Author: LANKA24X7

වරාය ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ වරාය රුපියල් බිලියන 24 ක ලාභයක් උපයා ඇති බවය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර ඉදිරියේදී තවත් මගී නෞකා 06ක් මෙරටට පැමිණීමට නියමිත බව ද එහිදී වැඩිදුරට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

Read More

sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் දෙපාර්තමේන්තුවකට මිලියන 68 ක පොල්ලක් දෙපාර්තමේන්තුවකට මිලියන 68 ක පොල්ලක් December 3, 2022 07:28 am ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 68 ක මුදලක් අය විය යුතුව පවතින බව වාර්තාවේ. ගබඩා පහසුකම් ලබාගෙන මුදල් නොගෙවූ ආයතන 6කට සහ මේ වනවිට ගබඩා පහසුකම් ලබාදී ඇති ආයතන දෙකකට එරෙහිව නඩු පවරා ඇති බව ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා සඳහන් කළේය. එම දෙපාර්තමේන්තුව සතුව පවතින ගබඩා 120 න් 57 ක් රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෙත ලබාදී ඇති අතර ගබඩාවල ආහාර සංචිත නොමැති වුව ද ඔවුන් ලබාගෙන ඇති ගබඩා සඳහා වන හිඟ මුදල් ගෙවීම අනිවාර්ය වේ. පසුගියදා ආහාර කොමසාරිස්…

Read More

තාවකාලිකව අත්හිටුවා තිබූ වී මෝල් හිමියන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ. ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් අදාළ වැඩසටහන ආරම්භ කිරීමට සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනටමත් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ වී මිලදී ගැනීමේ කටයුතු විධිමත් පරිදි සිදුකිරීමේ අරමුණින් නව මෝල්හිමියන් ලියාපදිංචි කිරීම ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ පිළිබඳව ඉදිරියේදී පුවත්පත් දැන්වීමක් පළ කිරීම මගින් අදාළ ලියාපදිංචි කිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද වී අලෙවි මණ්ඩලය සඳහන් කළේය.

Read More

පුනර්ජනනීය බලශක්ති සංගම් 06ක නියෝජිතයින් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් සිදුව තිබේ. ඊයේ (02) පස්වරුවේ එම හමුව සිදුව ඇති බව අමාත්‍යවරයා පැවසීය. මෙම හමුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන්ද එක්ව සිටි බව සඳහන් වේ.

Read More

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙි වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන්න සූදානම් විය යුතු යැයිද මැතිවරණ කොමිසමේ නිලධාරීනුත් ඩබල් ගේම් දැයි සැකයක් තිබෙන බවද නලින් බණ්ඩාර මහතා කීය. මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පැහැදිලිවම බලය තියෙන බවද බලතල තියෙන්නේ ක්‍රියාත්මක කරන්න මිස කඩුව මැද මැද එහාට මෙහාට ගිහින් ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න නොවේ යැයිද නලින් බණ්ඩාර මහතා පැවසීය. ජනාධිපති දෙන නියෝග අනුව නොව මැතිවරණ කොමිසමේ බලතල අනුව ක්‍රියාත්මක වෙන්නැයි ඉල්ලා සිටින බවද නලින් බණ්ඩාර මහතා කීය.

Read More

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 148කට අධික මුදලක් වැය කර ඇතැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග මත ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් තොරතුරුවලින් හෙළි වෙයි. ඔවුන් පොදුවේ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා වැයකළ මුදලින් සියයට 57 ක ප්‍රමාණයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැය කර ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියයට 43 ක ප්‍රමාණයක් වැය කර ඇත. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 සිට…

Read More

ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනට ආරාධනා කර තිබේ. දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා එම ආරාධනය සිදුකර ඇත. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අධි තාක්ෂණික අංශයේ, කෘෂිකර්මාන්තයේ, ධීවර සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන කිරීම සඳහා මාලදිවයිනට ආරාධනා කරන බවය. එසේම මත්ද්‍රව්‍ය උවදුර පාලනයටත් එක්ව කටයුතු කළයුුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයිනේ උප ජනාධිපති ෆයිසාල් නසීම් මහතා අතර පැවැති හමුවේදී කරුණු සාකච්ඡා වී තිබේ.

Read More

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි. මහා පරිමාණ වකුගඩු ඡාවාරම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී මෙම කරුණු හෙළිවී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි. බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබියදී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය පවසයි. බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙම වෘෂණ කෝෂ දායකයාට අදාළ රෝහල සම්බන්ධ කර ඇති බවත් සැත්කම සදහා දින…

Read More

අතුරුදන්වී සිටින තරුණයෙකු සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ. මාවනැල්ල පොලීසිය දැනුම්දෙන්නේ විදූෂික නවාංජන බණ්ඩාර නමැති 20 හැවිරිදි මෙම තරුණයා අතුරුදන්වී ඇති බවට ඔහුගේ මව විසින් ඉකුත් 19 වනදා පැමිණිල්ලක් සිදුකළ බවය. මව, පියා සහ සහෝදරිය සමග හිඟුල, මානික්කාව වත්ත ප්‍රදේශයේ ජීවත්වී ඇති එම තරුණයා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු 2022 ජුනි මසදී පැවැදිවීම සඳහා පුත්තලම ආණමඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක් වෙත ගොස් තිබේ. පසුව ඔක්තෝබර් මසදී දෙමාව්පියන් බැලීම සඳහා නිවසට පැමිණ නැවත විහාරස්ථානය වෙත යෑම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇත. එසේ යන අතරතුර අවසන්වරට පැමිණිලිකාරියගේ සහෝදරියගේ දුරකථනයට ඇමතුමක් ගෙන කෑගල්ලේ සිටින බවට ප්‍රකාශ කර තිබූ බව…

Read More