Author: LANKA24X7

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පසමිතුරු සටන ලෙස හඳුන්වන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ඉන්දියා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට ඉනිමේ මුල් භාගයේදී දැඩි පීඩනයක් එල්ල කිරීමට පාකිස්තාන වේගපන්දු යවන්නන් සමත්වුණි. එම පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය මුල් පෙල පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයියර්ට ක්‍රීඩාගාරය වෙත නැවත හැරීයාමට සිදුවූයේ ලකුණු පුවරුව 66ක් ලෙස සටහන් වෙද්දී ය. කඩුලු බිඳ වැටීමේ පීඩනය මෙන්ම සාම්ප්‍රදායික ඉන්දු – පාකිස්තාන පසමිතුරු සටනේ පීඩනයද සමගින් පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ ඉෂන්…

Read More

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (03) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසිද ඇති විය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන…

Read More

බිරිඳ සහ දියණියන් විසින් පහර දී අත් පා ගැට ගසා තිබූ පොලිස් නිලධාරියකු ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් විසින් මුදාගෙන ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල්ගත කර ඇත්තේ, කුරුදුවත්ත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි රාජකදළුව – මානාවේරිය පදිංචි නිලධාරියකු බව වාර්තා වේ. රෝහල්ගත කර ඇති පොලිස් නිලධරියා මත්පැන් පානය කර නිවසට පැමිණ බිරිඳට සහ දියණියන් දෙදෙනාට මෝල් ගසකින් පහර දී ඇත. පසුව බිරිඳ සහ දරුවන් විසින් පොලිස් කොස්තාපල්වරයාට පහර දී ඔහුගේ අත පය ගැට ගසා මේ බව ආරච්චිකට්ටුව පොලීසියට දැනුම් දී තිබේ. පසුව පොලීසිය පැමිණ අත පය ගැට ගසා තිබූ පොලිස් කොස්තාපල්වරයා මුදාගෙන, බිරිඳට සහ දරුවන්ට පහර දීමේ සිද්ධියට…

Read More

වාරියපොළ, මාදම්පේ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පියා සහ දියණිය මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් යතුරු පැදියේ ගමන් කළ යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට අතුළත් කිරීමෙන් අනතරුව මියගොස් ඇත. මියගොස් ඇත්තේ, 48 හා 16 හැවිරිදි පියා සහ දියණිය බව වාර්තා වේ. අනතුරින් පසු ලොරියේ රියදුරු පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අසල දී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ බළකා විශේෂ මෙහෙයුම් දෙවන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කරන්දෙණිය දෙමටගහකන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ, 22 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් පදවාගෙන පැමිණි යතුරුපැදිය සඟවා ගෙන සිටිමේ චෝදනාව යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

Read More

රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම කඩිනම් කර තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ පවුල් අතුරින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජල සැපයුම් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ඇස්තමේන්තුව 85%ක් බව ගණන් බලා තිබෙන බවත් එම අවශ්‍යතාවයෙන් 62%කගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට මේ වන විට කටයුතු කර ඇති අතර ඉතිරි ඉලක්කය ද නුදුරු අනාගතයේදීම සම්පූර්ණ කර ගැනීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම පවතින ආර්ථික අසීරුතා හමුවේ යථාර්තයට මුහුණ දෙමින් රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණ හමුවේ ජල ගාස්තු ඉහළ දැමීමට සිදු වූ…

Read More

‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය සාර්ථකව සඳට පතිත කිරීමෙන් ලැබූ පන්නරයෙන් පසු, ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉස්රෝ’ අද (2) හිරු ගවේෂණයට යානයක් යැවීමට සැලැසුම් කර තිබේ. ‘ආධිත්‍යා එල් 1’ යනුවෙන් නම් කළ එම යානය, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක ආධාරයෙන්, අද (2) උදෑසන 11.50 ට පෘථිවි කක්ෂයට යැවීම සිදුවනු ඇත. ‘ආධිත්‍යා එල් 1, යානය හිරු අසලට නොයයි. යානය, හිරු සහ පෘථිවිය අසල ‘ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය’ යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන ස්ථානයේ රඳවා තැබෙන බවත්, එහි සිට හිරු ගවේෂණය සිදු කරන බවත් ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පැහැදිලි කර තිබේ. ‘ආධිත්‍යා එල් 1’ ගවේෂණ යානය, ‘එල් 1’ යනුවෙන් හැඳින්වෙන්නේ, හිරු සහ පෘථිවිය අතර පිහිටි ‘එල් 1’ ලග්‍රාන්ජ් ලක්ෂයේ…

Read More

තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්සින් සිනවත් ට එරෙහිව පනවා තිබූ වසර 08ක සිර දඬුවම වසරක් දක්වා අඩුකර තිබේ. තායිලන්ත රජු විසින් අදාළ නියෝගය නිකුත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. තක්සින් වසර 15කට පසුව පසුගිය අගෝස්තු 22 වනදා නැවත තම මව් රටට පැමිණි අතර අනතුරුව ඔහුව සිරගෙට යැවිණි. නමුත් ඔහු මේ වනවිට රජයේ රෝහලක සුපිරි වාට්ටුවක සිටින අතර ඔහුව රෝහල්ගත කර තිබුණේ හෘදයාබාධ තත්ත්වයක් ඇතිවූ බව පවසමිනි. එවකට තායිලන්ත අගමැතිවරයා ලෙස කටයුතු කළ තක්සින් ව හමුදා නායකයින් විසින් 2006 වසරේදී බලයෙන් පහකෙරිණි. අනතුරුව ඔහුට එරෙහිව දුෂණ සහ වංචා චෝදනා එල්ලකළ අතර හිටපු අගමැතිවරයා පැවසුවේ එම චෝදනා දේශපාලනමය කරුණු මත එල්ලකර ඇති…

Read More

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගම පවසන්නේ මිල සූත්‍රයට අනුව මෙම සංශෝධනය සිදුකරන බවය. ඒ අනුව එළඹෙන සඳුදා (04) දින මෙම සංශෝධනය සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් පවසයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරී තිබෙන බලතල අභිබවා ගොස් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් නිකුත් කර තිබෙන ලිපියක් පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෙම නියෝගය දින 14ක් දක්වා බලපැවැත්වෙයි. පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ ඛනිජ…

Read More