Author: LANKA24X7

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මතීෂ පතිරණ සමත්ව තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 8කට සහභාගී වී ඇති මතීෂ ලැබු කඩුලු සංඛ්‍යාව 13කි. ඊයේ (10) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී කඩුලු 3ක් බිඳහෙළමින් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට මතීෂ පතිරණ විශාල දායකත්වයක් ලබාදුන්නේය. මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර තරගය අද (11) පැවැත්විමට නියමිතව තිබේ.

Read More

මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 04 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ අවස්ථාව වන විට පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තම සේවාදායකයින් විසින් දිනයක් නියම කර නොමැති බව සඳහන් කළේය. භාණ්ඩාගාරය විසින් ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල්…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව මෙම සංචාරය සිදුවන බව සඳහන්ය. මෙම නියෝජිත පිරිස ලබන 23 වන දින දක්වා කාලය තුළ දිවයිනේ රැඳී සිටීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී වීමට නියමිතය. අදාළ නියෝජිත පිරිස අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේය. මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව තහවුරු කළ හැකි…

Read More

ජාතික පොලිස් කොමිෂන් සභාව අද (11) රැස්වීමට නියමිතව තිබේ. කොමිෂන් සභාවේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොමිසම රැස්වීමට නියමිත බව වාර්තා වේ. එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතව තිබේ. තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අසාධාරණ බව පවසමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අද දිනයේ පොලිස් කොමිෂන් සභාවේ දී සලකා බලා ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට කටයුතු කරන බව පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. මේ අතර පවතින පොලිස් කොමිෂන් සභාව රැස්වන අවසන් දිනය අද…

Read More

කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16දෙනෙකු පමණ අපයෝජනය කර ලිංගික හිරිහැරයට පත් කළ බව පැවසූ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ප්‍රකාශයක් ලබාදීම සඳහා කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේ දී එලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16ක් සම්බන්ධයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කළේය. කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න…

Read More

දේශීය ණය ප්‍රශස්ථකරණයක දී බැංකු පද්ධතියේ මෙන් ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා 2022 මහ බැංකු වාර්ෂික වාර්තාව පිළිබඳව ඊයේ පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කර සිටියා. ඕනෑම ආකාරයක ණය ප්‍රශස්තකරණයක දී බැංකු පද්ධතියේ ස්ථායිතාව මෙන් ම පොදු තැන්පතු ආරක්ෂා කිරීම සහතික කර ආරක්ෂා කර ගන්නා බවයි ඔහු සඳහන් කර සිටියේ. මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් වන්නේ මූල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වා ගැනීම බව ද ඔහු සඳහන් කර සිටියා. 2027-2032 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික මූල්‍යකරණ සීමාව සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව අවම වශයෙන් දේශීය ණයවල කල්පිරීම දීර්ඝ කළ යුතු අතර, එය දැනට පවතින…

Read More

අද(11) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක ඉක්ම වූ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එහි සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං…

Read More

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා. ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් සහ කළමනාකරණය සහාය වීම සම්බන්ධව සැකකාරියන් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරියක් අවුරුදු 24ත්, 25ත්, 30ත්, 31ත්, 36ත් හා 52ක වයස්වල පසුවන පානදුර, මොරටුව, තඹුත්තේගම, වනාතවිල්ලුව, මැණික්හින්න හා අනුරාධපුර ප්‍රදේශ වල පදිංචිකාරියන්. සැකකාරියන් අද (11) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්දිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read More

රූපලාවන්‍යාගාරයක පැමිණි එහි හිමිකාරියගේ ඒ. ටී.එම කාඩ්පත සොරකම් කර රුපියල් 90598 ක් වටිනා භාණ්ඩ මිළට ගත් කාන්තාව ඊයේ (10) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකට අනුවයි. අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල- පුවක්පිටිය ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 20 ක් වන මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වී ඇත්තේ. සැකකාරිය වරකාපොල හා ගම්පොල යන ප්‍රදේශවල ද මෙවැනි ආකාරයට ATM කාඩ්පත සොරකම් කර දේපල මිලට ගෙන ඇති බවද මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා. සැකකාරිය අද (11) වන අද දින අවිස්සාවේල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අවිස්සාවේල්ල පොලිසිය මේ…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (11) මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ. මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය. මේ වසරේ සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු අගැයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස මෙම නියෝජිත කණ්ඩායම මෙරටට පැමිණෙනු ඇත. මෙම විශේෂ නියෝජිත කණ්ඩායමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද එක්වනු ඇතැයි මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

Read More