Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
චේතනාන්විතව බොරු කිව්වා යැයි කියා නෙත් එෆ්.එම් මාධ්‍යවේදීන් සිව්දෙනකු වරප්‍රසාද කමිටුවට කැඳවා ඇතැයි ද මෙවැනි මාධ්‍ය නිදහස අහුරන ක්‍රියාවලට පෙලඹෙන්න එපා යැයි ඉල්ලා සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. තමාට කොතරම් මඩ ගසා තිබෙනවා දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මෙවැනි පිළිවෙතක් අනුගමනය කරනවා නම් කීදෙනෙක් වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නට ඕනෑ දැයි විමසීය. කතානායකවරයා හෝ මැදිහත් වී මාධ්‍ය නිදහස අහුරන ක්‍රියා නතර කළ යුතුව ඇති බවද විපක්ෂනායකවරයා කීය. එම අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසූයේ වරප්‍රසාද කමිටුව යනු නරක තැනක් නොවන බවත් සාකච්ඡා කොට කරුණු විසඳාගත හැකි බවත් ය.
රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිළි විමර්ශන ඒකකයේ ස්ථාවර දුරකතනවලින් මෙන්ම ඇතැම් උසස් නිලධාරීන්ගේ ජංගම දුරකතනවලින් ද පිටස්තර පුද්ගලයන් හා ඥාති හිතවතුන්ට දුරකතන ඇමැතුම් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. පසුගියදා ත්‍රස්තවාදී විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයට අමතරව මෙම ඇමැතුම් ලබාගෙන ඇති බවද ආරංචි මාර්ග පවසයි. විමර්ශන සිදුකරන ඇතැම් උසස් නිලධාරීන්ගේ පුද්ගලික දුරකතන වලින් හරක් කටා වීඩියෝ ඇමැතුම් පවා ලබාගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීම සදහා දුරකතන විශ්ලේෂණ සිදු වන බවද එම ආරංචි…
ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධුරය අහිමි විය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු රිපබ්ලිකන් සාමාජිකයන්, මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවෙන් මැකාති පරාජය වූ බැවිනි. නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුවය. කතානායක ලෙස කෙවින් මැකාති ගත් තීන්දු තීරණ, ඩිමොක්‍රටික්වරුන්ගේ පමණක් නොව, රිපබ්ලිකන්වරුන් බොහෝ දෙනකුගේ ද අප්‍රසාදයට හේතුවක් වී තිබුණි. මැකාතිට විරෝධයක් මතුවූයේ එහෙයිනි. මැකාති ධුරයෙන් ඉවත් කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කළේ රිපබ්ලිකන් පාක්ෂික ෆ්ලොරීඩා කොංග්‍රස්සභික මැට් ගේට්ස්ය. ගේට්ස්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකි. මැකාති කතා නායක ධුරයෙන්…
ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය. ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙක් ද පැමිණ සිටියහෙ ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක , මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බව පැවසීය . එසේම මෙම කාළය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසීය . එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සදහා අවශ්‍ය පුහුණවීම් වල නිරත වීමට කටයුතු කරන බව ද ධනුෂ්ක…
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ද බලාපොරොන්තු වේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
කතරගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව බේරුවල පොලිසිය පවසයි . මෙසේ රෝහල් ගතකර ඇත්තේ සුඛෝපභෝගී බස් රථයේ ගමන්ගත් හය දෙනකු බවත් , එහි රියදුරු ද තුවාල ලැබූවන් අතර සිටින බවත් පොලිසිය කීය. ලංගම බස් රථය යතුරු පැදියකට ඉස්සර කර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි සුඛෝපභෝගී බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇති බව රථවාහන නිළධාරීන් කීය. තුවාලකරුවන් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර…
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ඊයේ (02) මාවතගම පොලීසිය විසින් සිදුකළ අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා, “පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යම් යම් ආකාරයේ කොල්ල කෑම්, සොරකම් කරන ලද පුද්ගලයෙක් මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. මෙම සැකකරු පසුගිය 09.12 වනදා ගමන් කළ තවත් පුද්ගලයෙක් රුපියල් 207,000ක මංකොල්ලකෑමක් සිදුකළා මාවතගම පොලිස් වසමේදී ඊට අදාළ යතුරපැදියේ පිටුපසින්…
මුලතිව් මහෙස්ත්‍රාත් විනිසුරු සහ දිසා විනිසුරු වශයෙන් කටයුතු කළ ටී. සරවණරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ. මෙවන් පසුබිමක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබුණේ ටී. සරවණරාජා මහතා පසුගිය සතියේ කොළඹට පැමිණ සිය මෝටර් රථය විකුණා දමා, විදෙස්ගත වීමට පෙර බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනෙකු ද හමුවී ඇති බවය. එසේම ටී. සරවණරාජා මහතාට ඔහු වසන ආකාරයේ කිසියම් ආකාරයක ජීවිත තර්ජනයක් තිබුණේ නම් විනිසුරුවරයෙක් ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලය ඔහුට තිබූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙවන් වාතාවරණයක සරණවරාජා මහතාගේ බිරිඳ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්…
කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි. ගංගාවල නවතම ජල මට්ටම් සඳහන් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ වනවිට රත්නපුර සහ ඇල්ලගාව ජල මාපාංක වල අවධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා කළු ගඟේ ජල මට්ටම සටහන්ව තිබේ. ඒ අනුව කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වය තවදුරටත් පවතී. මේ අතර කළු ගඟේ පුටුපාඋල ප්‍රදේශයේ දැක්වෙන්නේ සුළු ගංවතුර තත්ත්වයක් ලෙසටය. මේ අතර නිල්වලා ගඟේ ජල මට්ටමද නවතම වාර්තාව අනුව යළි ඉහළ යමින් පවතී. එම ගංගාවේ තල්ගහගොඩ සහ පානදුගම ප්‍රදේශවල ජල මාපාංකවල මේ වනවිට දැක්වෙන්නේ…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව නීතිඥ සාමූහිකය පවසයි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ නව පනතක් හඳුන්වාදීම වෙනුවෙන් රජය පසුගියදා ගැසට් නිවේදනයක් ප්‍රකාශ කර තිබුණි. අදාළ පනත් කෙටුම්පතෙහි අරමුණු ලෙස දක්වා තිබුණේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම ඇතුළු ආනුෂංගික කරුණු කිහිපයකි. නීතිඥ සාමුහිකය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් අදහස් පළකළ අතර එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, “මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විතරක් නෙමෙයි මේ පනත්…
