Author: LANKA24X7

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිට පසුව වහලක් මතට නැඟ සිටි පිරිසෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට ආරක්ෂක අංශ විසින් මුදාගෙන තිබේ. මේ වනවිට එම පිරිස නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවය.

Read More

දිට්වා සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් බටහිරට බරව වයඹ දෙසින් කේන්ද්‍රගතවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මෙම පද්ධතියව උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවය. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සඳහන් කර ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බවය. එමෙන්ම සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්…

Read More

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් අද (29) දින අලුයම 01.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වී තිබේ. ඉන්දීයානු රජය විසින් පිරිනැමූ සනීපාරක්ශක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙලෙස රැගෙන ආ අතර, ඉන්දියානු රජය මගින් ලබා දුන් මෙම ආධාර භාර දීමේ අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ Mr. Maitrey Kulkarni, Counsellor (Development Cooperation) Lt. Col. Mandeep Singh Negi (Assistant Defence Adviser) ඇතුළු ඉන්දිය ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි විය. මෙම ආධාර භාර ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා…

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි. ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කළ බව ඇය සඳහන් කර සිටී. විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ දිවයිනේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත පාසල් හා මහාමාර්ග ගංවතුරෙන්, පස්කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වී ඇති අතර පාසල් දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය. ඒ අනුව දෙසැම්බර් 05 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය මෙලෙස දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. එමෙන්ම 12 ශ්‍රේණියේ සිසු සිසුවියන්…

Read More

නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට අද (28) පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බිරිඳ, නැන්දම්මා සහ මාස තුනක බිලිඳෙකු බව නාවලපිටිය පොලීසිය පැවසීය. නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ නිවසට පස් කන්ද කඩා වැටුණු බවත්, ප්‍රදේශවාසීන් සහ නාවලපිටිය පොලිස් නිලධාරින් එක්ව අනතුරට පත් වූවන් බේරාගැනීමට විශාල උත්සහයක් ගත්තද එය ව්‍යර්ථ වී ඇති බව වැඩිදුර සඳහන් වෙයි.

Read More

පො‍‍ළොන්නරුව මනම්පිටිය පාලම මත සිරවී සිටි පුද්ගලයින් 13දෙනෙකු Bell-212 හෙලිකොප්ටර් යානයකින් නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ. ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් යානයකින් මෙම මෙහෙයුම සිදු කර ඇත. මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්‍ථාන වෙත යොමු කර ඇති බව ද වාර්තා වේ.

Read More

කැලණි ගංගා නිම්නයේ පහත් බිම් වලට මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. කැළණි ගංඟා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථාන වලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර එම වර්ෂා තත්ත්වය ද, කැළණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශ වලින් පිටකරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගංඟා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල පිට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ , පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම. කොළොන්නාව, කැළණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට මහ…

Read More

වර්ෂාව සහ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 56 දෙනකු මේ වන විට මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් නාය යාම හේතුවෙන් පුද්ගලයන් 30 දෙනකු මියගොස් ඇත. හපුතලේ කහගොල්ල ප්‍රදේශයේ නාය යාමකින් එකම පවුලේ මවක් සහ පුතුන් දෙදෙනකු මියගොස් ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි. තවත් පුද්ගලයන් 21 කු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

දින කිහිපයක් තිස්සේ අඛණ්ඩව පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවන දරුණු ආපදා තත්ත්වයන් අද 28 තවදුරටත් ඉහළ යමින් පවතින බවත් විවිධ ප්‍රදේශවලින් නායයාම් ගංවතුරට කොටුවී සිටින තැනැත්තන් වාර්තා වෙන බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන යාන්ත්‍රණය ශක්තිමත් කර ගනිමින් දැඩි පරිශ්‍රමයක් දරමින් ආපදා හඳුනා ගනිමින් ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක වීම සිදුවන බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ. හපුතලේ කහගල වත්තේ ලයින් පේලියක සිදුවූ නාය යාමකින් තිදෙනෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වී තිබේ. තිස්පහ හැවිරිදි මව දහ හතර හැවිරිදි දියණිය දහය හැවිරිදි පුතා මෙහිදී ජීවිතක්ෂයට පත් වී තිබේ. බදුලු ඔය පිටාර ගැලීමත් සමග බදුලු රෝහලද ජලයෙන්…

Read More

ආපදා සහන සේවා කටයුතු සඳහා රුපියල් බිලියන 1.2 ක මුදලක් වෙන් කළ බව රජය පවසයි. ඊට අමතරව අවශ්‍ය මුදලක් වෙතොත් ඉල්ලා සිටින ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් සියලු දිසාපතිවරුන් දැනුවත් කර ඇත . ජනාධිපති අනුර දිසානායක මහතා සහ දිසාපතිවරුන් අතර මාර්ගගත සාකච්ඡාවක් අද(28) උදෑසන නවයට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා පැවසීය.

Read More