Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7,160 ක් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මෙම දන්සැල් පරීක්ෂා කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000 ක් සේවයේ යොදවා ඇති බවයි. බැතිමතුන්ට අහිතකර ආහාර පාන ලබා දෙන දන්සැල් වන්නේ නම් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.
වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විහාරස්ථාන, වෙසක් කලාප ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සිදුකරන ස්ථාන ආශ්‍රිතව මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මෙම අදහස් පල කළේය. මේ අතර වෙසෙක් පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සදහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ. ඒ අනුව හෙට සහ අනිද්දා යන දින දෙක තුළ සිරකරුවන් සදහා අමුත්තන් බැලීමට අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර…
දරුවන් ඝාතනය වීම, හිරිහැරයට ලක් වීම හා මහමග දමා යාමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් දෙමාපියන්ට හදා වඩා ගැනීමට නොහැකි මාස 3ට අඩු දරුවන් භාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ ඊට අදාළ නීති කඩිනමින් සම්පාදනය කරන බවයි. එමෙන්ම 2017 වසරේ සිට මේ දක්වා ළමයින් 80 ක් ඝාතනයට ලක්ව ඇති බවත් තවත් ළමුන් 60 ක් මහ මග අතහැර දමා ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. දැනට පවතින නීතිය අනුව දරුවන් අතහැර යන මව්පියන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ගගත හැකි බවත් නව සංශෝධන අනුව දරුවන් භාර ගැනීමේ කවුළු වෙත සිය දරුවන්…
සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (3) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡාවක නිරතවී තිබෙනවා. අනතුරුව ඔහු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද හමු වී තිබුණා. මැයි 01 වැනිදා මැයි දින රැළියක් බදුල්ලේ දී තනිවම සංවිධානය කළ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මඩොල්සිම ප්‍රදේශයට පැමිණ තම ජනතාවගෙන් සමාව ගතයුතු බව ප්‍රකාශ කළා. ඒ මීට ඉහත දී මඩොල්සිමේ දී සංවිධානය කර තිබූ ජන හමුවකට විපක්ෂනායකවරයාට පැමිණීමට ආරාධනා කර තිබුණ ද විපක්ෂනායකවරයා ඊට සහභාගිනොවී බදුල්ල දිස්ත්‍රික්කයෙන් පැවති වෙනත් රැස්වීමකට සම්බන්ධ වීම සම්බන්ධයෙන්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මාධ්‍ය ආයතවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානින් අතර හමුවක් ඊයේ (03) කොළඹ දී පැවැත්වුණා. ඊට විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියා. ඊට එක්ව සිටි මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කියා සිටියේ සීමා නිර්ණය කොමිසම මගින් සුළු පක්ෂ නියෝජනයේ අඩුවීමේ අවදානමක් පවතින බවයි.
උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වී යළි නොපැමිණි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් රජයට අයවිය යුතු බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කෝප් කමිටුවේ දී අනාවරණය කළා. 2022.12 වන මාසය වන විට රුපියල් කෝටි 200ක් අය කර ගැනීමට ඇති බවයි ඔවුන් අනාවරණය කළේ. වැඩිම ආචාර්යවරුන් පිරිසක් විදෙස් ගත වී ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බවත් වැඩිම මුදලක් අය කර ගැනීමට ඇත්තේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් බවත් කෝප් කමිටුව වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව කැළණිය විශ්ව විද්‍යාලයෙන් රුපියල් මිලියන 237 ද නැගනහිර විශ්ව විද්‍යාලයෙන් මිලියන් 188ක් ද වශයෙන් අය කර ගැනීමට ඇති බවයි එහි දී අනාවරණය වුණේ. ආචාර්යවරු 617කට අධික පිරිසක් මෙලෙස…
කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු අද (04) දිනයේ දී දහවල් 12ට නිම කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසනවා. වෙසක් පොහොය පසුදින සෙනසුරාදාට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළේ කාර්යමණ්ඩලය වෙත (04) දිනයේ ලබා දී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
එක්සත් රාජධානියේ රජු සහ රැජින ලෙස III වන චාල්ස් සහ ඔහුගේ බිරිඳ කැමිලාගේ රාජාභිෂේකයට සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (04) පෙරවරුවේ එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර තිබෙනවා. බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වන බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා සමඟ තවත් 08 දෙනෙකු ද එහි පිටත්ව ගොස් තිබෙන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඔවුන් අද (04) දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන අතර මෙම පිරිස ඩුබායි සිට වෙනත් ගුවන්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(04) දිනයේ දී ප. ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත්, යාපනය, කිලිනොච්චි, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවන බවයි සඳහන්. තවද නැගෙනහිර, ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට 75mm ට වැඩි තරමක් තද වැසි ද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට 50mm ක පමණ තරමක් තද වැසි ද ඇති වෙනවා. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත…
කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටි ලංකා සංචාරක මානව සම්පත් හා පාලන කාර්යංශයේ ලක්ෂ 05කට අධික වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිඝණක 02ක් සොරකම් කර තිබෙනවා. ඒ එම ආයතනයේ කළමණාකරණ සහකාරවරියක් විසින් පසුගිය මැයි 02වන දින කොල්ලුපිටිය පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිල්ලක් මතයි. එදිනම එම ආයතනයේ පුද්ගලික පිරිසිදු කිරීමේ අංශයක සේවය කළ කාන්තාවක් සොරකම් කරන ලද ලැප්ටොප් පරිඝණක 02ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 58ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්. සැකකාරිය ඊයේ (03) දින කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මැයි 05වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තාවන්නේ. සිද්දිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර…