Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දෙහිවල වායු සමීකරණ අලුත්වැඩියා මධ්‍යස්ථානයක දී පුද්ගලයෙකුට පහර දුන් බවට සැකකෙරෙන පුද්ගලයින් 14 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (09) රාත්‍රීයේ වූ මෙමම පහරදීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ. පහර කෑමට ලක්ව ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
දූෂණ චෝදනා ලබා සිටින නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (9) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. ඒ අනුව අද රාත්‍රී 12.00 සිට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු සියලුම සේවා වාරවලින් ඉවත් වීමට තීරණය කළ බව ද කීය. අදාල නිලධාරියා දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පත් නොකරන ලෙස දිගින් දිගටම දුම්රිය බලධාරීන්ට දැනුම් දුන්න ද ඒ පිළිබඳව අවදානය යොමු නොකරන බව කී කසුන් චාමර මහතා එම සංගමයේ විධායක සභාව හදිසි වැඩවර්ජනයකට යෑමට තීරණ කළ බව ද සඳහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (09) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කෙරුණි. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදීය. 2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට චෝදනා එල්ලවී තිබේ. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පැහැරගෙන යාමට ලක්වූ බව කියන අමිල ප්‍රියංක අමරසිංහ නමැත්තා කියා සිටියේ 2015 වසරේ තමා දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසැලක සේවය කළ බවය. එම වෙළඳසැලට චමිලා ගීතානි නමැත්තිය වරින් වර පැමිණි බවත් පසුව…
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට අද (09) සිට සේවයට වාර්තා කිරීමේ අවස්ථාව ලබාදී තිබේ. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශය තුළම රැකියාවේ නිරත වූ පුද්ගලයින් තමා සේවය කරන ආයතන ප්‍රධානියා හරහා වෙනත් ආසන්න බලප්‍රදේශයක් වෙත ස්ථාන මාරුවක් කර ගත යුතු බවය. එසේ සේවයට වාර්තා කරන පුද්ගලයින්ට සියලු දීමනා සහිතව පූර්ණ වැටුප ලබාදීමට තීරණය කර තිබේ. නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශයට පරිභාහිරව සේවයේ නිරත වන තැනැත්තන්ට ගැටලුවකින් තොරව අද දිනයේ සිට සේවයේ යෙදිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.
රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ යටතේ නව රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනතක් බලාත්මක කිරීමට රජය එකඟ වී තිබුණි. ඒ අනුව 2025 වර්ෂයේ අයවැයත් සමග ක්‍රියාත්මක වන පරිදි එම පනත හඳුන්වා දීම සඳහා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. මැයි 9 අරගලයට අදට (09) වසරක් සැපිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. ලෝක ඉතිහාසයට දරුණු කළු පැල්ලමක් එක්කළ ප්‍රචණ්ඩත්වයේ ඛේදවාචකයට අදට වසරක් සපිරෙන බව ද පැවසු අමාත්‍යවරයා මෙවැනි තත්ත්වයක් යළි දිනක උදානොවීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද පැවසීය. “අපි ඉල්ලා සිටියා ජනාධිපතිතුමාගෙන් ප්‍රචණ්ඩ ප්‍රජාතන්ත්‍ර විරෝධී, තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති දේශපාලනයක් කරන්න, තමන් කැමති සංස්කෘතියක් වැළඳගන්න මනුෂ්‍යායට තියෙන අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්…
ආනයනික තිරිගු පිටි මිල වැඩි කළ ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා. මෙරට බේකරිවලින් 75%ට වඩා වැඩි ප්‍රමාණයක් තිරිඟු පිටි මිල දී ගනු ලබන්නේ මෙරට නිෂ්පාදිත සමාගම් දෙකකින් බවත් එම සමාගම් තම මිල ගණන් වැඩි කළොත් පමණක් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ආනයනික තිරිඟු පිටි සම්බන්ධව සමස්ත බේකරිවලට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි. මෙරට සමාගම් දෙකෙන් තිරිගු පිටි කිලෝවක් රුපියල් 210, 215 මිල ගණන්වලට බේකරිවලට සපයන බවද සභාපතිවරයා සඳහන් කළා.
ශ්‍රී පොදුජන පෙරමුණට ලබාදුන් ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා. ඊයේ (08) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදින් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පොදුජන පෙරමුණේ නොවන බවයි. මේ අතර එක්සත් ජාතික පෙරමුණේ මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත්ව පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ඒ අනුව මෙම උත්සවය මැයි 19 වෙනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා මැති ඇමතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම යුද්ධයේ දී තුවාල ලැබූ රණවිරුවන් හා දිවි පිදූ රණවිරු පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නියෝජ්‍ය සභාපති ඉම්‍රාන් කවාජා (10) මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා. ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ, ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ට දේශපාලන බලපෑම් එල්ලවීම සම්බන්ධයෙන් පවතින පැමිණිලි පිලිබද සොයා බැලීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ බවයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නියෝජ්‍ය සභාපතිවරයාගේ මෙම සංචාරය පිළිබඳ තමන්ව මෙතෙක් දැනුවත් කර නොමැති බව අප කළ විමසීමක දී ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළා. එමෙන්ම තමන් මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ලිපියක් යොමු කල අවස්ථාවේ දී මෙරට ක්‍රිකට් ක්‍රිඩාවට දේශපාලන බලපෑම් ඇති බවට සොයා බැලීමට අවශ්‍යතාවයක් නොමැති බවට ඔවුන් පිළිතුරු ලිපියකින් දැනුම් දුන් බවයි ක්‍රිඩා අමාත්‍යවරයා කියා සිටියේ.