමුදාව සමඟ සටන් වදී. තමන් රෝහලට පහර දීමට පටන් ගත්තේ ඉතා ක්‍රමාණුකූලව සහ සැලැසුම්සහතව යැයි ඊශ්‍රායල හමුදාව පැහැදිලි කර තිබේ.
රට බංකොලොත් කළ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වාදී ඇති හෙයින් ඒ අයගෙන් වන්දි ඉල්ලන්නැයි ආර්ථික බංකොලොත්භාවය නිසා ජීවනෝපාය නැති වූ පිරිස්වලින් තමා ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15) පැවසීය. රටේ ආර්ථික බංකොලොත්භාවය ඇති කළ පිරිස හඳුන්වාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසික එකක් බව පැවසූ විපක්ෂනායකවරයා පාලකයන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවද ප්‍රකාශ කළේය. ප්‍රේමදාස මහතා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් ) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම කාරක සභා රැස්වීම යන අතරේදී කිහිප අවස්ථාවකදී කටට ඇඟිල්ල තබා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විවිධ රහසිගත සංඥා දෙමින් උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි ලෙස විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඊයේ(15) පෙරවරුවේ ඇතිවිය. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින කෝප් සභාපති වරයාගේ මෙම ක්‍රියාකලාපය ඇතුළත් වීඩියෝ පටය ගැන සමාජයේ බරපතළ සාකච්ඡාවක් මතු වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා සඳහන්…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි ලක්ෂයක බදු එකතු කර නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15) පැවසීය. බදු ආදායමෙන් එකතු වන්නේ සියයට 50 ක් පමණක් බවද ඔහු සඳහන් කළේය. රණවක මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය. පාඨලී චම්පික රණවක මහතා මෙසේද පැවසීය. දැනට බදු ට්‍රිලියනයක් එකතු කරල නැහැ. ඒ බදු නිවැරදි කර ගන්නැතුව බදු වැඩි කිරීමෙන් මහජනයා සමාජමය වශයෙන් පිපිරීමකට යනවා. ආර්ථිකය සංකෝචනය වෙනවා. මාර්ග ඉදිකිරීම් මේ රටට දරාගන්න බෑ. ණය වශයෙන් ඩොලර් මිලියන එක්දහස් හයසිය පනහක් බලාපොරොත්තු වෙනවා. මේවා ලැබෙන්න නම් මූල්‍ය අරමුදල ලේඛනය සම්පූර්ණ කරන්න වෙනවා. සැප්තැම්බර් ණය වාරිකය අපිට ලැබුණේ නෑ.…
නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ පැවති යුද කාලවකවානුව තුළ වැසීගිය සිංහල පාසල් දහතුනෙන් එකම පාසලක්වත් විවෘත කර ගැනීමට පැවැති කිසිදු රජයකට නොහැකිවීම කනගාටුවට කරුණක් බව මඩකළපු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී,කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ. යුද වකවානුව තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව විශාල වශයෙන් ගම්බිම් හැර ගියද යුද්ධය නිමාවෙන් පසු යළිත් ඔවුන්ගේ දරුවන් සමඟ තම නිජබිම් වලට පදිංචියට පැමිණියද ඉඩම් සම්බන්ධ ගැටලු රැසක් පවතින බවත් එලෙස පැමිණෙන සිංහල ජනතාව සඳහා සිංහල පාසලක් නොමැතිවීම විශාල ගැටලුවක් බවද දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ. යුද්ධය නිමා කර, සාමය උදා වී වසර දාහතරක් ගත වුවද නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය යටතේ නැගෙනහිර…
