Author: LANKA24X7

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (17) නියෝග කළේය. එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සම්බන්ධ නොමැති බාහිර පාර්ශවයක් පැමිණ තම සේවාදායිකාවට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව සඳහන් කළේය. නඩුවට සම්බන්ධ නොමැති බාහිර පාර්ශවයකට මෙවැනි නියෝගයක් ලබාගැනීමට හැකියාවක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. එබැවින් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබාදී තිබේ.

Read More

ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම සිඩ්නි හී ඩවුනින් මධ්‍යම අධිකරණයේදී අද (17) කැඳවීමට නියමිතව තිබේ. මේ අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බන්ධන්ගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ගේ නීතීඥවරු කළ ඉල්ලීමකට අධිකරණයෙන් ඊයේ (16) අවසර ලැබුණි. ඒ අනුව සිඩ්නි දුම්රිය ස්ථානයක CCTV දර්ශන සහ වෙනත් තොරතුරු ලබා ගැනීමට එම නීතිඥවරුන්ට අවසර දී තිබේ. ධනුෂ්ක ගුණතිලක තමාට ලිංගික අතවර කළ බවට සිඩ්නි තරුණියක් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඔහු පසුගියදා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Read More

සෙට්ටිකුලම පොලිස් වසමේ පෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ කපා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙක් මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මේ පිළිබඳ සෙට්ටිකුලම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 9ක් වූ පිරිමි දරුවෙකි. එම දරුවා මව සහ සහෝදරිය සමග ජීවත්ව ඇති අතර, සෙල්ලම් කරමින් සිටිය දී නිවස ආසන්නයේ ඇති ළිඳට වැටී තිබේ. පසුව මව සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා ගොඩට ගෙන රෝහල්ගත කර ඇති නමුත් ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බව අනාවරණය වී ඇත.

Read More

රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති පදනම් විරහිත ත්‍රස්තවාදී චෝදනා වහා ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වාදෙන්නේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීම නතර කළ යුතු බවය. ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ විරෝධතාකරුවන් රඳවා තබාගැනීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව එම නිවේදනයේ සඳහන් වේ. ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව සාමකාමී රැස්වීම් සංවිධානය කරන හෝ ඒවාට සහභාගී වන…

Read More

හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී රාජකාරියට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් හයදෙනෙකු අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (16) දහවල් පුබුදුපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 220ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලීසිය වෙත රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අදාළ සැකකරුවන්ගේ ඥාතී කාන්තාවන් හයදෙනෙකු පොලිස් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහිදී තුවාල ලැබු පොලිස් නිලධාරියෙක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අඩත්තේට්ටම් කිරීම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ…

Read More

අද දිනයේ සිට් ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව එක්දින සේවය යටතේ විදෙස්ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුව රුපියල් 15,000 සිට රු. 20,000 දක්වා ඉහළ දමා ඇත. මීට අමතරව ඉහළ දමා සේවා ගාස්තු පහතින් දැක්වේ.

Read More

බටපොල කොබෙයිතුඩුව පරිගණක යන්ත්‍රයක චාජර් එක පුපුරා ගොස් එය ක්‍රියාකළ දාහතර හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බලපිටිය රෝහල් පොලීසිය කියයි. බෙන්වල පාර ඉදිකැටිය පදිංචි ඩබ්ලිව්. ඒ.සෙනත් ඉදුවර නමැති සිසුවා බව ද පොලීසිය කියයි. එය පුපුරන අවස්ථාවේදී ඔහු පරිගනකය උකුලේ තබාගෙන ක්‍රියාත්මක කර ඇති බවත් පරිගනකය ඇතැයි පොලීසිය කියයි.

Read More

ස්විස්ටර්ලන්තයට මසකට කිතුල් පැණි ලීටර 10,000 ක් අපනයන කිරීමට පසුගියදා ගිවිසුමට අස්සන් තැබූ බවත් ශ්‍රී ලංකාවෙන් මේ වන විට ප්‍රධාන රටවල් හතරකට කිතුල් පැණි අපනයනය කරන බවත් ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය පිළිබඳ ප්‍රධාන ක්‍රියාකාරිකයා වන ප්‍රියන්ත කුමාර මහතා ඊයේ (16) පැවසීය. දකුණු කොරියාව, ජපානය, එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව යන රටවල්වලට මේ වන විට කිතුල් පැණි අපනයනය කරන බව කී ප්‍රියන්ත කුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන’ හෙවත් ‘සැප් ව්‍යාපෘතිය’ ඒ සඳහා විශාල සහයෝගයක් දක්වන බව ද සඳහන් කළේය. කිතුල් කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ එකම ක්‍රියාකාරිකයා වන තමන් දිස්ත්‍රික්කය 10 ක කිතුල් ගොවීන් 5000 ක් සමඟ…

Read More

කුවේට් රාජ්‍ය විසින් කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතියෝපියානු ජාතික කාන්තාවක්, කුවේට් ජාතික කාන්තාවක්, කුවේට් ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු, සිරියානු සහ පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුට මෙලෙස මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇති බවය. 2017 වසරෙන් පසුව එරට එක් දිනකදී සමූහ වශයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙයයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අදාළ පිරිසට එරෙහිව මරණ දඩුවම නියමවී තිබූ අතර ඔවුන්ට එරෙහිව දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව මානව හිමිකම් සංවිධාන විසින් ද අභියාචනා ඉදිරිපත් කර තිබුණි.

Read More