Author: LANKA24X7

ජී 20 රාජ්‍ය නායක සමුළුව අද (15) ඉන්දුනීසීයාවේ බාලි දූපත්හි ආරම්භ වේ. සමුළුවට සමගාමීව ඊයේ (14) අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් සිදු විය. එහිදී දෙපාර්ශවය අතර තායිවානය ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. එක් චීනයක් ප්‍රතිපත්තිය තවදුරටත් පිළිගන්නා අතර චීනය සමග නව සීතල යුද්ධයක් ආරම්භ නොකරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Read More

ඒඩ්ස්, හෙපටයිටීස් බී හා හෙපටයිටීස් සී රෝග පිළිබඳ රුධිර පරීක්ෂා සඳහා භාවිත කරන එලයිසර් ප්‍රතික්‍රියක කට්ටල ලබන සතිය තුළ අවසන් වීමේ අවදානමක් මතුව තිබේ. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ, සාමාන්‍යයෙන් මාසික සංචිතයක් තම ආයතනය සතුව පැවතිය යුතු බවය. “HIV එඩ්ස්, හෙපටයිටීස් B, හෙපටයිටීස් C සඳහා භාවිතයට ගන්න ප්‍රතික්‍රියකවර්ගය තමයි “එලයිසර්”. අපිට මේ වෙලාවේ ගැටලුවක් පවතිනවා මාසෙකට පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය සංචිත ප්‍රමාණය සතියකට අවශ්‍ය ප්‍රමාණයක් තමයි දැනට අප සතුව තිබෙන්නේ. ජාතික රුධිර මධ්‍යස්ථානයට තමයි අපි සාමාන්‍යයෙන් මේ තොග ලබාගන්නේ. එතකොට දැනට තිබෙන තොග ප්‍රමාණවත් වන්නේ අපට සතියකට පමණයි. ලබන බදාදා වන විට තොගවලින් නිකුත් කරන්න…

Read More

සමගි ජන බලවේග සන්ධානය සමග එක්වූ බව පැවසූ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඊයේ (14) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම සන්ධානය සමග කටයුතු කිරීමට තීරණය කර තිබුණි. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පැවසුවේ එය අනාගතයේ සුබ පෙර නිමිත්තක් බවය. “ස්වාධීන වූ මන්ත්‍රීතුමන්ලා 6දෙනෙකුගේ කණ්ඩායමක් සමගි ජන බලවේගයත් සමග සන්ධාන ගත වීමට තීන්දුවක් අරන් තියෙනවා. එය සුබ පෙරනිමිත්තක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ වැඩපිළිවෙලට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගෙත් පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය මේ කර්තවයට ලැබෙනවා. එකම රටේ එකම පුරවැසියන් කියන ප්‍රතිපත්තිය තුළ.” කෙසේවුවද පසුව පාර්ලිමේන්තු…

Read More