Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සියලු දිස්ත්‍රික්කවල සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. අදාළ සාකච්ඡාව මේ වන විට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත් වේ. නව මැතිවරණ කොමිසම පත්වීමෙන් පසුව සහකාර සහ නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවූ පළමු අවස්ථාව මෙය බව සඳහන්ය. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණවල දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතය. මීට අමතරව කොමිසමේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
මෙරට සෑම දිස්ත්‍රික්කයකම සෑම රෝගයක් සඳහාම විශේෂඥ වෛද්‍යවරු සිටී නම් ජාතික රෝහල්වල මෙන්ම අනෙකුත් ප්‍රධාන රෝහල්වල පවතින තදබදය ඉවත් කළ හැකි බව විගණන වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ. එමෙන්ම මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා සහ ආපදා අවදානම් කළමනාකරණය සඳහා අවශ්‍ය මානව සම්පත ද මෙරට තුළ ඉතා අවම මට්ටමක පවතින බව එම වාර්තා මඟින් සඳහන් කර ඇත. ජාතික විගණන කාර්යාලය මඟින් මෙරට සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය සහ ආපදා කළමනාකරණ පද්ධතිය පිළිබඳව සිදුකළ විගණනයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. මෙහිදී අදාළ විගණනය මඟින් පෙන්වා දී ඇත්තේ ඕනෑම වසංගතයකට මුහුණදීම සඳහා ප්‍රමාණවත් මානව සම්පත් සෞඛ්‍ය ආයතනවලට බඳවා ගත යුතු බවය. ජනගහනයේ ව්‍යාප්තිය අනුව ප්‍රමාණවත් වෛද්‍ය…
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ සැකසහිත පාර්සලයක් පරීක්ෂා කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් සොයාගෙන තිබේ. රේගු නිලධාරීන් විසින් අදාළ පරීක්ෂා කිරීම සිදුකර තිබූ අතර එහිදී අදාළ පාර්සලය රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන ඇත. රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවය.
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු මස 17 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව නැවත පාසල් ආරම්භ වෙන්නේ අගෝස්තු මස 28 වනදාය. අගෝස්තු මස 28 වනදා සිට දෙවන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල 1%කින් පමණ පහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. අමෙරිකානු ඩොලර ය ශක්තිමත් වීම සහ චීන ආර්ථිකයේ ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බව එහි දැක්වෙයි. ඒ අනුව ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.74 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 82.12 දක්වාද අඩුවී තිබේ.
පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අතර අවුරුදු 28 සහ 42 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේය. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයා පෙර දින එක් සැකකාරියකගේ 09 හැවිරිදි දියණියට ලිංගික අතවර සිදුකර ඇති බවය. ඒ හේතුවෙන් එම කාන්තාවන් දෙදෙනා අදාළ පුද්ගලයාට පොලුවලින් පහර දී ඇත. පසුව එක් සැකකාරියකගේ සහෝදරයා ද තවත් අයෙකු සමඟ පැමිණ අදාළ පුද්ගලයාට පහර දී යතුරු පැදියකින් රැගෙන ගොස් දෙපා ගැටගසා ළිඳක ගිල්වා ඇති බව පොලීසිය පවසයි. අනතුරුව අදාළ තැනැත්තා ත්‍රීරෝද රථයකින් ඔහුගේ…
ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, කල්වා නම් ප්‍රදේශයේ පිහිටා ඇති රෝහලක ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් 18 දෙනෙක් පසුගිය පැය 24 තුළ ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. චත්‍රාපති ශිවාජි මහරාජ් රෝහලේ බලධාරීන් ඊයේ (13) ඒ බව තහවුරු කර තිබුණි. මියගොස් ඇති පිරිස අතර කාන්තාවන් 10ක්ද වෙයි. එසේම මියගොස් ඇති 18 දෙනාගෙන් 12 දෙනෙක් වයස අවුරුදු 50ට වැඩි අය බව හඳුනාගෙන තිබේ. එම මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති අතර එම මරණ වලට හේතුවූ සායනික කරුණු සම්බන්ධයෙන් ඔවුන් පළමුව සොයාබැලීමට නියමිතය. සිදුවී ඇති සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් සලිත වී ඇති අතර සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා පවසා…
13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහා ජනාධිපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව පැපිලියාන සුනේත්‍රා දේවී පරිවෙණාධිපති මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. උන්වහන්සේ පෙන්වාදෙන්නේ පවතින ජනවරම තුළ එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවය. කොළඹ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මෙම අදහස් පළ කළේය. “ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරලා, 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීම සඳහා මට බලය දෙන්න කියලා ජනතාවගෙන් බලය ඉල්ලන්න. එතකොට ජනතාව ඔහුට බලය දෙන්න සුදානම් නම් ඔන්න ඔහුට අයිතිය තියෙනවා එය ක්‍රියාත්මක කරන්න එතෙක් කිසිදු අයිතියක් මේ ජනවරම තුළ නෑ කියන එක අපි මතක් කරන්න ඕනේ. මේකේ…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම ප්‍රදේශ රැසක නීතිය සහ සාමය පවත්වාගෙන යාමට බාධා එල්ල කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි. ඔහු පැවසුවේ එවැනි තත්ත්වයන් මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති අතර දැනුවත් කිරීමේ වැඩසටහන් ද අඛණ්ඩව සිදුකරන බවය. ගම්පහ ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මෙම අදහස් පළ කළේය. “ශ්‍රී ලංකා පොලීසිය සමාජයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා දින පතාම ලැබෙන තොරතුරු ඔස්සේ වැටලීම් කරලා ඒ විකුණන බෙදාහරින පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නවා. තවදුරටත් ශක්තිමත්ව ඉදිරියේ දී මහජන සහාය මත ඒ…
2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා තිබේ. ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත උපදෙස් කිහිපයක් ලබා දී ඇති බව වාර්තා වේ.