Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ. පසුගිය මැයි 4 වනදා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගියේය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සමුළුවට එක්ව තිබුණි.
ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල තත්ත්වයට පත්ව ඇතැයි නුවරඑළිය මහ රෝහල අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පැවසිය. රෝහල් අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ, රෝහල් ආරංචි ආරංචිමාර්ග හරහා පැතිර යන තොරතුරක් සම්බන්ධව අප කළ විමසුමකට පිළිතුරු ලබාදෙමිනි. රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ, පසුගිය අප්‍රේල් මස පස් වැනි වෙනිදායින් පසු සිදුකරනු ලැබූ අක්ෂි ශල්‍යකර්මයන්ගෙන් පසු රෝගීන්ට ඇස්වලට දැමීම සඳහා ලබා දුන් බෙහෙතක් විස වීමෙන් ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් ඇති බවය. එලෙස සිදුව ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ලද බෙහෙතක විෂබීජ අඩංගුව ඇති බවට…
විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකී්ණයේදීයි. මෙම හමුවේදී යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සදහන් කලේ.
අමෙරිකාවේ, බ්‍රවුන්ස්විල් නගරයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ මෝටර් රථයක් බස් නැවතුමක් අසල රැදී සිටි පිරිසක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. ටෙක්සාස් ප්‍රාන්තයේ නිවාස අහිමි වූවන් සහ සංක්‍රමණිකයන් රැදී සිටින නවාතැනක් ආසන්නයේ මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය පවසනවා. මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරූ බවයි එරට පොලීසිය පවසන්නේ.
අලුතින් ආණ්ඩුකාරවරුන්, ඇමතිවරුන් පත් කිරිමට රජය කටයුතු කරමින් සිටින බවත්, එසේ කවුරු පත් කළත් පැවැත්වීමට නියමිත කිසිදු මැතිවරණයකින් වත්මන් රජයට බලයට ඒමට නොහැකි බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය. හැටන් නගරයේ උත්සව ශාලාවකදි පලනි දිගම්බරම් මහතා නායකත්වය දරණ කම්කරු ජාතික සංගමයේ , කම්කරු ජාතික පෙරමුණේ පක්ෂ සමාජිකයන් දැනුවත් කිරිම සදහා ඊයේ (07) දින පැවති රැස්විමකදි පලනි දිගම්බරම් මහතා ඒ බැව් පැවසිය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ මේ වසරේ කිසිදු මැතිවරණයක් පැවැත්විමට රජය කටයුතු නොකරන බවයි. 2024 වසරේ ජනාධිපතිවරණය පළමුවෙන් පැවැත්විමට මේ වන විට පසුබිම සකස් කරමින් සිටින බවත්,…
පොලිස්පතිවරයාට තවත් සේවා දිගුවක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ඉහළ මට්ටමේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා. පසුගිය මාර්තු මාසයේ විශ්‍රාම යාමට නියමිත තිබූ පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න හට ජනාධිපතිවරයා විසින් මාස තුනක සේවා දිගුවක් ලබා දී තිබෙනවා. එය ජුනි මාසයෙන් අවසන් වන බැවින් තවත් සේවා දිගුවක් ලබා දීමට මෙලෙස රජය තීරණය කර ඇති බවයි එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයන් ලෙස නාම යෝජනා භාරදුන් රජයේ සේවකයන්ට හෙට (09) සිට යළි සේවයට වාර්තා කළ හැකි බව පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. මාධ්‍ය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛය මැතිවරණ කොමිසමේ අනුමැතියට යවා ඇති අතර, හෙට එය නිකුත් කරන බවයි.
කොළඹ නෙළුම් කුළුණ වෙසක් සති අන්තය සඳහා මැයි 5 සහ 6 යන වෙසක් සති අන්තයේ දෙදින තුළ සැළකියයුතු නරඹන්නන් පිරිසක් පැමිණ තිබෙනවා. මෙහි දී කුළුණේ කළමනාකාරිත්වය විශාල ජනකායක් හසුරුවා ගත් අතර, සියලු නරඹන්නන් හට විවෘත අයිස්ක්‍රීම් දන්සලක් ලබා දී ඇති බව වාර්තා වෙනවා. එම දෙදින තුළ ප්‍රවේශ පත්‍ර දේශීය නරඹන්නන් සඳහා 20,883 විකිණී ඇති අතර විදේශිකයන් සඳහා ප්‍රවේශ පත්‍ර 162ක් විකිණී ඇත.
IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සමඟ පැවති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කරන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 139කට නවතා ගන්නට මතීෂ පතිරණ ප්‍රමුඛ චෙන්නායි පන්දු බල ඇණියට හැකියාව ලැබුණා. මෙවර තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක අවධානය දිනාගත් ක්‍රීඩකයා බවට පත්ව තිබෙන ”බේබි මාලිංග” ලෙස හඳුන්වන මතීෂ පතිරණ සිය පන්දුවාර හතරේදී ලකුණු 15ක් පමණක් ලබා දෙමින් කඩුලු තුනක් බිද දැමුවා. එහිදි මතීෂ විසින් සිය පන්දුවාර හතරේදී එකදු හතරේ හෝ හයේ පහරක් ප්‍රතිවාදීන්ට ලබා නොදීමත් කැපී පෙනුනා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (08) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවීමට හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…