Author: LANKA24X7

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ විශේෂ නියමු වැඩසටහනක් අද (16) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා විය. ඒ, පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම වෙනුවෙනි. ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය වසර 40ක පමණ සිට කරන ලද එම ඉල්ලීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය. මෙම නියමු වැඩසටහනේ ප්‍රගතිය අනුව ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකත්වය දරන දිවයින පුරා සිටින ලක්ෂ 3කට ආසන්න පිරිසට ඉදිරියේ දී රියදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාව හිමි වනු ඇති.

Read More

මුතුරාජ හස්තියා දෙහිවල සත්වෝද්‍යානය මගින් රැකබලා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වනජීවි අමාත්‍යවරයා විසින් වනජීවි අමාත්‍යාංශ ලේකම්වරිය වෙත උපදෙස් ලබාදී තිබේ. මුතුරාජා හස්තියා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වෙත තායිලන්තයෙන් ලබාදුන් පරිත්‍යාගයක් වන අතර එම හස්තියා පසුව ඇය විසින් අලුත්ගම කන්දේ විහාරස්ථානය වෙත භාරදී තිබුණි. එහෙත් එම හස්තියා භාරව කටයුතු කළ ඇත්ගොව්වාගේ හැසිරීම නිසා එම හස්තියා දැඩි හිරිහැරටවලට මුහුණදුන් බව පසුව අනාවරණය විය. එහෙයින් මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් මුතුරාජා හස්තියා කන්දේ විහාරස්ථානයෙන් රැ‌ගෙනවිත් දෙහිවල සත්වෝද්‍යානය භාරයට පත් කළ බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පැවසීය. දෙහිවල සත්වෝද්‍යානයේ කාර්යමණ්ඩලය විසින් ලබාදෙන සත්කාර මැද මේ වනවිට එම හස්තියා ඉතාමත් ආරක්ෂිතව…

Read More

රට ගොඩනගන්න දායකත්වය ලබා දිය හැක්කේ රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කළ හොත් පමණක් යැයි සමගි ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. පරණ හොරකම් කළ දේවල් සියල්ල අමතක කර රට ගොඩනගන්න එකතු වෙමු ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කළ බව කී හර්ෂණ රාජකරුණා මහතා රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කිරීම අමතක කර මුදල් වංචා කළ අයට දඬුවම් ලබා නොදී සෙසු දේවල් සහයෝගයෙන් කිරීමට එකඟතාවයක් නැතැයි ද පැවසීය. කැබිනට් ඇමතිවරු, රාජ්‍ය අමාත්‍යවරු පත් කරගෙන දැවැන්ත මුදල් ප්‍රමාණයක් අමාත්‍යවරුන්ගේ නඩත්තුවට වියදම් කරන බවද කැප කිරීමේ ආදර්ශය නොදුන් වකවානුවක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශය බාර ගෙන…

Read More

කංසා වලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්නැයි ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බදුල්ල පස්සර ප්‍රදේශ වල වස විස නැති රා තිබෙන බව කී චාමර සම්පත් මහතා නමුත් තවමත් කිතුල් රා ගොවියාට සාධාරණයක් ඉටු වූයේ නැති බව කීය. කඳුකර ප්‍රදේශ වල ජනතාව වසර ගණනාවක සිට රා පාවිච්චි කළ අය බවද රා නිෂ්පාදනය සම්බන්ධ නීති අඩු කරන්නැයි ඉල්ලා සිටින බවද කී චාමර සම්පත් මහතා පොලිසිය රා හොඳට හදන කෙනා වගේම නරකට හදන අයත් කුදලාගෙන යන බවද සඳහන් කළේය. තමා සිරිකොත මිදුලට වත් ගිහිපු නැති සිරිකොත තියෙන තැනවත් දන්නේ නැති නමුත් ජනපතිට සහය…

Read More

ඉතාම අනතුරුදායක තත්වයක තිබූ මෙරට ආර්ථිකය මහ බැංකුව හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වනවිට යම්කිසි ස්ථාවර තත්වයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. රට තුළ රුපියල බාල්දුවීමට සහ උද්ධමනය ඉහළයෑමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපෑ බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙසේ පැවසුවේ ඊයේ (15) කොළඹ පැවති සම්මන්ත්‍රණයකදීය. රට නැවත මෙවැනි ආර්ථික අර්බුදයකට ගමන් නොකිරීමට අවශ්‍ය මූලික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ 2023 අයවැය තුළ අන්තර්ගත බවද ඔහු කීවේය. මහ බැංකු අධිපතිවරයා මෙසේද පැවසීය. ජනවාරි මාසයෙන් පස්සේ අපේ සංචිත තිබ්බෙ අඩුවෙන සහ තවත් ඉදිරියට නොලැබෙන තත්වයක. ඒ අනුව අපට ණය ගෙවන්න තවදුරටත් හැකියාවන් නොමැතිව…

Read More

රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා මුදල් හා තවත් දෑ සහිත ගමන් බෑගයක් විදේශ කාන්තාවක අමතක කර දමා ගොස් තිබියදී එම බෑගයක් හිමි කාන්තාව සොයා බාර දීමට කටයුතු කළ බව යුද හමුදාව පවසයි. පීරූ රාජ්‍යයේ සිට මෙරටට පැමිණි ජැක්ලින් ස්ලින්ඩා නැමැති එම කාන්තාව අවුකන බුදු පිළිමය අසල සිය බෑගය අමතර කර දමා ගොස් ඇත. එම බෑගයේ රුපියල් ලක්ෂ 7 ක මුදල් සහ රුපියල් ලක්ෂ 3 ක් වටිනා කැමරාවක්, ඒ ටී එම් කාඩ්පත් දෙකක් තිබූ බව යුද හමුදාව පවසයි. මෙම ස්ථානයේ රාජකාරි කරමින් සිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකයේ කෝප්‍රල් එන්. ඊ ඩී පී නානායක්කාර මහතා එම…

Read More

ව්‍යවස්ථාදායක සභාව සදහා විපක්ෂනායකවරයාගේ නියෝජිතයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නම් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. 21 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පත්කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් 3 දෙනෙකු ඇතුළත් විය යුතු වනවා.

Read More

යුක්‍රේනයේ අර්බුදය විසදීම සඳහා සටන් විරාමයක් ඇති කරගැනීමට මාවතක් විවෘත කරගැනීමට අවශ්‍ය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ ඉන්දුනීසියාවේ පැවැත්වෙන G20 සමුළුව අමතමිනි. එහිදී ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, යුක්‍රේන අර්බුදය විසඳීමට සටන් විරාමයක් ඇති කරගැනීමේ සහ රාජ්‍යත්‍රාන්තික ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම ඉන්දියාව දිගින් දිගටම අවධාරණය කර ඇති බවය.

Read More

මීළඟ IPL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ව තම කණ්ඩායමේ රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර තිබේ. මේ අතර චාමික කරුණාරත්න ව තම කණ්ඩායමෙන් නිදහස් කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා විය.

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබේ. පෙත්සම්කරු කියා සිටින්නේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවය. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි තැනැත්තියකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවත් එය නීතියට පටහැනි බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.…

Read More