Author: LANKA24X7

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකර​න ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂල පවසනවා. අදාළ ප්‍රහාරයෙන් ඔහුගේ අතට, උරහිසට හා පාදයකට තුවාල සිදුව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රතිඳු සේනාරත්න සඳහන් කළේ. එසේම මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාල හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද දැනුවත් කිරීම​ට කටයුතු කරන බවයි පියත් නිකේෂල මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ඝාතනය කළ බවට සැක කෙරෙන නාඳුනන පිරිමි‍ මළ සිරුරක් ඉංගිරිය – රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී අද (15) පෙරවරුවේ හමුව තිබේ. මළ සිරුර වයස අවුරුදු 40 සහ 50 අතර පසුවන පුද්ගලයකුගේ බවට පොලීසිය සැක පළ කරයි. එම පුද්ගලයාගේ අත් දෙක බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබී ඇති අතර කට ද ගැට ගසා තිබූ බව පොලීසිය පවසයි. උඩුකය නිරාවරණය වී තිබී ඇති අතර, එම පුද්ගලයා කළු පාටට හුරු කලිසමක් හැඳ සිටින බව ද පොලීසිය සඳහන් කරයි. කිසියම් ප්‍රදේශයක දී ඝාතනය කර අද අලුයම් කාලයේ දී එම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි…

Read More

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) විසින් 2022 ඔක්තෝබර් මාසයට අදාළ නවතම දරිද්‍රතා රේඛා සටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රු. 13,810 ක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. දිස්ත්‍රික්ක අනුව සිය මූලික අවශතා සපුරා ගැනීමට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ වන අතර එය රුපියල් 14,894 ක් ලෙස දැක්වෙන අතර අඩුම අගය ලෙස මොණරාගල දිස්ත්‍රික්කය දැක්වෙන අතර එය 13,204 ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

ඉලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස වැජඹුණි. නමුත් ඔහුට එම ස්ථානය අහිමිවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එසේ වී ඇත්තේ ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගමෙහි කොටස් මිල පහළ යෑම හේතුවෙනි. ෆෝබ්ස් සහ බ්ලුම්බර්ග් වාර්තාවල සඳහන් වන්නේ මස්ක් ව අබිභවා යාමට LVMH සමාගමේ ප්‍රධාන විධායකයා වන බර්නාඩ් ආර්නොල්ට් සමත් වී ඇති බවය. ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායකයා වන මස්ක් ට එහි කොටස් වලින් 14%ක් හිමිය. ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 44ක් වැයකොට ට්විටර් සමාගම මිලට ගත්තේය. ඔහුගේ මේ වනවිට ධනය ඩොලර් බිලියන 178ක් බවත් බර්නාඩ් ආර්නොල්ට් සතු වත්කම් වල වටිනාකම ඩොලර් බිලියන 188ක් බවත් සඳහන් වෙයි.

Read More

ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගය ජයගත් පසුගිය ශූරයින් වන ප්‍රබල ප්‍රංශය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආජන්ටිනාවට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබීය. ඒ දෙවන අවසන් පූර්ව තරගය 2ට 0ක් ලෙස මොරොක්කෝව පරාජයට පත් කරමිනි. තරගය ආරම්භයේදීම ප්‍රංශය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට theo hernández සමත්විය. තරගයේ 5වන මිනිත්තුවේදී ඔහු එල්ලකළ සුපිරි ප්‍රහාරය මොරොක්කෝ දැල් රකින්නා පසුකරමින් ගෝලයක් බවට පත්විය. අනතුරුව තරගයේ පළමු අර්ධය නිමවනතුරු දෙපාර්ශවයම පාපන්දු පිටිය උණුසුම් කරමින් තරගවැදුනද එය ගෝලයක් ලබාගැනීමට ප්‍රමාණවත් නොවීය. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවූයේ 1ට 0ක් ලෙස ප්‍රංශය පෙරමුණ ගෙනය. දෙවන අර්ධයේදී යළි ක්‍රියාත්මක වූ ප්‍රබල ප්‍රංශ ක්‍රීඩකයින් තවත් ගෝලයක් සිය…

Read More

බිත්තර සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල අද (15) දිනය තුළ අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පෙන්වාදෙන්නේ, අධිකරණය විසින් සිදුකළ දැනුම්දීමට අනුව එම නව සංශෝධිත මිල ප්‍රකාශයට පත් කරන බවය. බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (14) තීන්දු කළේය. බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සම කැඳවු අවස්ථාවේ අධිකරණය එම නියෝගය ලබාදුන්නේය. ඒ අනුව බිත්තර සඳහා නව මිලක් කඩිනමින් නියම කරන ලෙස ද අභියාචනාධිකරණය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කළේය.

Read More

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ 15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටී. නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පසුගිය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඊයේ (14) දිනය දක්වා කාලය තුළ යුද හමුදා සාමාජිකයින් 15,476 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ඉදිරිපත් වී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කළේය. ඉන් හමුදා සාමාජිකයින් 15,165 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර තිබේ.…

Read More

අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් කුඹුක නැගෙනහිර, නාරන්ගහහේන නිවසකදී අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලීසිය පවසයි. එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 කට අධික ප්‍රමාණයක්, තියුණු ආයුධ හතරක් පොලිස් භාරයට ගෙන ඇත. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් සහ කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා එකම නිවසක පදිංචිව සිටින අතර පරවියන් සහ සුරතල් මසුන් විකුණන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම කලක සිට සිදුකරගෙන ගොස් ඇති බවත් බුද්ධි නිලධාරීන්ට ගම්වාසීන් ලබාදුන් සාර්ථක තොරතුරක් අනුව වැටලීම සිදුකළ බවත් පොලීසිය පවසයි. ඉකුත් කාලය පුරා මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් වසමේ ආරක්ෂක කමිටු…

Read More

වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරී, රජයේ වෛද්‍ය නිලධාරී, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී යන තනතුරුවල අනිවාර්යය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව සංශෝධනය කර තිබේ. එම සංශෝධනයට අනුව දැනටමත් වයස අවුරුදු 63 සම්පුර්ණ කර ඇති වෛද්‍යවරුන් ලබන දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම විශ්‍රාම ගැනීම සිදුකළ යුතුය. මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පුර්ණ වීමේ…

Read More

බොක්ෂිං ක්‍රිඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් දක්ෂ බොක්ෂිං ක්‍රිඩකයකුවූ එම්. එස්. දිනූෂ ලක්ෂාන් ක්‍රිඩකයා මහනුවරදී කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කපා කොටා පුච්චා හන්තාන සුළං ක්‍රිඩාංගණය ආසන්න පාඵ ප්‍රදේශයක දමා ගොස් සිටියදී හමුවූ බව ඔහුගේ ඥාතීහු පවසති. මහනුවර රෝහල් පටුමඟේ පිහිටි සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියක් සම්බන්ධයෙන් වූ ගණුදෙනුවක් පිළිබඳව කතා කරගැනීමට යැයි පවසමින් පුද්ගලයකු රෝහල් පටුමඟ හංදියට කැඳවාගෙන ගොස් එහිදී ත්‍රී රෝද රථ දෙකකින් පැමිණි මැර කණ්ඩායමක් යොදවා තම පුතුට යකඩ පොඵවලින් පහරදී පැහැරගෙන ගොස් ඇති බවට දිනූෂ ලක්ෂාන්ගේ මව වූ වී. කේ. පෙරේරා මහත්මිය පැවසුවාය. කෙසේ නමුත් තම පුතුගේ ජංගම දුරකථනය හෝ ක්‍රියාත්මක නොවීම…

Read More