Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ත්‍රීවිල් රථයකින් වැටී තිබුණු මුදල් පසුම්බියක් අහුලා එහි තිබුණු රුපියල් 98,000ක මුදලක් පොලීසියට භාරදුන් සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුම්බිය හමු වූ කාන්තාව එය අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට භාර දී ඇති අතර, පසු ව පොලීසිය විසින් පසුම්බියේ භාරකරු සොයා එය ඔහුට ලබා දීමට කටයුතු කර ඇත. පසුම්බියේ හිමිකරු පවසා ඇත්තේ, තමා නිවසට විදුලි උපාංග රැගෙන යාමට පැමිණි අවස්ථාවේ දී මෙම මුදල වැටී ඇති බවයි. මෙවන් ආර්ථික අපහසුතා රාශියක් තිබෙන කාලයක මෙවැනි සත් ක්‍රියාවක් කිරීම පිළිබඳ එම කාන්තාවට හා පොලිස් ස්ථානාධිපතිවරයා සිය ස්තූතිය පළ කළ බව ද වාර්තා වේ.
දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඊ (1) සමත් විය. තරගාවලියේ පළමු වටයේ 32 වැනි තරගය ලෙස පූනේහිදී ඊයේ (1) පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 190 කින් නවසීලන්තය පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ. දකුණු අප්‍රිකාව මේ වන විට සහභාගි වූ තරග 7 න් හයක් ජය ලබා ප්‍රසාද ලකුණු 12 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්ව සිටියි. දකුණු අප්‍රිකානු පිල ඕවර 50 යෙදී කඩුලු 4 ට 357 (කුවින්ටන් ඩී කොක් 114, රෙසල් වෑන්ඩර් ඩුසේන් 133, ඩේවිඩ් මිලර් 53, හෙන්රිච් ක්ලාසීන් නොදැවී 15, ටිම් සවුති 77/2) නවසීලන්ත පිල ඕවර 35.3…
කොළඹ කලාපයේ බස් රථ ප්‍රමුඛථා මංතීරු වැඩ සටහන සිට 14 දා දක්වා සති දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ . මේ අනුව මෙට සිට 14 දා දක්වා මෙම නියමු ව්‍යාපෘතිය වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල සිට ගාලු පාර ,පිටකොටුව දක්වා බස් රථ ඇතුළුවීම පෙරවරු 6.00 සිට 9.00 දක්වාද මරදාන පාර බොරැල්ල හන්දියේ සිට පිටකොටුව ඕල්කට් මාවත ඇතුළුවීම පෙරවූ 6.00 සිට 9.00 දක්වාද පිටවීම පස්වරු 4.00 සිට 9.00 දක්වාද වන ලෙස ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ ,පුද්ගලික බස් රථ ,පාසල් බස් හා වෑන් රථ ,කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරන…
කාන්තා අධ්‍යාපනයට වැඩි අවධානයක් ලබාදීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීම, නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීම මෙන්ම ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළ යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසිය. ඒ තුළින් කාන්තා අයිතීන්, සමාජීය අයිතීන් හා ආර්ථික අයිතීන් කාන්තාවන් තුළ නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කාළ්ය. ජනගහනයෙන් සියයට 52ක් වන කාන්තා පරපුර අමතක නොකළ යුතු යැයි රජයට මතක් කරන බවත් නුගේගොඩ ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ පැවැති නාද අභිමන් වැඩසටහන එක්වෙමින් ඔහු පැවසීය.
මධ්‍යම පළාතේ ප්‍රබල දේශපාලනඥයකු නීති විරෝධීව මෙරටට ආනයනය කළ රුපියල් කෝටි 1 1/2 අධික වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් රුපියල් කෝටියකට අලෙවි කිරීම සදහා මෙරටට වාහන ගෙන්වා අලෙවි කරන ප්‍රධාන පෙළේ වාහන අලෙවි ප්‍රදර්ශනාගාරයක හිමිකරුවෙක්ට අයත් නාරාහේන්පිට සුපිරි මහල් නිවාස සංකීර්ණයක රථගාලක නවතා තිබියදි පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඊයේ (1) අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙම වාහන සමග එය විකිණීමට සුදානමින් සිටි වාහන ප්‍රදර්ශනාගාර හිමිකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම ජිප් රථය 2008 වසරේ සිට 2022 වසර දක්වා දේශපලනඥයාගේ නමින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කර ඇති බවත්, 2022 වසරේ දී එය…
පානදුර වලාන ප්‍රදේශයේ පවත්වාගෙන යන බාලිකා නිවාසයක ගැහැනු ළමයින් තිදෙනකු ඊයේ පස්වරුවේ පලාගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි. එම බාලිකා නිවාසයේ පාලිකාව කළ පැමිණිල්ලක් මත අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කීය. පලාගොස් ඇති ගැහැනු ළමුන් තිදෙනා වයස අවුරුදු 13, 14 සහ 16 වියැති අයවලුන් බවත් , ඔවුන් බේරුවල , බිබිල සහ රාගම ප්‍රදේශයේ අයවලුන් බවත් සදහන් වේ. ඔවුන් සන්තකයේ ජංගම දුරකථන තිබී දහවල් බාලිකා නිවාසයේ පාලිකාවට හමුව ඇති අතර, එහිදී ඇතිවූ කතාබහකින් පසු ජංගම දුරකථන පොලොවේ ගසා පලාගොස් ඇති බවද සදහන් වේ.
පිටිදූවේ සිරිධම්ම හිමියන් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් සිදු කිරීමෙන් වළකින ලෙස මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව දැඩි ලෙස අවවාද කළ බව එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් ඊයේ (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අවධාරණය කළේය. පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ ඇතුළු සානු නායක කාරක සංඝ සභාව හමුවට පසුගිය (31) කැඳවා ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් සිදුකරගෙන යන අනර්ථ දේශනා වහාම නතර කරන ලෙස උන්වහන්සේට දැඩි ලෙස අවවාද කළ බව මහා ලේඛකාධිකාරී හිමියන් එහිදී අවධාරණය කළේය. එහිදී පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු මහනායක හිමිපාණන් ප්‍රමුඛ සානු නායක කාරක…
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ තවත් පනත් කෙටුම්පත් දෙකකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සඳහන් කළේය. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත් කෙටුම්පත සඳහා කතානායකවරයා සිය සහතිකය සටහන් කර ඇත.මෙම පනත් කොටුම්පත 2023 ඔක්තෝබර් මස 18වැනිදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමෙන් අනතුරුව සම්මත විය. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළ බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීම) යන පනත් කෙටුම්පත සඳහාද කථානායකවරයා සිය සහතිකය සටහන් කර ඇත. මෙම පනත් කොටුම්පත 2023 ඔක්තෝබර්…
අයවැය විවාදය දින 26 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) ලබන 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ලබන 14 වැනිදා සිට ආරම්භ වේ. එම විවාදය ලබන 21 දක්වා (ඉරිදා දින හැර) දින හතක් පැවැත්වේ. ඉන්පසු කාරක කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 22 සිට දෙසැම්බර් මස 13 වැනි දා දක්වා දින 19ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. අයවැය තෙවැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වැනිදා සවස 6.00ට පැවැත්වීමට නියමිතය. සෑම දිනකම උදේ 9.00 සිට සිට සවස…
මෙම 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ, ඉරාන මානව ක්‍රියිකාරිනී නර්ගේස් මොහොමදී, තෙහෙරාන් අගනුවර එවින් බන්ධනාගාරයේ සිට, රහසේ නොබෙල් කමිටුවට ලිපියක් යවා සාම ත්‍යාගය පිරිනැමීම සම්බන්ධයෙන් ස්තුති කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 51 හැවිරිදි මොහොමදී, ඉරානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මානව ක්‍රියාකාරිනියකි. ඇයට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව නොබෙල් කමිටුව නිවේදනය කළේ පසුගිය ඔක්තෝබර් 6 වැනිදාය. කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට නර්ගේස් මොහොමදී වසර 31 ක සිර දඬුවමක් විඳිමින් සිටී.
