Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වැල්ලව පොලිස් වසමේ, කිරිඳිවැල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (09) රාත්‍රී කාලයේදී එම ඝාතන සිදුව ඇති අතර, පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි අයෙකි. මියගිය පුද්ගලයා බීමතින් පැමිණ මවට පහරදීම හේතුවෙන් උරණ වූ පියා සහ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට පහරදී ඇතැයි පොලීසිය පවසයි. පියා සහ වැඩිමහල් සහෝදරයා මියගිය පුද්ගලයාට සැරයටියකින් සහ අතින් පයින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් ඝාතනය වී තිබේ. ඝාතනය සම්බන්ධයෙන් 75 හැවිරිදි පියාව සහ 43 හැවිරිදි මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කොළඹ කුරුණැගල මාර්ගයේ පුහුරිය හන්දිය අසලදී සිදු වූ රිය අනතුරකින් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරායෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) රාත්‍රීයේ පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකු රාත්‍රී ජංගම සංචාර රාජකාරී කැබ් රථයක් මාර්ගය අසල නවතා මාර්ගයේ ගමන්ගත් වාහන හා පුද්ගලයින් පරීක්ෂා කරමින් සිට තිබේ. එම අවස්ථාවේ දී කන්තලේ දෙස සිට කඩුවෙල දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගය අයින් වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ශරීරයේ ගැටී ඇත. පසුව පොලිස් කොස්තාපල්වරයා මාර්ගයේ ඉදිරියට විසිවී ගොස් ඉදිරියෙන් නවතා තිබූ කැබ් රථයක පිටුපස ගැටී බරපතළ තුවාල ලබා තිබේ. පොලිස් කොස්තාපල්වරයාව පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර…
පක්ෂ මාරු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැන් ඉන්නේ තිගැස්මෙන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන තීන්දුවත් සමඟ මේ තිගැස්ම ඇතිවී තිබෙන්නේ යැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය. කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නසීර් අහමඩ් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ගැන ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය. පක්ෂ මාරු කළ සමහරුන් ඇමැති තනතුරු දරන බවද තමන්ගේ මන්ත්‍රීකම මෙන්ම ඇමැති තනතුරු අහිමි වේයැයි යන බියක් ඔවුන්ට තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. අදාල බිය ඔබට නැද්දැයි මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා කීවෙි තමා පක්ෂය මාරු නොකළ බැවින් එවැනි බියක් තමාට ඇති…
නසීර් අහමඩ් ඇමතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී කටයුතු කරන මන්ත්‍රීවරුන්ට කිසිසේත් බලපෑමක් නොවන බව නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (9) පැවසීය. නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජන මතයක් සහිතව එම ක්‍රියාවලිය කළ යුතු බවත් නැගී එන මහජන විරෝධය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ගෙන ආ බවත් පීරිස් මහතා කීය.
මාතරට බලපා ඇති ගංවතුර තත්වය සමග නිල්වලා ගගේ සිටීන කිඹුලන් විශාල ප්‍රමාණයක් ගොඩබිමට පැමිණ ඇති බව ජනතාව පවසති. මෙම කිඹුල් උවදුර හේතුවෙන් බොහෝ පිරිස් සහන සේවා කටයුතුවල නිරත වීමට ද දැඩි මැලිකමක් දක්වති. එම නිසා ඇතැම් ස්වෙච්ඡා සංවිධාන හා පරිත්‍යාගශීලීන් ආපදා ප්‍රදේශවලට නොයා තම ආධාර තොග විපතට පත් ජනතාවට බෙදා දීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ආරක්ෂක අංශ වෙත භාර දෙන අයුරු දැක ගත හැකි විය. විශේෂයෙන්ම මාතර නගරයේ කාණුවල මෙන්ම ඇල වේලී,කුඹුරුවලද පසුගිය දින කිහිපයේ කිඹුලන් රැසක් සිටින අයුරු දැක ගත හැකි විය. මාතර කොටුව නිල්වලා ගං මෝය කටින් මුහුදට ගසා ගෙන ගිය කිඹුල් පැටවුන් කිහිප දෙනෙකු ද හමු…
රථ වාහන හැර ආනයනය තහනම් කර තිබූ සෙසු සියලුම භාණ්ඩවල තහනම ඉවත් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. එම තහනම ඉවත් කිරීම ඊයේ (9) සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
ඊශ‍්‍රායලයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය. ඊශ්‍රායලයේ සිදු වූ මෑත කාලීන ප්‍රහාර සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජනතාවට එමගින් ඇතිවී තිබෙන බලපෑම් පිළිබඳ තම දැඩි අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් පැවසීය. මීට අමතරව සංචාරකයින් සහ සේවකයින් ලෙස මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට නැවත සිය රට බලා යාමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසත් ජනාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පයට…
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගිය පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකා සයිනැබ් අබ්බාස්ට ඉන්දියාවෙන් පිටවෙන්නැයි නියෝග කර තිබේ. ලෝක කුසලානය සඳහා ඉන්දියාවට ගිය සයිනැබ් අබ්බාස්, ඉන්දියාවේ සිට ඩුබායි බලා ගොස් ඇතැයි අනාවරණය වීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය වී ඇත. සයිනැබ් අබ්බාස්ට විරුද්ධව පැමිණිලි කර ඇත්තේ පාකිස්තාන ජාතිකයකු බව ද පැවැසෙයි. ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට පැමිණි සයිනැබ් ඩුබායි ගියේ ඇයිදැයි මෙතෙක් අනාවරණය වී නොමැත
මේ වනවිටත් මැතිවරණ කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමීම සඳහා අවශ්‍ය කූට උපක්‍රම සහ පිඹුරුපත් සකස් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මැතිවරණ කල් දැමීම හෝ නොපවත්වා සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතල ප්‍රහාරයක් බැවින් එයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා සඳහන් කරයි. එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.
බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී. ස්කෑන් පරීක්‍ෂණ අත්හිටුවීමට සිදුව ඇති බව රජයේ විකරණ විද්‍යා තාක්‍ෂණ වේදීන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය. එම සංගමය පවසන්නේ සී.ටී. ස්කෑන් යන්ත්‍ර සඳහා සේවා සපයන ආයතන සමඟ ගිවිසුම් යාවත්කාලීන නොකිරීම නිසා නඩත්තු කටයුතු ඇනහිටීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් මෙය බරපතල තත්වයක් බවත්ය. එම රෝහල් පරිපාලනය සී.ටී. ස්කෑන් යන්ත්‍ර සේවාව නැවතත් ආරම්භ කිරීමට විකල්ප ක්‍රම සොයමින් සිටින බව ද වාර්තා වේ.
