Author: LANKA24X7

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම හා බැඳුණු ආර්ථික සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසි පරිදි ඉටු කළහොත් ශ්‍රී ලංකා ආර්ථිකය නිසි මාර්ගයට පිවිසෙතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය මගින් සංවිධානය කර තිබු වැඩසටහනකට එක්වෙමිණි. රජයේ අරමුණ ධනාත්මක බදු ප්‍රතිසංස්කරණ හඳුන්වාදී ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් VAT වැනි බදු මගින් බැටකෑම අවම කිරීම බවත් ජනාධිපතිවරයා පැවසීය. 2026 වනවිට රටේ ආර්ථිකය නැවතත් 2019 තිබූ තත්ත්වයට ගෙනයෑමට හැකිවුවහොත් එය ජයග්‍රහණයක් බවද ඔහු පැවසීය. “ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිර්භීතව කළ යුතුයි. එමගින් රටේ ඉදිරි ගමන ස්ථාවර වෙයි. රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යතුයි. IMF වැඩසටහනේ පළමු…

Read More

නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එය රටක නොවිය යුතු දෙයක් බව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පවසන්නේ, ලබන අගෝස්තු මස හෝ මැතිවරණය පවත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය. “මොන තත්ත්වයක් උඩ හරි නියමිත කාලය ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක අපරාධයක්. ඒ වගේම කනගාටුදායක තත්ත්වයක්. රටක නොවිය යුතු දෙයක්. මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කොහොමද කියන එක තමා අද තියෙන ගැටලුව. ඒ හැකියාව තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවටයි, මුදල් අමාත්‍යාංශයටයි, මහ භාණ්ඩාගාරටයි එකතුවෙලා මිසක් මාධ්‍යවලටවත්, අපටවත්, රටේ සාමාන්‍ය ජනතාවටවත් නෙමෙයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි ආර්ථික නිදහස, සංස්කෘතික…

Read More

මෙරට රත්‍රං මිල ගණන් නැවත වතාවක් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි. ඒ අනුව අද (30) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 163,800 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (29) එය දැක්වුණේ රු. 161,000ක් ලෙසය. මේ අතර ඊයේ රු. 175,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා ලිඛිතව දැනුම්දිමක් සිදුකර තිබේ. ඊයේ (29) දිනයේ දී අදාළ දැනුම්දිම සිදුකර ඇති බව වාර්තා වේ. ඊයේ පස්වරු 2.00ට ජාතික ක්‍රිඩා සභාව රැස්වීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙක් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වී නොමැති බව සඳහන්ය. ඒ පිළිබඳව විමතියට පත් නොවන ලෙසත් අප සියලුදෙනාම ඔබව තවදුරටත් ජාතික ක්‍රිඩා සභාවේ සභාපති වශයෙන් පිළිනොගන්නා බවත් සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.

Read More

ඉන්ධන මිල අඩුවීමත් සමග පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ප්‍රතිශතයක් ලෙස මිල අඩුකිරීම අපහසු වන බැවින් කතා කරගෙන මිල ගණන් තීරණය කළ යුතු බවය. “වැඩි වීමේ දී වැඩි වූ ආකාරයටම දෙමව්පියෝ සහ හිමිකරු සහ රියදුරු සමග ඇති කරගත් එකඟතාවය මතම මිල අඩුවීමේ දී ත් එතුමන්ලා සමග කරලා අඩු කිරීමට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද අපිට ප්‍රතිශතයක් ලෙස අඩු කිරීමක් කරන්න අපහසුතාවයක් තියෙනවා. මොකද අපි දුවන ප්‍රමාණ එකිනෙකාට වෙනස් වෙනවා. ඒ නිසා…

Read More

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 15 වන දින නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවකවධය ලබාදීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය වෙත අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත. මාර්තු 28 වනදා බලංගොඩ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 24 හා 25 යන වයස්වල පසුවන දෙහිවල, මොරටුව, අම්බලන්ගොඩ හා වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් ඊයේ (29) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර තිබේ.

Read More

කොස්ගම දී සහ ගම්පහ දී අමානුෂික ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. ගම්පහ පොලිස් වසමේ මාකෙවිට ප්‍රදේශයේ දී නිවසක් තුළ දී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබුණි. බරපතළ තුවාල ලැබු කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකාරියෙකි. කලක සිට පවතින ඉඩම් ආරවුලක් දුරදිග හේතුවෙන් සැකකරු මරණකාරියගේ නිවසට ගොස් ආරවුලක් ඇති කරගෙන තිබේ. එහිදී තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පැවසීය. ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, කොස්ගම පොලිස් වසමේ මුණමලේවත්ත ප්‍රදේශයේ දී ද ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.…

Read More

මාතර මිදිගම ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් අවන්හලක් ඉදිරිපිට දී එහි හිමිකරුට වෙඩි තබා ඇති බව පොලීසිය පැවසුවේය. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කළ අතර ප්‍රතිකාර ලබමින් සිටිය දී අද උදෑසන මියගොස් තිබේ. 32 හැවිරිදි අදාළ පුද්ගලයා අවන්හල ඉදිරිපිට යතුරුපැදියක වාඩි වී සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිස ටී -56 ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්ය. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර වෙඩි තැබීම සඳහා යොදාගත් වෑන් රථය අහංගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Read More

රුසියාව මහා පරිමාණ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියාව සතු අති නවීන බැලැස්ටික් මිසයිල පද්ධතියක් ද මේ සඳහා එක් කර ඇති බවයි. සිය න්‍යෂ්ටික ශක්තිය ලොවට පෙන්වීම සඳහා රුසියාව මෙම යුද අභ්‍යාසය දියත් කර ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ. යුද අභ්‍යාසය සඳහා එක්ව සිටින රුසියානු හමුදා බල ඇණිය 3000 කට අධික බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. යුද උපකරණ 300 කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා එක් කර ඇති බවද සඳහන්. රුසියාව මෙම මහා පරිමාණ යුද අභ්‍යාසය ආරම්භ කර ඇත්තේ මතභේදයට තුදු දුන් ලෙපර්ඩ් ටූ වර්ගයේ අතිනවීන යුද ටැංකි 18 ක් ජර්මනිය යුක්රේනය වෙත ලබා දී ඇති පසුබිමක්…

Read More

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට නැවතත් පැමිණීමට ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත්ව තිබේ. පාකිස්තානය සමග පැවති පන්දුවාර 20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත රෂීඩ් ඛාන් එම සටහනේ පෙරමුණ හිමිකරගෙන ඇත. ඒ අනුව එහි පෙරමුණ ගෙන සිටි වනිඳු හසරංග දෙවන ස්ථානයට පත්ව තිබේ. 20-20 පන්දුයැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසුවන රෂීඩ් ඛාන් ප්‍රසාද ලකුණු 710ක් ලබා ඇති අතර වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 695ක් ලබා සිටී. එම සටහනේ තුන්වන ස්ථානයේ Fazalhaq Farooqi ප්‍රසාද ලකුණු 692ක් ලබාගනිමින් රැඳී සිටින අතර Mujeeb Ur Rahman එහි 08 වන ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 668ක් ලබාගනිමිනි.

Read More